ජනාධිපතිවරණ කටයුතු ආරම්භ කිරීම සඳහා ඇත්තේ තව දින 365 ක් පමණක් බව නිදහස් ජනතා සභාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ජී. එල් .පීරිස් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ වත්මන් රජයේ ක්‍රියාකලාපය හේතුවෙන් සිව්වැදෑරුම් ඛේදවාචකයකට මහජනතාව ගොදුරු වී ඇති බවත්, තිස් අවුරුදු යුද සමයේ වත් මෙවැනි කඩාවැටීමකට සෞඛ්‍ය සේවය පත් නොවූ බවත්ය.
රජයේ රෝහල්වල ක්‍රියා පිළිවෙත පිළිබඳව මහජනතාව තුළ සැකයක් මතු වී ඇති බවත්,එය විශ්වාසනීය භාවය පිළිබඳ ගැටලුවක් බවත්, රෝහල්වල ඖෂධ හිගය නිසා රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්වී ඇති බවත්, මළමිනි උඩින් වුවත් සාක්කු පුරවා ගැනීමේ ක්‍රියාවලියක් ඇති බවට විගණනාධිපති වාර්තා වලින් මනාව හෙළි වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










