• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව සිංගප්පූරුවක් කරන්න ඕනෑද I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙන්න එහෙනම් ඉගෙන ගන්න හොරු අල්ලන හැටි හොරකම් කරන ඇමැතිවරු පන්නන හැටි…

ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (World Bank and IMF) 2023 වර්ෂයේ අලුත්ම දත්තවලට අනුව ලෝකයේ තිබෙන ප්‍රධානතම ධනවත් රටවල් 10 කුමක්ද? එම රටවල ඇති දළ දේශීය නිෂ්පාදිතය යටතේ සමස්ත ඒකපුද්ගල ආදායම තක්සේරු කරමින් මෙම නවතම රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.(Sri Lanka Latest News)

සමස්ත ඒකපුද්ගල ආදායම තක්සේරු කරන්නේ ඇමෙරිකානු ඩොලර්වලිනි. මෙම 2023 ලැයිස්තුව මෙසේ ගෙනහැර දක්වා ඇත.

  1. අයර්ලන්තය – ඩොලර් 145,196
  2. ලක්සම්බර්ග් – ඩොලර් 142,490
  3. සිංගප්පූරුව – ඩොලර් 133,895
  4. කටාර් – ඩොලර් 124,848
  5. මැකාවෝ – ඩොලර් 89,558
  6. එක්සත් අරාබි එමීර් – ඩොලර් 88,221
  7. ස්විට්සර්ලන්තය – ඩොලර් 87,963
  8. නෝර්වේ – ඩොලර් 82,655
  9. ඇමෙරිකාව – ඩොලර් 80,035
  10. සැන් මැරිනෝ – ඩොලර් 78,926

මෙම නවතම රටවල් ලැයිස්තුව දෙස දැන් හොඳින් බලන්න. එහි තෙවැනි ස්ථානය ගෙන ඇත්තේ කවුරුන් විසින්ද? සිංගප්පූරුව එහි තෙවැනි ස්ථානය දිනා ඇත. ඉහත රටවල් 10 අතරින් සම්පූර්ණයෙන්ම ආසියාවට අයත් එකම රට වන්නේ සිංගප්පූරුවයි. බහුතර රටවල් බටහිරට අයත් වන අතර, අරාබිකරයේ රාජ්‍යයන් දෙකක්ද එහි වෙයි. ලෝක බැංකුව සහ අයි.එම්.එෆ්. සංවිධානයේ මෙම නිල ලැයිස්තු මීට පෙර වසර කිහිපයකදී පළකරන විටදී සිංගප්පූරුව 8, 7 සහ 6 වැනි ස්ථාන ගෙන තිබිණි. එහෙත් අද අදහාගත නොහැකි විස්මයකි.

ලෝකයේ තෙවැනි ධනවත්ම රාජ්‍යය ලෙස සිංගප්පූරුව කිරුළු පලඳා ඇත. මෙය කෙතරම් ආඩම්බරයක්ද? වෙනත් රටවල් ධනවත්ම දේශයන් ලෙස ජයග්‍රහණයන් ලැබුවද අප ශ්‍රී ලංකාවට එය එතරම්ම සුවිශේෂ පුවතක් නොවනු ඇත. එහෙත් ආසියාවේ සිංගප්පූරුව එවැනි ජයග්‍රහණයක් ලැබූ විට අපට එය අතිශයින්ම වැදගත් වන්නේ ඇයි? මෙයට දශක 04කට පමණ පෙර සිංගප්පූරුව තමන්ගේ දියුණුවේ මාවත කරා යන්නට ගත්තේ වෙනත් කිසිදු රටක් ආදර්ශයට ගනිමින් නොවේ. එනම් එදා ඔවුන් ආදර්ශයට ගත්තේ ශ්‍රී ලංකාවයි.

ලොව මෙතෙක් සිටි මහා කාර්යශූර ජන නායකයන් අතර අවිවාදයෙන් යුතුව පිළිගැනෙන නායකයකු වන්නේ සිංගප්පූරුවේ ප්‍රථම අගමැති ලී ක්වාන් යූ මහතාය. එරට ‘සිංගප්පූරුවේ ජාතියේ පියා’ යන විරුදාවලියෙන් හඳුන්වන ඔහු එරටට සිදුකළ මෙහෙය මහත් අමරණීය එකකි. බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලබා ප්‍රථම අගමැති ධුරයට පත්වුණු ලී ක්වාන් යූ යනු සිංගප්පූරුව උඩුයටිකුරු කළ අරුමපුදුම මිනිසෙකි. ඔහු එකල කිහිප වතාවක්ම ශ්‍රී ලංකාවට පැමිණි අතර, මෙරට යම් ආකෘතියක් ලෙස මනසේ තබාගෙන තම රට දියුණුවේ මාවතට ගෙන ගියේය.

අද ලෝකයේ තෙවැනි ධනවත්ම රාජ්‍යය බවට සිංගප්පූරුව පත්ව තිබෙන්නේ මේ විස්මිත මිනිසාට පින් සිදුවන්නටය. ලෝකයේ තිබෙන කුමන තරගාවලියකදී වුවද ප්‍රධාන වශයෙන් පිළිගැනෙන්නේ ප්‍රථම ස්ථානයන් තුන වෙයි. ඒ අනුව අද සිංගප්පූරුව ලබා ඇති ජයග්‍රහණය ඉතා සුපිරි ගණයේ කතාන්දරයකි. එහෙත් අද අපගේ ශ්‍රී ලංකාවට සිදුව ඇත්තේ කුමක්ද? එදා සිංගප්පූරුවට ආදර්ශය සැපයූ ශ්‍රී ලංකාව අද වෙනත් තරගයකින් උසස් ස්ථානයක් හිමි කරගෙන ඇත. එය නම් ලෝකයේ දුප්පත්ම රටවල් තරගයේ ප්‍රධානතම ස්ථානයක් 2023 වසරට අදාළව හිමි කරගැනීමයි. එනම් ආසියාවේ දුප්පත් රටවල් 20ක ලැයිස්තුවේ 17 වැනි ස්ථානය හිමි කරගෙන තිබීමයි. මෙය වාර්තමානයේ සිංගප්පූරුවේ සහ ශ්‍රී ලංකාවේ තත්ත්වයයි.

පසුගිය දශක 04ක (වසර 40ක) කාලය තුළ ශ්‍රී ලංකාවේ දියුණුවට පත්වූයේ රට නොව දේශපාලකයන්ය. එනම් දේශපාලකයන් ඉතා යහමින් වංචා දූෂණ හරහා තමන්ගේ මඩිය තරකරගෙන ජනතාව සිඟන්නන් බවට පත් කළේය. සිංගප්පූරුව මහා දේශයක් කිරීමට එදා දරදිය ඇද්ද මිනිසා වූයේ ලී ක්වාන් යූ අගමැතිවරයාය. ශ්‍රී ලංකාව වැනි ස්වභාවික සම්පත් කිසිවක් නොතිබුණු ඉතා කුඩා දේශයක් වූ සිංගප්පූරුව නිවැරැදි මාවතකට ගෙන ගියේ නිවැරැදි දැක්මකින් සහ නිවැරැදි ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීම තුළිනි. ලී ක්වාන් යූ අගමැතිවරයා යනු දූෂණ වංචා සහමුලින්ම මුලිනුපුටා කටයුතු කළ අව්‍යාජ නායකයෙකි.

ඔහු එවැනි දූෂණ වංචා සිදුකළ පුද්ගලයන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවනු ලැබීය. දූෂණ විරෝධී රාජ්‍ය ආයතන, පොලිසි ආදිය ඇතිකරමින් ඔහු නිරන්තරයෙන් එරට තුළ දූෂණය මැඬලීමට කටයුතු කර ඇත. මූල්‍ය විගණනය ලී ක්වාන් යූ රජයෙහි ප්‍රධානතම අංගයකි. මේ වන විට ලොව දූෂණයෙන් අවම වූ රාජ්‍යයක් ලෙසටද සිංගප්පූරුව පිළිගනු ලබයි. මේ නිසා ඉතා ඉහළ වැටුප් ලබන ජනතාවක් සිටින රාජ්‍යයක් ලෙසටද පත්විණි. අද එරට නාමික දළ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 91,000කි. ශ්‍රී ලංකාවේ නම් එය ඩොලර් 3,293ක අතිශය අවම අගයකි.

සිංගප්පූරුව නම් විස්මිත දේශයේ වගතුගක් මෙම ලිපිය ආරම්භ කිරීමට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී අපට සිංගප්පූරුවෙන් අසන්නට ලැබුණු තවත් සුවිශේෂ කතාවක් හේතුවෙනි. යම් විශාල ප්‍රමාණයේ දූෂණ වංචා චෝදනාවකට අදාළව සිංගප්පූරුවේ වත්මන් ප්‍රවාහන කටයුතු ඇමැතිවරයා සහ සිංගප්පූරුවේ සිටින අංක එකේ ධනකුවේරයකු අත්අඩංගුවට ගැනීමේ පුවත එලෙස ප්‍රකාශයට පත්ව තිබිණි.

ඒ අනුව එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ප්‍රවාහන කටයුතු කැබිනට් අමාත්‍ය එස්. ඊස්වරන් (S. Iswaran) සහ සිංගප්පූරුවේ සිටින බිලියනපති ව්‍යාපාරිකයකු වන ඔන්ග් බෙන්ග් සෙන්ග් (Ong Beng Seng) නමැති ධනකුවේරයාය. පසුගිය කාලයේදී මෙම පුද්ගලයන් දෙදෙනාට අදාළව සිදුවුණේ යැයි පැවසෙන මහා පරිමාණයේ මූල්‍ය වංචාවකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත. මේ ලිපියේ මුලින් ඔබට ලියා තැබූ පරිදි සිංගප්පූරුව යනු ලොව වංචා දූෂණ අතිශයින් අවම රටක් වන අතර, එවැනි සිදුවීම්වලට එරෙහිව තදබල දඬුවම්ද ලබාදෙන රටක් වෙයි.

එම කටයුතු අධීක්ෂණය කර නිසි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සිංගප්පූරුවේ රජය විසින් ස්ථාපිත කරන ලද රාජ්‍ය දෙපාර්තමේන්තුවක් පවතින අතර, එය ‘සිංගප්පූරුවේ දූෂිත පිළිවෙත් විමර්ශන කාර්යාංශය’ (Singapore corrupt practices investigation bureau) ලෙසින් නම්කර ඇත. ඉහත අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේද එම ආයතනය විසිනි. මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ දිනයේදීම මෙම සුවිශේෂ පුද්ගලයන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප ලබාදී ඇත. එහෙත් එම සිදුවීමට අදාළව නඩුවක් ගොනුකර ඇති අතර, දූෂණ විමර්ශන කාර්යාංශය විසින් ඉහළ මට්ටමේ විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

දැන් එසේ නම් සිංගප්පූරුවේ ජන සමාජයේ සිටින මෙම සුවිශේෂ පුද්ගලයන් දෙදෙනාට එරෙහිව ගොඩනැගී ඇති චෝදනාවන් කුමක්ද? මෙම වගතුග ආරම්භ වන්නේ 2008 වැනි වසරකදී වන අතර, එනම් වසර 15කට පමණ පෙර ආරම්භ වන සිදුවීම් මාලාවක් හරහාය. එනම් 2008 වසරේදී අලුතෙන් සිංගප්පූරුව තුළ ඉදිකෙරුණු ජාත්‍යන්තර ‘ග්‍රෝන් ප්‍රී’ (Grand Prix) මෝටර් රථ ධාවන පථයට අදාළව මෙම කතාන්දරය ගොඩනැගී තිබිණි.

මෙම මෝටර් රථ ධාවන ක්‍රීඩා පිටිය දශක කිහිපයක් පුරා සිංගප්පූරුව තුළ තිබුණද එය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියකට ගෙන එනු ලබන්නේ 2008 නව ව්‍යාපෘතිය හරහාය. ඒ අනුව කිලෝමීටර් 05කට ආසන්න වට ප්‍රමාණයකින් මෙම ධාවන පථය නිර්මාණය කෙරිණි. මෙහිදී ජාත්‍යන්තර මට්ටමේ තරගයක් පැවැත්වීමේදී ප්‍රධාන ධාවන පථය තුළ වට 63ක් සම්පූර්ණ කළ යුතු අතර, එම මුළු දුර ප්‍රමාණය කිලෝමීටර් 309ක් පමණ වෙයි. මෙම ක්‍රීඩා ධාවන පථය හඳුන්වා ඇත්තේ ‘මරීනා බේ ස්ටී්‍රට් සර්කිට්’ (Marina Bay Street Circuit) ලෙසිනි.

මෙම ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගය ‘ෆෝමියුලා වන්’ (Formula 1) ලෙසින් ලොව පුරා ප්‍රකටය. වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලිය මගින් සිංගප්පූරුව ඩොලර් මිලියන දසදහස් ගණනක ආදායමක් හිමිකර ගන්නා අතර, මෙම තරගාවලිය නැරැඹීම සඳහා ලක්ෂ ගණනක ප්‍රේක්ෂකයන් පැමිණෙයි. එහෙයින් මෙය ලොව ප්‍රධානතම තරගාවලියක් වන අතර, මේ වන විට 2027 වසර දක්වාම එම තරගය සිංගප්පූරුව තුළ පැවැත්වීමට ජාත්‍යන්තර අයිතිය හිමිව ඇත. එසේ නම් ඉහත වංචා දූෂණයට මෙම කතාව සම්බන්ධ වන්නේ කෙසේද? එසේම වසර ගණනාවක් පැරැණි වූ කතාවක් හරහා මෙසේ අලුතින් වංචා දූෂණ වගතුගක් හෙළිව ඇත්තේ කෙසේද?

2008 වසරේදී මෙම සිදුවීම ඇතිවන විටදී වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ධුරය දරන එස්. ඊස්වරන් කටයුතු කර ඇත්තේ වෙළෙඳ හා කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා ලෙසටය. මේ අතර ඉහත ක්‍රීඩා පථය ඉදිකිරීමේ කටයුතු භාරව මූලිකව ක්‍රියා කර ඇත්තේ ඉහත සඳහන් කළ සිංගප්පූරු ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරිකයාය. ක්‍රීඩා පථය ඉදිකිරීමේ සමාරම්භක උත්සවයේදී ප්‍රධාන පස් පිඩැලි දෙක කපනු ලබන්නේද මෙම පුද්ගලයන් දෙදෙනා විසින් බැව් පැරැණි සේයාරුවලින් දැකිය හැකිය. එවැනි වටපිටාවකදී ධාවන පථය ගොඩනැගීමේ කටයුතු වසර කිහිපයක් තුළ සිදුකර ඇති අතර, ඉහත සුවිශේෂ පුද්ගලයන් දෙදෙනා මෙහිදී බොහෝ සමීප හිතමිතුරන් දෙදෙනකු ලෙස කටයුතු කර ඇත. ඒ අනුව දූෂණ වංචා චෝදනා ගොඩනැගෙන්නේද මේ දෙදෙනා ආශ්‍රිතවය.

ඒ තත්ත්වය පදනම් කරගෙන දුර්ලභ ඉහළ මට්ටමේ දූෂණ විමර්ශනයක් සිදුවන්නට පටන් ගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය. එම විමර්ශනයේ නිගමනයන්ගේ යම් ස්ථාවරභාවයක් ඇතිවූ විට මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සිදුකරන ලදී. එනම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා හරහා සිංගප්පූරු ඇමැතිවරයා මූල්‍ය වංචාවකට සම්බන්ධ බවට කරුණු හෙළිව තිබිණි. ඔන්ග් බෙන්ග් සෙන්ග් නමැති මෙම මහා ධනකුවේරයා මැලේසියානු ජාතිකයකු වූ අතර, ඔහු ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරන්නේ සිංගප්පූරුව තුළය.

දැනට 77 වැනි වියෙහි පසුවන ඔහුට ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක පමණ වත්කමක් ඇති බව පැවැසෙයි. මේ වන විට ඔහු සතුව ලෝකයේ රටවල් 07ක හෝටල් ව්‍යාපාර 12ක් පමණ ඇති අතර, තවත් විවිධ කර්මාන්ත ඉදිකිරීම් ව්‍යාපාරයන්ද ඇත. එසේම ලෝකයේ ප්‍රකට හෝටල් ව්‍යාපාරයක් වන හිල්ටන්, මැරියට්, ඉන්ටර් කොන්ටිනන්ටල් වැනි සුවිශාල හෝටල්වලද බහුතරයක් කොටස් ඔහු සතුය. ඔහු සතුව පුද්ගලික ජෙට් ගුවන් යානා සහ නාවික යාත්‍රාද වෙයි.

මෙම කතාන්දරයේ අනෙක් සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යය මතුවන්නේ මෙතැනදීය. එනම් සිංගප්පූරුවේ වත්මන් ප්‍රධාන පෙළේ කැබිනට් අමාත්‍යවරයකු මෙම දූෂිත චෝදනාවන්ට අදාළ විමර්ශනයට පත්කර ඇති බව දැනට එරට අගමැතිවරයා වූ ලී හසිඉන් ලුන්ග් (Lee Hasien Loong) වෙත වාර්තා කරන ලදී. එහිදී හරියටම ගතවූයේ දින දෙකක පමණ කෙටි කාලයකි. අගමැතිවරයා විසින් ප්‍රවාහන අමාත්‍යවරයා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන ලද අතර අනිවාර්ය නිවාඩු යැවීමකට ලක්කරන ලදී. එනම් විමර්ශනය අවසන් වන තෙක් සහ එහි තීන්දු තීරණ ලැබෙන තෙක් කිසිදු ආකාරයකින් රජයේ අමාත්‍ය ධුර දැරීම තහනම් කරන ලදී. සිංගප්පූරුවේ ජනාධිපතිවරයකු සිටියද එහි බලගතු රාජ්‍ය නායක තනතුර වන්නේ අගමැති ධුරයයි.

මෙහි ඇති තවත් සුවිශේෂ වගතුගක් වන්නේ වර්තමානයේ සිංගප්පූරුවේ අගමැති ධුරය දරන ලී හසිඉන් ලුන්ග් යනු ‘සිංගප්පූරුවේ පියා’ යන විරුදාවලිය ලත් හිටපු අගමැති ලී ක්වාන් යූගේ පුත්‍රයාය. මොහුද පියා මෙන්ම එරට සිදුවන වංචා, දූෂණයන්ට එරෙහිව ඉතා ප්‍රබල පියවර ගනු ලබන පුද්ගලයෙකි. දැනට 71 වැනි වියෙහි පසුවන මොහු, 2004 වසරේ සිට මේ දක්වා සිංගප්පූරුවේ අගමැති ධුරය උසුලයි. එනම් වසර 19ක් පුරා මැතිවරණ දිනාගනිමින් එම තනතුරෙහි රැඳී සිටියි. ඔහු ජනතාව අතර මහත් ජනප්‍රියත්වයක් හිමිකරගත් රාජ්‍ය නායකයෙකි.

ලෝකයේ පංචා දූෂණ අවම රටවල් අතරින් 04 වැනි ස්ථානය ගෙන ඇත්තේ සිංගප්පූරුව බව ජාත්‍යන්තර දත්ත වාර්තා පෙන්වා දෙයි. එනම් සිංගප්පූරුවේ ජනතාවට වංචා දූෂණ ගැන පුවත් අසන්නට ලැබෙන්නේ ඉතා අහම්බෙනි. එසේ නම් අපගේ ශ්‍රී ලංකාව ගැන කුමන කතාද? අපගේ රටේ ඇමැතිවරු සොරකම් කරමින්ම ඇමැති ධුර දරයි. පාලකයන් තව තවත් හොරුන්ටම ඇමැති ධුර ලබාදෙයි. අපගේ පාලකයන් අපටම කරුමයක් වී හමාරය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සර්ව පාක්ෂික සමුලුවේදී ජනාධිපතියි පක්ෂ නායකයොයි කරපු කතා එක්ක ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් දැමූ නිවේදනය මෙන්න! Sri Lanka Latest News

Next Post

ජාතික රිටි පැනීමේ ශූරිය ජීවත් වෙන්න පැන්න පිම්ම I Sri Lanka Latest News

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.