ප්‍රවීණ මලල ක්‍රීඩිකා සහ මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනී දමයන්ති දර්ශා ශ්‍රී ලංකාව අත්හැර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගොස් තිබෙනවා.Sri Lanka Latest News
මෙරට මලල ක්‍රීඩා බලධාරීන් තමන්ගෙන් කිසිදු වැඩක් නොගන්නා පසුබිමක තමන් ශ්‍රී ලංකාව හැරයාමට තීරණය කළ බව දර්ශා පැවසුවා.
‘ඇත්තටම අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේවල් කැප කරපු ක්‍රීඩිකාවන්. එහෙත් අපේ දැනුමෙන් හැකියාවෙන් මෙරට මලල ක්‍රීඩාවට දෙයක් කරන්න බැහැ. ඉතින් එනිසා මම තීරණය කළා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යන්න. නැවතත් දැන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.’ යනුවෙන් දර්ශා වැඩිදුරටත් පැවසුවා.










