• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතිවාදී කෝලාහල නිසා ශ්‍රී ලංකාවට අහිමි වූ BBC මාධ්‍යවේදියා ජෝර්ජ් අලගයියා නැතිවුණා I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive, News
Reading Time: 12 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බීබීසී පුවත් සේවයේ දීර්ඝතම කාලයක් සේවය කළ සහ වඩාත්ම ගෞරවයට පාත්‍ර වූ මාධ්‍යවේදියකු වන ජෝර්ජ් අලගයියා පිළිකා රෝගයෙන් පෙළෙන බව හඳුනාගෙන වසර නවයක් ගතවීමෙන් පසු 67 වැනි වියේදී අභාවප්‍රාප්ත වී තිබේ. ඔහුගේ නියෝජිතයකු නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ඔහු ‘සිය පවුලේ සහ ආදරණීයයන් මධ්‍යයේ මියගිය’ බවය.(Sri Lanka Latest News)

‘මිතුරෙකු හෝ වේවා, වෘත්තීය සගයකු හෝ වේවා, සාමාන්‍ය පුද්ගලයකු හෝ වේවා ඔහු ගැන දැන සිටි සියලු දෙනාම ජෝර්ජ්ට ගොඩක් ආදරය කළා.’

‘සරලව කිව්වොත් ඔහු අපූරු මනුෂ්‍යයෙක්. ෆ්‍රාන් (බිරිඳ), දරුවන් සහ සමස්ත පවුලට මගේ සංවේගය පළ කරනවා’ ඇය පැවැසීය.

අලගයියා සඳුදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වූ අතර, ‘නීරස අවසානය තෙක් ඔහු සටන් කළ’ බව ඔහුගේ නියෝජිතවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

බීබීසී අධ්‍යක්ෂ ජනරාල් ටිම් ඩේවී ප්‍රකාශ කළේ, ‘බීබීසී සේවය පුරා, අප සියලු දෙනා ජෝර්ජ් පිළිබඳ ප්‍රවෘත්තිය අසා අතිශයින් සංවේගයට පත්වුණා. මේ මොහොතේ අප සිතන්නේ ඔහුගේ පවුලේ සාමාජිකයන් ගැනයි.’

‘ජෝර්ජ් යනු ලොව පුරා නොබියව පුවත් වාර්තාකරණයේ යෙදුණු සහ දෝෂ රහිතව ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ඔහුගේ පරම්පරාවේ හොඳම සහ නිර්භීත මාධ්‍යවේදීන්ගෙන් කෙනෙකි. ඔහු හුදු කැපීපෙනෙන මාධ්‍යවේදියකුට වඩා ඉහළින් සිටි අතර, ඔහුගේ කරුණාව, සංවේදනය සහ අපූරු මනුෂ්‍යත්වය ප්‍රේක්ෂකයන්ට සංජානනය විය. ඔහු සියලු දෙනාගේ ආදරයට පාත්‍ර වූ අතර ඔහුගේ වියෝව අපට විශාල පාඩුවකි…’

බීබීසී ජාත්‍යන්තර කටයුතු සංස්කාරක ජෝන් සිම්ප්සන් නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වුණේ, ‘වඩා මෘදු, වඩා කාරුණික, වඩා තීක්ෂණ බුද්ධියක් සහිත ඔහු වැනි නිර්භීත මිතුරකු සහ සගයකු සොයාගැනීම දුෂ්කර වනු ඇත….’

BBC ප්‍රධාන ජාත්‍යන්තර වාර්තාකරු ලයිස් ඩවුසෙට් ඔහුව හැඳින්වූයේ ‘විශිෂ්ට විකාශකයෙක්’, ‘කාරුණික සගයෙක්’ සහ ‘හිතවත් මාධ්‍යවේදියෙක්’ ලෙසිනි.

ක්ලයිව් මයිරි, BBC News at One ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය, ‘පෞද්ගලික සටහනක්, ජෝර්ජ් මේ ප්‍රවෘත්ති කාමරයේදී, ඔහුගේ කරුණාව සහ ත්‍යාගශීලී බව, ඔහුගේ උණුසුම මෙන්ම හාස්‍යයෙන් අප සියල්ලන්ම ස්පර්ශ කළා. අපි ඔහුට ආදරය කළා, මම ඔහුට මගේ උපදේශකයකු, සගයකු සහ මිතුරකු ලෙස ආදරය කළා….’

LBC පුවත් සේවයේ සංගීතා මිස්කා, Guardianහි පිප්පා ක්‍රීරර් සහ Sky Newsහි මාර්ක් ඔස්ටින් ඔහුට උපහාර පුදකළ සෙසු මාධ්‍යවේදීන් අතර වූහ.

ඔස්ටින් පළ කළ ට්වීට් පණිවුඩයේ දැක්වුණේ, ‘මේ පුවතෙන් මගේ හදවත කඩා වැටුණා. හොඳ මනුස්සයෙක්, මගේ තරගකාරී විදේශ මාධ්‍යවේදියෙක්, ඒ සියල්ලටම වඩා හොඳ මිතුරෙක්. හොඳ පුවත්පත් කලාව සහකම්පනය ගැන නම්, බොහෝ විට, ජෝර්ජ් අලගයියා එහි විශිෂ්ටයෙක්‍….’

බි්‍රතාන්‍ය ආසියානු වාර්තාකරුවන්ට අලගයියා බලපෑ ආකාරය මිස්කා සඳහන් කර තිබිණි.

‘මම කුඩා කාලයේදී බීබීසී පුවත් සේවයේ ජෝර්ජ් අලගයියා රූපවාහිනියේ ඉන්න වෙලාවට මගේ තාත්තා කෑගහලා කියනවා, ‘ජෝර්ජ් ඉන්නවා’ කියලා. අපි බි්‍රතාන්‍ය – ආසියානු මාධ්‍යවේදීන්ගේ පරම්පරා ගණනකට ආකර්ෂණයක් වූ කෙනාව බලන්න දුවගෙන යනවා. ඒක මුළු එක්සත් රාජධානිය පුරාම අනුගමනය කළා. ඔබට ස්තුතියි ජෝර්ජ්‍. සමාදානයේ සැතපේවා….’

බීබීසී උතුරු ඇමෙරිකා හිටපු සංස්කාරක යොන් සෝපෙල් ලියා තිබුණේ, ‘අපූරු මාධ්‍යවේදියකු සහ විශිෂ්ට නිවේදකයකු ලෙස ඔහුට නිසි උපහාරය පුද කරන්නෙමි. එහෙත්, ජෝර්ජ් යනු මා සමග වැඩකළ වඩාත් විනීත, වඩාත් ප්‍රතිපත්තිගරුක, වඩාත් කාරුණික, වඩාත් ගෞරවනීය පුද්ගලයා යි. (ඔහුගේ වියෝව) මොන තරම් පාඩුවක්ද?’

බීබීසී ආරක්ෂක වාර්තාකරු ෆ්‍රෑන්ක් ගාඩ්නර් 2004 දී තමා සෞදි අරාබියේදී අල්කයිඩා ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා සිටියදී අලගයියා ඔහු බැලීමට රෝහලට පැමිණි බව සිහිපත් කළේය.

‘ඔහු මට ඔහුගේ පොත වන A Passage to Africa අරගෙන ආවා, අපි ඔහු ආදරය කළ මහාද්වීපය ගැන පැය ගණන් කතා කළා. ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන. ඔහු සැබෑ මාධ්‍යවේදියෙක් සහ විශිෂ්ට කතුවරයෙක්.’

ජෝර්ජ් අලගයියා පිළිබඳ මතක ආවර්ජනය

ජෝර්ජ් අලගයියා 1990 ගණන්වල මුල් භාගයේ සෝමාලියාවේ සාගතය සහ යුද්ධය පිළිබඳ වාර්තාකරණ වෙනුවෙන් සම්මාන දිනාගත් අතර, උතුරු ඉරාකයේ කුර්දිවරුන්ට එරෙහිව සදාම් හුසේන්ගේ ජන සංහාරක ව්‍යාපාරය පිළිබඳ ආවරණය කිරීම වෙනුවෙන් 1994 දී Bafta සම්මානයට නිර්දේශ විය.

බුරුන්ඩිහි සිවිල් යුද්ධය වාර්තා කිරීම වෙනුවෙන් 1994 දී ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්හි වසරේ මාධ්‍යවේදියා ලෙස ද ඔහු නම් කරන ලද අතර රුවන්ඩාවේ ජන සංහාරය පිළිබඳ වාර්තා කළ පළමු බීබීසී මාධ්‍යවේදියා ද විය.

ළමා කාලයේදී ඝානාවට සහ පසුව එංගලන්තයට යාමට පෙර, ජෝර්ජ් මැක්ස්වෙල් අලගයියා කොළඹදී උපත ලැබීය.

ශ්‍රී ලංකාව පිළිබඳ කුඩා කාලයේ ඔහුගේ ඇති ප්‍රධාන මතකය වූයේ, මෙරටින් පිටවී යාමය. එවකට වාර්ගික ප්‍රචණ්ඩත්වයේ ගිලී පැවති සිලෝන් නමින් හැඳින්වුණු ශ්‍රී ලංකාවේ වාසය කළ ඔහුගේ මවුපියෝ ක්‍රිස්තියානි දෙමළ ජාතිකයෝ වූහ.

ඔහු පියා වූ, ඩොනල්ඩ්, ජල සම්පාදනය සහ වාරිමාර්ග පිළිබඳ ඉන්ජිනේරුවරයකු විය. තමාගේම රට තුළ ආගන්තුක සහ අනාරක්ෂිත බවක් දැනුණු ඔහු, නව සහ වඩා හොඳ ජීවිතයක් සෙවීම සඳහා තම තරුණ පවුල අප්‍රිකාවට රැගෙන ගියේය.

එම පවුල මුලදී එහි සමෘද්ධිමත්ව වාසය කළ නමුත්, කුමන්ත්‍රණයක් හේතුවෙන් ඝානාවේ වාතාවරණය ව්‍යාකූල වූ පසු ඇලගායාගේ දෙමාපියෝ සිය දරුවන්ට එංගලන්තයේ අධ්‍යාපනය ලබාදීමට තීරණය කළහ. වයස අවුරුදු 11 දී, ඔහුගේ පියා ඔහුව පෝර්ට්ස්මවුත්හි බෝඩිමක රඳවා ගියේය. එම අවස්ථාවේ ඔවුන් දෙදෙනාටම කඳුළු දරාගැනීමට සිදුවිය.

වෙනස්වීම්වලට මුහුණ දුන් ඔහුගේ ළමා කාලය සහ උකහාගැනීම ඔහුගේ පෞරුෂය හැඩගස්වා ගැනීමට සහ ඔහුගේ වෘත්තීය විනිශ්චය දියුණු කර ගැනීමට උපකාරී විය.

ඇතැම් විට ජාතිවාදය පැවතිණි. තද පැහැති සමක් සහිත එකම පිරිමි දරුවා ඔහු විය. ‘Bongo Bongo land’ යනුවෙන් ඔහු උපහාසයට ලක්විය. ඔහු සිය නම නිවැරදිව උච්චාරණය කරන ලෙස ඉල්ලා සිටීම නවතා දැමීය. (ඔහුගේ පවුලේ සාමාජිකයන් එය උච්චාරණය කළේ, ‘උල්ලහියා’ යනුවෙනි.

‘ඒ දවස්වල’ ඔහු ආවර්ජනය කළේ, ‘ඔබට උපහාසාත්මක නමක් තිබුණේ නම් ඔබත් සමාව ඉල්ලන්න තිබුණා.’ විකල්පය වූයේ, වසන්ත තණබිමක ශාක ගොන්නක ඇති නොගැළපෙන පතොක් ගසක් මෙන් එහි ඇලී සිටීමයි.’

එහෙත්, යම් ආකාරයකින්, එංගලන්තයේ ඔහුගේ පාසල (ශාන්ත ජෝන් විද්‍යාලය) සංවෘත හා යථාර්ථවාදී නොවූ සමාජයක් වූ අතර, එහි බිත්තිවලින් පිටත සිදුවෙමින් පවතින විශාල සමාජ වෙනස්කම්වලින් ඔහුව වෙන්කර තැබීය. ඒ අනුව, රටේ බොහෝ ප්‍රදේශවල සංක්‍රමණික විරෝධී හැඟීම් බොහෝ දුරට ඔහුට නොදැනිණි.

ඔහු හැදී වැඩෙන විට, ඔහු විශ්වාස කළේ, ‘සෑම මොහොතකම ජාතිය පරදවා පන්තිය ජය ගන්නා’ රටක ‘නිවැරදි ආකාරයේ’ විදේශිකයකු බවට පත් විය යුතු බවය.

පසුව, ඔහු ඩර්හැම් විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහිදී ඔහුට ෆ්‍රාන්සෙස් රොබර්දන් හමු වූ අතර පසුව ඇය සමග විවාහ විය.

උපාධිය ලබාගැනීමෙන් පසු, ඔහු South Magazine ආයතනයේ වසර හතක් සේවය කළ අතර, අසමාන ලෝකයක් අස්ථායී එකක් ලෙස පින්තාරු කළ එහි සංස්කාරක ගමන් මග පිළිබඳ ආඩම්බර විය.

ඔහු 1989 වසරේදී විදේශ කටයුතු පිළිබඳ මාධ්‍යවේදියකු ලෙස බීබීසී සේවයට එක්වූ අතර, සිය ළමා කාලය ගෙවූ අප්‍රිකාවේ වාර්තාකරු බවට පත්විය.

එය නිරන්තරයෙන් පීඩාකාරී අත්දැකීමක් විය. ඔහු ලයිබීරියාවේ ළමා සොල්දාදුවන්, උගන්ඩාවේ සමූහ දූෂණවල වින්දිතයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අතර, සෑම ප්‍රදේශයකම පාහේ දක්නට ලැබුණු කුසගින්න සහ රෝගී තත්ත්වයන් ඔහු අත්දැක්කේය.

‘අප්‍රිකාවේ අලුත් පරම්පරාවක් බිහි වී තිබේ,’ ඔහු ලිවීය. ‘මගේ පරම්පරාව, නිදහසේ දරුවන්, නිදහසින් පසු එම ප්‍රීතියේ වසරවල ඉපදී අධ්‍යාපනය ලැබූ අපට අවස්ථාවක් ලැබී තිබුණා. අපි ඒකෙන් වැඩි යමක් කළේ නැහැ….’

ඔහු 1999 වසරේදී කොසෝවෝහි වාර්ගික පවිත්‍රකරණයේ පළමු ඡායාරූප කිහිපය විකාශය කළ අවස්ථාව ඔහුගේ ආඩම්බර වෘත්තීය අවස්ථාවන්ගෙන් එකක් විය.

ඉන්දියාවේ මිනිස් අවයව වෙළෙඳාම, බ්‍රසීලයේ වීදි දරුවන්, ඇෆ්ගනිස්ථානයේ සිවිල් යුද්ධය සහ ඉතියෝපියාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ඔහු ආවරණය කළ අනෙකුත් සිද්ධි අතර විය.

ඔහු සම්මුඛ සාකච්ඡා පැවැත්වූවන් අතර, දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා, අගරදගුරු ඩෙස්මන් ටුටූ, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කොෆී අනන් සහ සිම්බාබ්බේ ජනාධිපති රොබර්ට් මුගාබේ ද විය.

ඔහුගේ ප්‍රවෘත්ති නිවේදන කටයුතු දෙස යොමු වීමේදී, 2003 වසරේදී Six O’Clock News හි ප්‍රධාන නිවේදකයකු බවට පත්වීමට පෙර ඔහු One O’Clock News, Nine O’Clock News සහ BBC Four News ඉදිරිපත් කළේය.

ඔහු 2004 දෙසැම්බර් සුනාමියෙන් පසු ශ්‍රී ලංකාවේ සිට ප්‍රවෘත්ති වැඩසටහන් මෙහෙයවූ අතර, කැටි්‍රනා සුළි කුණාටුවෙන් පසුව නිව් ඕර්ලීන්ස් සිට සහ 2005 දකුණු ආසියානු භූමිකම්පාවෙන් පසු පාකිස්තානයේ සිට වාර්තාකරණයේ නිරත විය.

මාධ්‍ය ක්ෂේත්‍රයට ඔහු කළ සේවාව අගයමින් 2008 වසරේදී බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ නිලධාරී (OBE) තනතුරකින් පිදුම් ලැබීය.

‘ශක්තිමත්ව සහ අභිප්‍රේරිතව’

2014 වසරේදී අලගයියාගේ පිළිකාව මුලින්ම හඳුනාගැනීමෙන් පසු, එය ඔහුගේ අක්මාව සහ වසා පද්ධතිය වෙත පැතිර ගිය අතර, ඔහුගේ අක්මාවෙන් වැඩි කොටසක් ඉවත් කිරීම ඇතුළුව කීමෝතෙරපි සහ සැත්කම් කිහිපයක් ද කිරීමට සිදුවිය.

ඔහු 2015 දී නිවේදන වෘත්තියට නැවත පැමිණීමෙන් පසු අත්දැකීම් සම්බන්ධයෙන් තමන් ‘වඩා ධනවත් පුද්ගලයකු’ බව පැවැසූ අතර, ප්‍රවෘත්ති කාමරයේ වැඩ කිරීම ‘ශක්තිමත්භාවය සහ අභිප්‍රේරණය

පවත්වා ගැනීමේ වැදගත් කොටසක්,’ බව පැවසීය.

ඔහුට ප්‍රතිකාර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී රැකියාවෙන් විවේක ගැනීමට සිදුවූ අතර, 2022 වසරේ ජනවාරි මාසයේදී ඔහු පැවැසුවේ, පිළිකාව ‘සමහර විට මට අවසානයේ ලැබෙනු ඇතැයි’ ඔහු සිතූ නමුත් ඔහුට තවමත් ‘ඉතා වාසනාවන්ත’ බවක් දැනෙන බවය.

2022 වසරේදී Desperately Seeking Wisdom පොඩ්කාස්ට් වැඩසටහන සමග අදහස් දක්වමින් ඔහු පැවැසුවේ, ඔහුගේ පිළිකාව මුලින්ම හඳුනාගත් අවස්ථාවේ, තමන් ‘කළ යුතු දේ’ තේරුම් ගැනීමට මඳ වේලාවක් ගතවූ බවය.

‘මට නැවතිලා කියන්න සිදුවුණා, මිනිත්තුවක් ඉන්න. දැන් නැවතීමේ තිත පැමිණ තිබේ නම්, මගේ ජීවිතය අසාර්ථක එකක්ද? කියලා.’

‘ඇත්තටම මම ආපසු හැරී බලන විටත්, මම පැමිණි ගමන්මග දෙස බලන විටත්… මට ලැබුණු පවුල, මගේ පවුලට ලැබුණු අවස්ථා, දැන් මගේ බිරිඳ වෙලා ඉන්න මහාර්ඝ වස්තුව සහ මේ මුළු කාලය පුරා ලැබුණු ආදරය, අපි හදාවඩාගත් දරුවන්…. මට දැනෙන්නෙ නෑ අසාර්ථකයි කියලා.’
අලගයියාට සහ ෆ්‍රාන්සෙස්ට දරුවන් දෙදෙනෙක් සිටිති.

ආන්ත්‍රික පිළිකාවේ රෝග ලක්ෂණ මොනවාද?

• මලපහ කිරීමේ පුරුද්දේ වෙනසක් ඇති වීම, නිරන්තරයෙන් බඩ එළිය යාම සහ ඇතැම් විට උදරයේ වේදනාවක් ඇති වීම.
• වෙනත් රෝග ලක්ෂණ නොමැතිව මලපහ සමග රුධිරය පිටවීම.
• උදරයේ වේදනාව, ආහාර ගත් සෑම විටම අසහනකාරී තත්ත්වයක් හෝ බඩ පිපීම. ඒ මගින් ඇතැම් විට ගන්නා ආහාර ප්‍රමාණය අඩු වීම සහ ශරීරයේ බර අඩු වීම.

මෙවැනි රෝග ලක්ෂණ සහිත බොහෝ දෙනකුට ආන්ත්‍රික පිළිකා නොමැත. කෙසේ වෙතත්, එම රෝග ලක්ෂණවලින් කිහිපයක් ඇත් නම් එමෙන්ම එම ලක්ෂණ සති 4කට වඩා කාලයක් පවතී නම් ඔබගේ වෛද්‍යවරයා මුණගැසෙන ලෙස ජාතික සෞඛ්‍ය සේවාව උපදෙස් දෙයි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ත්‍රීවීල් එකෙන් වැඩ දාන වීඩියෝ ෆේස්බුක් දාපු තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනෙන් හමුවූ මියගිය කාන්තාවගේ සිරුරේ ‘මධුශංක’ යනුවෙන් පච්චයක්! Sri Lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.