• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෝට්ටුවෙන් ඉතාලියට ආවේ මං I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive, Holiday, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගමන දවස් 40යි…

ලොකුම ප්‍රශ්නය වතුර…

අල්ලගත්තත් එවන්නේ නෑ…

ලංකාවයි, ඉතාලියයි, බෝට්ටුවයි අතර තියෙන්නේ කවදාකවත් අමතක කරන්න බැරි පුදුමාකාර සම්බන්ධකමක්. අපි ඒ ගැන මේ ඉතාලි කොලම පටන් ගනිද්දීම කතා කළා. බෝට්ටුවෙන් ඉතාලි ආව ගමන ගැන හරියටම දැනගත්තම ඒ පුදුමය තවත් වැඩි වේවි කියලා මම හිතනවා.(Sri Lanka Latest News)

අද වෙද්දී ලංකාවේ ඉඳන් බෝට්ටුවේ ඉතාලි එන එක මුළුමනින්ම පාහේ නැවතිලා. ඒත් ඒ කාලේ බෝට්ටුවෙන් ඉතාලි ආව බොහෝ දෙනෙක් අදටත් ඉතාලියේ ජීවත් වෙනවා. අද වෙද්දී ඒ බොහෝ දෙනාට ඒක බොහොම සුන්දර මතකයක්.

බෝට්ටුවෙන් ඉතාලි එන එක ගැන අපි පුංචි කාලේ ඉඳන්ම අහලා තියෙනවා. ඉතාලි එනවා කියලා බෝට්ටුවේ දවස් ගානක් තියාගෙන ඉඳලා ආපහු ලංකාවේ කොහෙට හරි ගොඩබස්සපු කතා ගැනත් අහලා තියෙනවා. ඒත් ලංකාවේ ඉඳන් ඉතාලියට ආව බෝට්ටු ගමන ගැන හරියටම දැනගත්තේ ඉතාලියේදී. ඒ, එහෙම ගමන ආව කිහිප දෙනක්ගෙම මතකයන් හාරා අවුස්සන්න ලැබුණට පස්සේ.

ඒ අයගේ අත්දැකීම්වලින් තමයි අපි දැන් මේ ගමන යන්න හදන්නේ. බෝට්ටුවෙන් ඉතාලි එන ගමන කොයි කාලේ මොන විදියට පටන් ගත්තද කියන එක ගැන මට හරි පැහැදිලි කිරීමක් කරන්න බැහැ. 90 දශකයේදී තමයි විශාල වශයෙන් ඒක සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අද අපි කතාකරන්නේ 2000 දශකය මුල් වකවානුවට අයිති ගමනක් ගැන. ඒ හින්දා වෙනත් කාලවකවානුවල මේ ගමන මීට වඩා වෙනස් වෙන්නත් පුළුවන්.

මොන කාලේ මොන විදියට වුණත් මේක නීති විරෝධී වැඩක්. ඒ හින්දා හැම දෙයක්ම සිද්ධ වෙන්නේ බොහොම හොර රහසේ. දන්නා කියන කෙනකුගේ හිතවත්කම් හරහා පමණයි මේ ගමනට සම්බන්ධ වෙන්නෙ පුළුවන්. නියමිත මුදල් ගනුදෙනු වෙන්නෙත් ඒ හරහා. පොරොන්දු වූ මුළු මුදලම දුන්නට පස්සේ තමයි ගමන යන්න පුළුවන්.

ඒ සියලු කටයුතු සම්පූර්ණ වුණාම නියමිත දිනයක්, වෙලාවක් වගේම නියමිත තැනකුත් ලබාදෙනවා. ඊට පස්සේ වාහනයකින් ජනාකීර්ණ නොවන මුහුදු වෙරළකට ගිහින් එතැනින් තමයි ලංකාවෙන් පිටත් වෙන එක සිද්ධ වෙලා තියෙන්නේ. ලංකාවේ බටහිර සහ වයඹ පැත්තට වෙන්න පිහිටි වෙරළක් තමයි ඒ සඳහා යොදාගන්නේ.

ඉතාලිය බලා පිටත්වෙන ප්‍රධාන බෝට්ටුවට කුඩා වෙරළකට ළංවෙන්න බැහැ. ඒ හින්දා කුඩා බෝට්ටුවලින් කිහිප සැරයකට පිරිස නංවාගෙන මුහුද මැද තියෙන ප්‍රධාන බෝට්ටුව වෙත ගෙනයන එක තමයි ක්‍රමය. සමහර වෙලාවට අනෙක් කණ්ඩායම් එනකම් කලින් ගිය අයට දිනක් දෙකක් ලංකාවේ මුහුදු සීමාවේම රැඳී ඉන්න සිදුවුණු අවස්ථාත් තියෙනවා.

ධීවර කර්මාන්තය සඳහා යොදාගන්නා බහුදින ධීවර යාත්‍රා තමයි මේ ගමනට යොදාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් එක් කණ්ඩායමකට 35ක 40ක පිරිසක් මේ ගමනට එකතු වෙලා තියෙනවා. ඒ පිරිසට අවශ්‍ය කෑම බීම, පානීය ජලය වගේම ඩීසල් බැරල් විශාල ප්‍රමාණයකුත් ඒ යාත්‍රාවේ සූදානම් කරලා තියෙනවා. ලංකාවේ ඉඳන් ඉතාලි මුහුදු සීමාවට ළං වෙන්න ඒ කාලේ බොහෝ විට ගතවෙලා තියෙන්නේ දින හතළිහකට ආසන්න කාලයක්. කොහොමත් බහුදින ධීවර යාත්‍රා දින තිහ හතළිහක් මහ මුහුදේ රැඳී ඉන්න හින්දා ඒ යාත්‍රාවලට නම් ඒක මහා ලොකු දෙයක් නෙවෙයි. යාත්‍රාවේ සේවකයන් කිහිප දෙනාටත් ඒක අමුතු දෙයක් නොවෙන්න පුළුවන්.

ඒත් මේ ගමන ආව බොහෝ දෙනකුට ඒක සෑහෙන්න අමාරු කාලයක්. අදත් ඒ අය ඒ කාලය මතක් කරන්නේ ජීවිතේ ගතකෙරුව අවිනිශ්චිතම කාලය විදියට. අමාරුම කාලය විදියට. මොකද එහෙම ආව බොහෝ දෙනකුට මුහුද කියන්නේ හුරුපුරුදු දෙයක් නෙවෙයි. ඒ බොහො දෙනෙක් රැල්ල පාගන්න විතරක් මුහුදු වෙරළට ආව ගිය අය. ජීවිතේ එක පාරකට දෙපාරකට වඩා මුහුද දැකපු නැති අයත් ඒ ගමන ඇවිත් තියෙනවා. ඉතිං එහෙම පිරිසක් හරි ආවරණයක් නැති ධීවර යාත්‍රාවක දවස් හතළිහක් මහ මුහුදේ ගමන් කරනවා කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියලා හිතාගන්න පුළුවන්ද?

සියලු දෙනාම වෙනුවෙන් සැකසෙන්නේ එකම කෑම වේලක් විතරයි. කැමැති වුණත් අකැමැති වුණත් වෙනත් තෝරාගැනීම් නැහැ. බීමට වතුරත් සුළු ප්‍රමාණයක් විතරයි. බහුදින ධීවර යාත්‍රාවක හතළිස් දෙනෙක් ගමන් කරද්දී තියෙන තදබදයත් සුළුපටු නැහැ. නිදාගන්න එකට වුණත් තියෙන්නේ සීමිත ඉඩ ප්‍රමාණයක් විතරයි. ශාරීරික අවශ්‍යතා වගේම නාන එකත් කරන්න වෙන්නේ මුහුදත් එක්ක. යාත්‍රාවේ කෙළවරක ඉඳන් කඹයක් දාපු බාල්දියකින් මුහුදු වතුර ඇදලා නාන එක තමයි කරන්නේ. ඒ සමහර වෙලාවට සමහර අයව මුහුදට වැටෙන්න ගිය අවස්ථාත් ඕනෑ තරම්. ඒ මුහුදු රළට බාල්දිය ඇදිලා යෑම හින්දා. ඒ හින්දා මේ ගමන පුරාවට හිතේ හැටියට නාගන්න එකවත් හැමෝටම කරන්න ලැබිලා නැහැ. ඒත් ඒ හැම අපහසුකමක්ම දරාගෙන තමන්ගේ ඉලක්කයට යන්න ඒ මිනිස්සුන්ට හිතේ හයිය තිබිලා තියෙනවා.

අනිත් එක තමයි මේ වගේ ගමනක් යද්දී දැනෙන තනිකම සහ පාළුව. ලංකාවෙන් පිටට යන්න මොන තරම් ආශා වුණත් ඒක හරිම අමාරු වැඩක් කියලා දන්නේ ඒ ගමන ගිහින් තියෙන අය විතරයි. අද කාලේ පැය කිහිපයක ගුවන් ගමනකින් එහෙම යන එකත් හරිම අමාරු නම් තමන්ගේ සමීපතමයන් එක්ක කිසිම තොරතුරක් හුවමාරු කරගන්නේ නැතුව කෙළවරක් නොපෙනන මහ මුහුද මැද්දේ දවස් හතළිහක ගමනක් ගිය ඒ මිනිසුන්ගේ ආත්මශක්තිය ගැන මට නම් පුදුමයි.

ඒ ගමන පුරාවට ඔවුන්ගේ පාළු මැකුවේ මහ මුහුද විතරයි. ඉර නැගෙන හැටි බහින හැටි බලාගෙන රෑ අහසේ සඳයි තරු රටායි බලාගෙන අනාගතය ගැන සුබ සිහින මවමින් ඔවුන් ඒ කාලය ගතකළා. ඒ අතරතුර මහ මුහුද මැද දැකපු දෘෂ්ටි මායාත් ඕනෑ තරම්. ලංකාවේ බටහිර වෙරළෙන් මුහුදට දියත් වුණු මේ යාත්‍රාවලට ඊළඟට හමුවෙන නැවතුම තමයි ඊජිප්තුව. සාමාන්‍ය ධීවර යාත්‍රාවකින් ගියත් මේක ජාත්‍යන්තර සබඳතා එක්ක යන ගමනක් කියන එක බොහෝ දෙනකුට තේරෙන්නේ. මොකද ඊජිප්තුවේ වරායට සේන්දු වෙද්දිම ‍යාත්‍රාවට අවශ්‍ය ඩීසල් සූදානම් වෙලයි තියෙන්නේ. ඒ සඳහා මුදල් පවා ඒ වෙද්දිම ගෙවලා. මේක ඒ වගේ සැලසුම්සහගත ගමනක්.

මේ ගමන පෙරදිග ඉඳන් අපරදිගට යන ගමනක්. හැබැයි මහ සාගරය ජය ගනිමින් අපරදිග ජාතීන් පෙරදිගට ආවේ මීට සියවස් ගානකට කලින්. කොන්ස්තන්තිනෝපල් නගරය තුර්කිවරුන් අතට පත්වීමත් එක්ක කුළුබඩු සොයාගැනීමේ අරමුණෙන් පෘතුගීසින් ඇතුළු අපරදිග ජාතීන් මහ මුහුද හරහා පෙරදිගට ගමන් කරන්න පටන් ගත්තේ 15 වැනි සියවසේදී. යුරෝපයේ ඉඳන් දකුණු අප්‍රිකාවේ සුබ පැතීමේ තුඩුව හරහා තමයි ඔවුන්ගේ මග වැටිලා තිබුණේ.

ඒත් පෙරදිග ඉඳන් අපරදිගට යන අපේ ගමන් මග ඊට වෙනස්. ඉන්දියන් සාගරයෙන් අරාබි මුහුද හරහා රතු මුහුදට ඇතුළු වන බෝට්ටුව ඊළඟට ඇතුළු වෙන්නේ සූවස් ඇළට. සූවස් ඇළ හරහා තමයි මේ ගමන යුරෝපයට එන්නේ. සූවස් ඇළ ගොඩනගලා තියෙන්නේ ප්‍රවාහනය සඳහාමයි. ඒත් එහි වැඩි වශයෙන් ගමන් කරන්නේ විශාල ප්‍රමාණයේ මගී සහ භාණ්ඩ ප්‍රවාහන නෞකා. ඒ නෞකා මැදින් මේ පුංචි බෝට්ටුව ගමන් කරද්දී එහි ගැස්සීම දෙගුණ තෙගුණ වෙනවා. ඒත් තමන්ගේ ජීවිතේ පිළිබඳ පවා අවිනිශ්චිත මේ වගේ ගමනක් යද්දිත් ඒ දේවල් සුන්දර මතක විදියට විඳගත්ත අපූරු මිනිස්සු ඒ බෝට්‍ටුවල ඉඳලා තියෙනවා.

අපි මේ කතා කරන්නේ මීට අවුරුදු විස්සකට කලින් අතීතයක් ගැන. ඒ වෙද්දී ජංගම දුරකතන කියන්නෙත් ලංකාවට අලුත් දෙයක්. ඨඡී පහසුකම් වගේ දේවල් ජංගම දුරකතනවලට එන්න හිතලවත් නැහැ. පෞද්ගලිකව මම මේ වගේ යාත්‍රාවක වැඩිම දුරක් ගිහින් තියෙන්නේ කච්චතිව් යද්දී. ඒ, මීට අවුරුදු තුන හතරකට කලින්. යාපනේ කුරිකඩ්ඩුවාන් ජැටියේ ඉඳන් යන ඒ ගමන පැය පහක හයක එකක්. හැබැයි මම ගිය අවස්ථා දෙකේදීම අපේ යාත්‍රාකරුවන්ට පාර වැරැදුණා.

ඒ අය ඊට පෙරත් කිහිප වරක්ම ඒ ගමන ගිහින් තිබුණු අය. ඨඡී තාක්ෂණයෙන් ජංගම දුරකතන හරහා අපි ඉන්න තැන ගැන අපිත් දැනගෙන හිටියා. එහෙම දැනං ඉඳලත් අපි එක් අවස්ථාවක ඉන්දියාවේ ධනුෂ්කොඩි කිට්‍ටුවටම ගියා. නාවික හමුදාවෙන් ඇවිත් තමයි අපිට හරි පාර පෙන්නුවේ. ඉතිං මෙච්චර පහසුකම් තියෙන මේ කාලෙත් එහෙම වෙද්දී බහු දින ධීවර යාත්‍රාවේ තිබුණු එකම එක තාක්ෂණික උපකරණය භාවිත කරමින් ලංකාවේ ඉඳන් සූවස් ඇළ හරහා ඉතාලියට ආව ඒ යාත්‍රිකයෝ ගැන වුණත් මට දැනෙන්නේ පුදුමයක්. මොකද එහෙම ආව කිසිම කෙනෙක් ඊට පෙර ඒ ගමන ඇවිත් තිබුණු අය නෙවෙයි.

ලංකාවේ ඉඳන් විතරක් නෙවෙයි ලෝකෙ මොන රටේ ඉඳල ආවත් ඉතාලි මුහුදු සීමාවට ඇතුළු වුණු සැණින් ඒ සියලු දෙනා ඉතාලි ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්වෙනවා. එතැන ඉඳන් ඉතාලි ආරක්ෂක අංශ මගින් ඔවුන්ව ඉතාලියට රැගෙන ඇවිත් කඳවුරුගත කිරීම සිද්ධ කරනවා. ඉතාලි මුහුදු සීමාවට පැමිණෙන කිසිම කෙනෙක් ආපහු හරවා යවන්නේ නැහැ. යම් යම් ප්‍රශ්න කිරීම්වලට පස්සේ ඒ අයට නිදහස ලැබෙනවා.

හැබැයි අත්අඩංගුවට පත්වෙලා ගොඩබිමට ගෙනාවට පස්සේ ලංකාවට දුරකතන ඇමතුම් ගන්න පවා පහසුකම් ඔවුන් සලසලා තියෙනවා. ඉතාලියේ මානුෂිකත්වය ඒ තරම්ම ඉහළයි. බෝට්ටුවේ සේවකයන්ටත් ඉරණම ඒකමයි. බෝට්ටුවේ යාත්‍රිකයා පවා මේ ගමන මීට කලින් ඇවිත් නෑ කිව්වේ ඒකයි. ඒ කාලේ නම් එතැන ඉඳන් අවුරුද්දක් දෙකක් යද්දී නීත්‍යනුකුල විදියට නැවත ලංකාවට ගිහින් එන්න පවා ඒ අයට හැකියාව ලැබිලා තියෙනවා.

මේ වෙද්දී ලංකාවේ ඉඳන් මේ ගමන එන්නේ නැති වුණත් පාකිස්තානය වැනි ආසියාතික රටවලින් අදටත් මෙහෙම එන අය ඉන්නවා. ගිය මාසේ දවසක එහෙම ආව එක් යාත්‍රාවක් ඉතාලිය පෙනි පෙනී ගිනිගන්න හැටි ප්‍රවෘත්ති හරහා විකාශනය වුණා. කනගාටුවට කරුණ නම් ඒ යාත්‍රාවේ තිබී ශ්‍රී ලාංකකියන් දෙදෙනකුගේ ජාතික හැඳුනුම්පත්ද හමුවෙලා තිබුණා. ඉතිං මීට අවුරුදු විස්සකට තිහකට කලින් ඒ වගේ අවස්ථා මොන තරම් නම් තියෙන්න ඇතිද? බෝට්ටුවේ ඉතාලි ඇවිත් තමන්ගේ සිහින ජයගත්ත මිනිස්සු ගැන මම පුදුම වෙන්නේ මේ හැම දෙයක්ම හින්දයි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සූරියවැව පොළොව හෙල්ලෙයි! ටයිල් කැට උඩ යන්න පටන් ගනී! ගමම බයබිරාන්ත වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ග්‍රේට් වෙස්ටර්න් කන්දේදී මියගිය කාන්තාවගේ සිරුර ගෙන ඒමට ගිය හමුදා සෙබළෙකු මරුට! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.