• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණයයි අභියාචනාධිකරණයයි අලුත් කරන්න චීනය බිලියන 11ක් දෙයි! I Sri Lanka Latest News

July 31, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

යුවාන් මිලියන 240 ක (ශ්‍රී ලංකා රුපියල් බිලියන 11 ක පමණ) චීන රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ අලුත් කඩේ, උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කිරීමේ උත්සවය අද(31) පෙරවරු 10.30 ට උපරිමාධිකරණ සංකීරණයේදී පැවැත්විණ.Sri Lanka Latest News

ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ගරු අග්‍රවිනිශ්චයකාර, ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය,  අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය  අනුරාධ ජයරත්න , ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

එහිදී අදහස් දක්වමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේ උපරිමාධිකරණ සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යපෘතිය සඳහා චීන රජය සමඟ 2015 වසරේ අත්සන් තැබූ බවය.පශ්චාත් කොරෝනා සමය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රමාද වූ බවත් මෙම අවස්ථාවේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ලැබීම සතුටට කරුණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.මෙම රුපියල් බිලියන 11 කට ආසන්න වටිනාකමින් යුත් ව්‍යාපෘතිය අදියර දෙකකින් යුක්ත බවත් පළමු අදියර යටතේ අභියාචනාධිකරණ සංකීර්ණයත් දෙවැනි අදියර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයත් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.එසේම මෙම ව්‍යපෘතිය 2025 වසරේ ඔක්තෝබර් මස අවසන් වීමට නියමිත බව රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්හොන්ග් මහතා ප්‍රකාශ කර සිටියේ 1989 වර්ෂයේ චීන ප්‍රදානයක් මත ඉදිකර විවෘත කරන ලද උපරිමාධිකරණ සංකීර්ණය දෙවරක් ප්‍රතිසංස්කරණය කර තිබෙන බවත් වසර 30 කට පසුව නැවතත් චීනය සහ ශ්‍රී ලංකාව උපරිමාධිකරණ සංකීර්ණයට නව ජීවයක් ලබා දීම සඳහා එකතු වී සිටින බවත්ය.උපරිමාධිකරණ සංකීර්ණයේ ඇතුළත සහ පිටත මුල් සැලසුමට හානියක් නොවන අයුරින් ප්‍රතිසංස්කරණය කෙරෙන බවත් ව්‍යාපෘතිය අවසානයේ අභියාචනාධිකරණ මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට සහ කාර්ය මණ්ඩලයට නැවුම් රාජකාරී වටපිටාවක් භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇති බවත් තානාපති චී චෙන්හොන්ග් මහතා පෙන්වා දුන්නේය.උපරිමාධි සංකීර්ණය චීනය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන හවුල්කාරිත්වයේ සහ දෙරට අතර මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීමට ගත් පරම්පරා ගණනක උත්සාහයකට සාක්ෂි දරන බව චෙන්හොන්ග් මහතා සඳහන් කළේය.එසේම ශ්‍රී ලංකාවට උදව් අවශ්‍ය වූ සෑම මොහොතකම චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

අනුරට තහනමක්! I Sri Lanka Latest News

Next Post

රට කුකුල් මස් කන්න ලස්ති වෙන්න! ඇමති ඒකත් ගේන්න හදන්නේ! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ ගැන රටට මුලින්ම කියපු විපක්ෂනායක සජිත් එල්-නිනෝවෙන් රටයි ජනතාවයි බේරගන්න හැටිත් මුලින්ම කියයි! වහාම කාර්ය සාධන බළකායක් හදන්න! වැඩේ බරපතළ වෙද්දි කිව්වේ නෑ නම් කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

අප රටේ පවතින දැවැන්ත ආර්ථික අවදානමට තවත් බරපතල තත්ත්වයක් එකතු වන බවත් මේ වන විට ප්‍රවෘත්තිවල ජනාධිපතිවරයා, ඇමතිවරු ආදී සෑම...

Read more
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.