තමන් ඉගනුම් ඉගැන්වීම් කරන තමන්ගේම පන්තියේ ඉගෙන ගන්නා දරුවන් වෙනුවෙන් ගාස්තු අයකර පුද්ගලික ඉගැන්වීම් සිදුකිරීම චක්‍රලේඛයක් මගින් තහනම් කර තිබිය දි එම චක්‍රලේඛය උල්ලංඝනය කරමින් මුදල් අයකර පන්ති පැවැත්වූ මධ්‍යම පලාතේ ප්‍රාථමික අංශ ගුරුවරුන් 08 දෙනකු විෂයෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇතැයි මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. (Sri Lanka Latest News)
මෙම ගුරුවරුන්ට චෝදනා පත්‍රයක් ලබාදී වහාම වෙනත් පාසල් වෙත මාරුකර යවන ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පියසිරි හේරත් වෙත ලිඛිතව දැනුම් දී ඇත.
පළාත් සභාව යටතේ පාලනය වන පාසල් සඳහා පමණක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබිණි. අදාළ චක්‍රලේඛණය උල්ලංඝනය කරමින් අමතර පංති පවත්වන ගුරුවරුන් සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි අනුව අදාළ ස්ථාන වැටලීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් වැටලීම් ඒකකයක් ද ස්ථාපිත කර ඇත.
එහෙත් මෙම චක්‍රලේඛය වලංගු වන්නේ පළාත් පාසල්වලට පමණක් බවත්, ජාතික පාසල්වල ගුරුවරුන් තමන්ගේම පන්තියේ දරුවන් තම පුද්ගලික පන්ති වෙත යොමුකරගැනීම සඳහා දැඩි බලපෑම් සිදුකරන බවත් වාර්තා වී ඇත.
lankasara










