උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර විශේෂ සාකච්ඡාවක් අද ( 01) කොළඹදි පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.Sri Lanka Latest News
මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, උතුරු නැඟෙනහිර ප්‍රශ්නයට ජනාධිපතිවරයා විසින් ලබා දෙන බවට පොරොන්දු වී ඇති 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කරුණු සම්බන්ධවයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි හා ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර නවදිල්ලියේ දී 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා උතුරු නැඟෙනහිර පළාත් වලට බලය විමධ්‍ය ගත කොට ඇති ආකාරය සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුනු සාකච්ඡා වී තිබුණා.
එම සාකච්ඡා සඳහා ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ද සහභාගී වී සිටි නිසා ඔහුගේ ප්‍රධානත්වයෙන් උතුරේ දෙමළ දේශපාලන පක්ෂ සමග ඉන්දියාවේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු දැනුවත් කිරීමට මේ සාකච්ඡාව කැඳවා ඇති බවයි සඳහන් වන්නනේ.










