• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් හදන්න රනිල් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 8 mins read
A A
මාස 6ක් ඇතුළත නව වෛද්‍ය පනතක් හදන්න රනිල් උපදෙස් දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාවගේ සෞඛ්‍ය හා යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා මාස හයක් ඇතුළත නව වෛද්‍ය පනතක් සම්පාදනය කොට ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. Sri Lanka Latest News

ඒ අනුව පවතින වෛද්‍ය අඥා පනතේ සිදු කළ යුතු කාලීන වෙනස්කම් අධ්‍යයනය කරමින් යෝජිත නව වෛද්‍ය පනත සකස් කිරීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, නීති කෙටුම්පත් සම්පාදක සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ කමිටුවක් මගින් සිදුකිරීමට නියමිත ය.

යෝජිත වෛද්‍ය පනත මඟින් දැනට පවතින වෛද්‍ය ආඥාපනතේ අඩුපාඩු මග හැර ගනිමින් මහජන හිතකාමී සෞඛ්‍ය සේවාවක් තහවුරු කල හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (02) ජනාධිපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සහ සෞඛ්‍ය සේවා පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පසු විපරම් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබිණ.

ඉදිරි මාස තුන සඳහා ප්‍රමාණවත් වන පරිදි කඩිනම් වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ රුපියල් බිලියන 30 ක අතිරේක ප්‍රතිපාදන ලබා දීමට ද මෙහිදී තීරණය කෙරිණ.

එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) අනුමත වෙනත් රටවල ඖෂධ සහ නිර්දේශිත ඖෂධ මෙරටදී අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියට උපදෙස් ලබා දුන්නේය.

ඒ වෙනුවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ අවශ්‍ය සංශෝධන සිදු කොට අත්‍යාවශය ඖෂධ ක්‍රමවත්ව සහ කඩිනමින් ලබා ගැනීම නිශ්චය කර ගැනීම සඳහා පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
වෛද්‍ය නිෂ්පාදන නියාමනය කිරීම සහ මහජන සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) කාර්යභාරය ශක්තිමත් කිරීම වෙනුවෙන් සවිස්තර වාර්තාවක් සපයන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

ඖෂධ බෙදාහැරීම සහ ලේඛනගත කිරීම කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රයත්නයන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණු අතර, සති දෙකකට පෙර පැවති සාකච්ඡාවේදී තීන්දු කළ පරිදි පවතින ඖෂධ සහ ඒවා රෝහල් අතර බෙදා හැරීම පිළිබඳ එසැණ තොරතුරු ලබා දීමට වෙබ් පාදක ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ගුණාත්මක ඖෂධ සහ වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා සරල සහ විනිවිද භාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සකස් කිරීම සඳහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් ද මෙහිදී පත් කරනු ලැබීය.

මීට අමතරව හෙද සේවය සඳහා බඳවා ගැනීමේ සුදුසුකම් වත්මන් සෞඛ්‍ය සේවා අවශ්‍යතා සමඟ සමපාත වන පරිදි සේවා ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව නිලධාරීන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු ලැබිණ.

ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලා විෂය ධාරාවේ සුදුසුකම් ඇති පුද්ගලයින් හෙද සේවයට බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව සලකා බලන ලෙස සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කළේය.

මීට අමතරව, වෛද්‍ය නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව තක්සේරු කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්මත 4 මිණුම් දණ්ඩ සහිත රසායනාගාර පහසුකම් ස්ථාපිත කිරීමේ යෝජනා ඉදිරිපත් ක‍රන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත උපදෙස් දුන්නේය.

මෙහිදී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ , භාවිතයට ගත නොහැකි රෝහල් උපකරණ සහ වසර දෙකක් ඇතුළත කල් ඉකුත් වන හෝ , ඉවත් කරන උපකරණ හෝ, ඒ ආශ්‍රිත ද්‍රව්‍ය – භාණ්ඩ, ලැයිස්තුවක් වහාම ඉදිරිපත් කරන ලෙස ය.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පැවති සේවක හිඟය මේ වන විටත් විසඳා ඇති බව මෙහිදී අනාවරණය විය.
එසේම සියලුම පුරවැසියන් වෙනුවෙන් ශක්තිමත්, කාර්‍යක්ෂම සහ ගුණාත්මක සෞඛ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමේ අරමුණින් යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණ .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා , ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී ඒකනායක මහතා, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එස්.ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම රැස්වීමට සහභාගි වූහ.

ජනාධිපති මාධ්‍ය අංශය (PMD)
2023.08.02

SendShareShare
Previous Post

ඔස්ට්‍රේලියාවේ පුරවැසි බව පතන දහස් ගණනක් වෙනුවෙන් පාරට බැහැපු ශ්‍රී ලාංකිකයා! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව හෙට අනිද්දා මහා ගසාකෑමකට ලෑස්ති වෙනවා! ඒ ඩොලර් කුට්ටිය යන්නේ කාගේ සාක්කුවටද? 74 වැනි බස් රථය ‌විද්‍යා ආදර්ශ සිසුන්ට ලබා දෙමින් සජිත් නොච්චියාගමදී ආණ්ඩුව ගහන්න යන මහා ගේමක් පළමුවරට හෙළිකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News
Exclusive

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)
Exclusive

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

Load More
යෝෂිත රට ගියේ ‌කොහොමද? අල්ලස් කොමිසමෙන් පරීක්ෂණයක් ආරම්භ කරයි!
Exclusive

අවුරුදු 20කට කලින් යෝෂිත නාවික හමුදා ලුතිනන්වරයකු ලෙස බ්‍රිතාන්‍ය හමුදා පුහුණුවට ගියේ කොහොමද? ප්‍රශ්න කරන්න අල්ලස් කොමිසම යෝෂිතට එන්න කියයි! I Sri Lanka Latest News

නාවික හමුදාවේ ලුතිනන්වරයකු ලෙස කටයුතු කළේ යැයි කියන යෝෂිත රාජපක්ෂ නිත්‍යානුකූල ක්‍රියාදාම වලින් පරිබාහිරව බ්‍රිතාන්‍යයේ නාවික හමුදා පුහුණුවකට සහභාගි වූයේ...

Read more
සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදල ගැන විපක්ෂයට වැඩිය කතා කරන්න එපාලු! මිනිස්සු තවම කඳවුරුවල දුක් විඳිද්දී බිලියන ගාණක් තියෙන මේ ගිණුමෙන් සත 5ක්වත් තවම ගෙව්වේ නැත්තේ ඇයි? VIDEO I Sri Lanka Latest News

නාමල් බැසිල්ලා ඔන්න වැඩ පටන් අරන්! රෝහිත-මහින්දානන්දත් වැඩට බැහැලා! (PHOTOS)

ලක්ෂ 78ක කේස් එකක්! බැසිල්ට තවත් වරෙන්තුවක්! I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.