සැප්තැම්බර් 02 වනිදාට යෙදෙන ලෝක පොල් දිනයට සමගාමීව ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දෙවනි පොල් ත්‍රිකෝණය මෙම වසරේ දී යාපනය, මන්නාරම සහ මුලතිව් කේන්ද්‍ර කර ගනිමින් උතුරු පළාතේ ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුව අමතමින් වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.










