• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැ.කො. ට යකා නැග්ගේ ඇයි? මොනවද මේ හංගන රහස් I Sri Lanka Latest News

July 31, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ඕනෑම රටකට ගොස් මැකෝ යැයි විමසුවහොත් ඔබට දැනගන්නට ලැබෙනුයේ ගිරා පවුලේ මඳක් විශාල කුරුල්ලෙක් ගැන තොරතුරුය. එහෙත් ලංකාවේදී මැකෝ ගැන අසන ඕනෑම කෙනකුට දැනගනට ලැබෙනුයේ හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිගේ තොරතුරුය.(Sri Lanka Latest News)

හොර ඡන්ද දාන්නට එන අයගේ දණහිසෙන් පහළට නොව හිසට වෙඩි තබන්නැයි එළිපිටම පොලිසියට උපදෙස් දුන් ඔහු, 2015 ජනාධිපතිවරණයෙදී ඉටුකළ සේවය නිසාම ලංකාවේ ජනප්‍රියම රාජ්‍ය සේවකයා විය. ඒ මැකෝ අද සී.නී.කෝ. හෙවත් සීමානිර්ණ කොමිසමේ සභාපතිය. මොන තනතුර දැරුවත් මැකෝගේ කට ඇතැම් අවස්ථාවන්හි මොළයට වඩා හදවතින් හසුරුවන බව පතළ කරුණකි.

ඔහු කියන දේ මූණටම කීවේය. එමතුදු නොව මහ හයියෙන් කීවෙය. ඊයේ පෙරේදා 83 කළු ජුලිය ගැන පැවැති විද්වත් සාකච්ඡාවකදී මැකෝ තවත් එවැනි කතාවක් කීවේය. ඒ, සභාවේ සිටි නිශාන්ත ස්වර්ණසිංහට පිළිතුරු ලෙසිනි.

ලංකාවේ ඉතිහාසයේ සදාතනික කළු පැල්ලම වන 83 කළු ජූලියට දැන් දශක හතරක් වයසය. වසරකට වරක් හෝද හෝදා මඩේ දමමින් සමරන කළු ජූලියේ වින්දිතයන්ට සාධ‍රණයක් ඉටුකරන්නට පසුගිය දශක හතරේ මෙරට පාලනය කළ කිසිම ආණ්ඩුවක් කටයුතු කළේ නැත. මින් ඉදිරියට කරනු ඇතැයි විශ්වාසයක්ද තැබිය නොහැකිය. හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය වෙබ් අඩවියක් හමුවෙ පැවසූ කතාව මෙතරම් බරක් තබා සාකච්ඡාවට ලක්කළ යුත්තේ එවන් සන්දර්භයක් ඇතුළේය.

උතුරු නැගෙනහිර යුද්ධය නිමවූ පසු ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ එල්ලවන බව ඇතැමුන් පැවැසුවද එවැනි චෝදනා එල්ල වන්නේ ඊට බොහෝ කලකට පෙර සිට බව මැකෝ සිය කතාවෙන් උදාහරණ සහිතව සහතික කළේය.

එහිදී ඔහු සඳහන් කළේ සිදුවීම් එකක් හෝ දෙකකි. එහෙත් සැබෑ සිදුවීම් ගණන ඊට බොහෝ වැඩිය. 83 කළු ජූලියට පමණක් නොව මෙරට වාර්ගික ප්‍රචණ්ඩත්වය ගැන කරන කතිකාවේදී සියලු පාර්ශ්වයන් සාධාරණය බලාපොරොත්තු වන්නේ තමන් නියෝජනය කරන පාර්ශ්වයේ සිටය. එවන් පසුබිමකදී මැකෝගේ හැසිරීම ඉතා වැදගත් යැයි ලියුම්කරු විශ්වාස කරයි. එම වෙබ් සංවාදයෙදී මහින්ද දේශප්‍රිය නැතහොත් මැකෝගේ පිළිතුරු දෙන්නේ නිශාන්ත ස්වර්ණසිංහ නගනා ප්‍රශ්නයකටය.

ප්‍රශ්නකරු සහ ඔහුගේ දේශපාලන අදහස් ලිපියට අදාළ නැත. එහෙත් ඔහුගෙ දීර්ඝ ප්‍රශ්නයේ අරුත වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සිංහල ජනකොටස්වලට සිදුවූ හානිය සහ ශ්‍රී ලංකා හමුදාව සහ සංවිධානාත්මක මැර ක්‍රියාවන් විසින් දෙමළ සමාජයට සිදුකළ හානිය පිළිබඳ සොයා බැලීමට දඬුවම් කිරිමට යටත් නොවනා සත්‍ය සෙවීමේ කොමිසමක් පත්කළ යුතු බවය.

සත්‍ය සෙවීමේ කොමිසමක් පත් කිරීමට මින් පෙරද යෝජනා වී ඇත. එහෙත් එකී කොමිසන් කිසිවක් අපේක්ෂිත ඉලක්ක යාන්තමින් හෝ ස්පර්ෂ කරන්නට සමත්වූ බව පැවැසිය නොහැක. කෙසේවෙතත් නිශාන්ත ස්වර්ණසිංහට පිළිතුරු ලෙස මැකෝ කියන්නේ මෙවැනි කතාවකි.

‘මම ත්‍රිකුණාමලයේ වැඩකරපු කෙනෙක් හටියටයි මේ කියන්නේ. අපි දන්න දෙවල් කීවොත් ටෲත් කොමිෂන් එකක් නොවෙයි පනහක් පත්කරන්න වෙයි. මම සුමන්තිරන් මන්ත්‍රීතුමාටත් කීවා මම දන්න දේවල් ලියන්නෙ නැත්තේ ලියන්න් බැරි නිසා කියලා. අපි දන්නවා ඒ කාලේ එක බෝම්බයක් පිපිරුවාම ගම් පිටින් වනසපු හැටි. අනෙක් පැත්තෙන් සිංහල ගම්වල මිනිස්සු මරපු හැටි…’

වගකිවයුතු රාජ්‍ය සේවකයෙක් වන මහින්ද දේශප්‍රිය පවසන මේ කතාව හුදු ආවේගය නිසා කළ එකක් ලෙස සිතා බැහැර කළ නොහැක්කකි. ඊට හේතුව පුද්ගලයකු ලෙස ඔහු සමාජයේ විශ්වාසය තහවුරු කරගත් අයෙක් වීම පමණක් නොවේ. මේ චෝදනා කලකට පෙර සමාජයේ බොහෝ දෙනකුට අසා පුරුදු ඒවා වීමය. බෝම්බයක් පිපිරුණාම ගම් පිටින් වැනසීමක් සිදුවූ බව මැකෝ කියයි. එහෙත් මීට කලකට පෙර ඒ චෝදනාව සිවිල් සංවිධාන සහ දෙමළ දේශපාලන පක්ෂ විසින් නගනා ලද්දකි.

ඒ සෑම අවස්ථාවකදීම දකුණේ සමාජය ඊට පිළිතුරු දුන්නේ එකී චෝදනා නගන පාර්ශ්වයන්ට එන්.ජී.ඕ. නැතිනම් ඩොලර් කාක්කන් යන ලේබල් අලවමිනි. එහෙත් මෙවර ගම්පිටින් සමූල ඝාතන කළ ආකාරය කියන්නේ දකුණේ පිළිගැනීමක් සහිත රාජ්‍ය සේවකයෙකි. ඊට අමතරව ඔහු සිංහල ගම්මානවල සිදුකළ ඝාතන ගැනද මතක් කරයි. එහෙයින් ඔහුට ඉහතකි ලේබල් ඇලවීමට නොහැක.

උතුරු – නැගෙනහිර සිටි සිංහල පවුල් එම ප්‍රදේශවලින් පලවාහළ බව පිළිගන්නා ඔහු උතුරේ සිංහල ජනගහනය ගැන කතා කරන බොහෝ පාර්ශ්ව සඳහන් කරන 70 දශකයේ ජන සංගණන වාර්තාවන් ගැන වැදගත් තොරතුරක් එළිකරයි. ඒ අතීතයේ ජන සංගණනයන්හිදී යම් ප්‍රදේශයක සේවය කරන රජ්‍ය සේවකයන් පවා එම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවන් ලෙස ගණන් ගත් මුත් වර්තමානයේ එසේ නොකරන බවයි.

එබැවින් අතීතයේ උතුරු පළාතේ ජනගහනය දැනගන්නට නම් ඡන්ද හිමි ලේඛනය පරීක්ෂා කළ යුතු බව ඔහු පවසයි. එමෙන්ම දෙමළ ප්‍රජාවට එරෙහිව සිදුකළ ඇතැම් සැහැසිකම් සඳහා රජයේ අනුග්‍රහය හිමිවූ බව පවසයි. එහෙත් ප්‍රචණ්ඩත්වයට රාජ්‍ය අනුග්‍රහය හිමිවූයේ උතුරේ පමණක් නොවන බව අපට සිහි කරමින් 1977 සහ 1994 දී දකුණේ සිදුවූ දේශපාලන බල හුවමාරුවේදී ප්‍රාතිවාදී මතධාරීන් පිඩාවට පත්කිරීමට පවා ආණ්ඩු ඉඩදුන් ආකාරය සිහිපත් කරන්නටද අමතක නොකරයි.

එමෙන්ම 83 කළු ජූලියෙදී දෙමළ ජනයා තෝරා පහට දෙන්නට සෑම මැර කණ්ඩායමකටම ඡන්ද ලයිස්තුවක් ලැබුණේ කෙසේ දැයි ඔහු ප්‍රශ්න කරයි. ඒ කළු ජූලියට අත වැනූ දේශපාලන හස්තය ගැන තිබෙන හොඳම උදාහරණයයි.

ආවේගශිලී අදහස් දැක්වීමක් අවසානයේ මැකෝ මෙසේ කියයි. ‘අපි කතා නොකරන දේවල් තියනවා. ඒවා කීවනම් ලැජ්ජයි. නින්දිතයි. එත් සමහර කරුණු තියනවා එළියට ආපු. කුමාරපුරම් ගම්මානයේ සිදුවෙච්ච සිදුවිම…..’ මැකෝ කියන මේ කුමාරපුරම් සිදුවීම අද පරපුරේ බොහෝ දෙනෙක් දන්නේ නැත. මැකෝ කී නිසාම නොව දැන සිටීම වැදගත් බැවින් කෙටියෙන් හෝ ඒ ගැන සටහන් කරන්නට සිතුවෙමි.

වර්ෂ 1996 වසරේ පෙබරවාරි 11 දින (චන්ද්‍රිකා කුමාරතුංග පාලන සමයේ) මුත්තූර්හි කිලිවෙඩ්ඩියේ කුමාරපුරම් ගම්මානයට කඩාවැදී දරුවන්, ගැබිනි මාතාවන් ඇතුළු නිරායුධ දෙමළ වැසියන් 24 දෙනකු වෙඩිතබා ඝාතනය කොට තවත් 26 දෙනකුට බරපතළ තුවාල සිදුකළ බවට රජයේ හමුදාවට චෝදනා එල්ල විය.

සෙල්ලතුරෙයි පාක්‍යරාජා, විනයාගමූර්ති සුදාහරන්, ස්ටීවන් පත්තිනි, සංගලිගම් ලක්ෂ්මින්, සිවපාක්‍යම් ප‍්‍රශාන්තිනි, වඩිවේල් නඩරාජා, තංගෙවිලු සුමති, අරුනාචලමි දේවි, ආනන්දන් අත්තමිමා, සේතුරාජා සුප්පයියා, අමිර්තලිංගමි රාජිනී කාන්ති, කිනතන් ගෝවින්දන්, පී. වසන්තනි, සුබ්‍රමනියම්, පාක්‍යම්, ඒ. පරමේෂ්වරී, අරුමාතුරෙයි වේලුපිල්ලෙයි, ශන්මුගනාදන් නිදාහරන්, එස්. සින්නතුරෙයි, රාජයම් පිල්ලෙයි කමලේෂ්වරන්, කනකරාජා කුටිටි, රාජෙන්ද්‍රන් කරුණාකරන්, අරුමාතුරෙයි ධනලක්ෂ්මී, එස්. ප්‍රභාකරන්, එස්. සුභාෂිනී, කුවින්දනී සහ සිත්තලම්පලම් කෝනේෂ්වරන් යන දෙමළ වැසියන්ට ටී-56 ස්වංක්‍රීය ගිනි අවිවලින් වෙඩිතබා ඔවුන් සියලු දෙනා ඝාතනය කර තිබිණි.

මේ ආකාරයෙන් ඝාතනය කරන ලද කාන්තාවන් අතර නවමස් ගැබිනියක් වූ බව අනාවරණ විය. ඊට අමතරව දූෂණය කොට ඝාතනය කරන ලද දහසය හැවිරිදි දැරියක්ද ඒ අතර විය. අරුමෙයිතුරෙයි ධනලක්ෂ්මී නමැති එම තරුණිය වෙඩි හඬ ඇසීමෙන් බියපත්ව තම බාල සහෝදරයා සමග කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක සැඟවී සිට ඇත. එය දුටු හමුදා භටයන් විසින් ඇයව සමූහ දූෂණයට ලක් කළ බව සාක්ෂිවලින් හෙළිවිය.

කුමාරපුරම් ගම්මානයට යන කිලිවෙට්ටි – මුතුර් මාර්ගයේ 58 හන්දිය අසල හමුදා සෙබළුන් දෙදෙනකු වෙඩිතබා මරාදැමීමෙන් පසු යුද භටයන් හා ග්‍රාමාරක්ෂකයන් පිරිසක් ගම්වැදී මෙම අපරාධය කළ බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එකල වාර්තා කර තිබිණි. මෙම ඝාතනය සම්බන්ධව නඩු පැවරුණු මුතූර්, දෙහිවත්ත හමුදා කඳවුරේ සේවය කළ කෝප්‍රල්වරුන් වන එස්.ජී. නිශාන්ත, එන්.එම්. අජිත් සිසිර කුමාර, එම්.පී. කපිල දර්ශන, එච්.එම්. අබේසිංහ, පී.පී උපසේන හා එච්.එම්. අබේරත්න යන විත්තිකරුවන් පසුව අනුරාධපුර මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලදී.

කුමාරපුරම් සිදුවීමට අමතරව එවැනි සිදුවි රැසක් වාර්තා විය. මිරුසවිල් ඝාතනය එවැනි එක් සිදුවීමකි. දරුවන් තිදෙනකු ඇතුළු සාමාන්‍ය වැසියන් අට දෙනකු එහිදී ඝාතනය විය. එම ඝාතන සඳහා දීර්ඝ නඩු විභාගයකින් පසු අධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර සිටි සුනිල් රත්නායක නමැති හමුදා සැරයන්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව යටතේ නිදහස් කරනු ලැබීය. එම තීරණය දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ තියුණු විවේචනයට ලක් විය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රට කුකුල් මස් කන්න ලස්ති වෙන්න! ඇමති ඒකත් ගේන්න හදන්නේ! Sri Lanka Latest News

Next Post

ජාතික රූපවාහිනියේ නිලධාරියාට සහ බිරිඳට මරු කඳවූ ඩිෆෙන්ඩර් – කාර් – බයික් අනතුර! Sri Lanka Latest News

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

තව පැය කීපයකින් අමෙරිකාවයි ඉරානයයි අත්සන් කරන්න යනවා කියන සාම ගිවිසුම මෙන්න! I Sri Lanka Latest News

ඉදිරි පැය කිහිපය ඇතුළත ඇමරිකාව සහ ඉරානය අතර අත්සන් තැබීමට නියමිත සටන් විරාම ගිවිසුමේ ප්‍රධාන කරුණු මේ වනවිට විදෙස් මාධ්‍ය...

Read more
විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

විපක්ෂනායක සජිත් මුලු විපක්ෂයම එකතු කරගනී! ලියුමකුත් අත්සන් කරගෙන කතානායක හම්බවෙන්න යයි! PHOTOS I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා ඇතුළට ගිය ශාන් අද එළියට ආවා!  I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර සිද්ධියට SDIG වරුණව මේ වෙලාවේ අත්අඩංගුවට ගන්න තීරණයක් නෑ! කල්තියා ඉල්ලපු නියෝගය ගැන නීතිපති කියයි!  I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

කොළඹ-මහනුවර-අනුරාධපුර-කතරගම පැරිස්-මෙල්බර්න්-ඩුබායි-සිංගප්පූරුව වෙන්නයි යන්නේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.