ඉකුත් 23 වනදා වවුනියාව, තෝණිකල් ප්‍රදේශයේ උපන්දින සාදයක් අතරතුර නිවසකට කඩාවැදුණු පිරිසක් නිවසට ගිනිතැබීමේ සිද්ධියෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. (Sri Lanka Latest News)
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පසුගිය 23 වනදා මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා වන අතර, ඔහු යාපනය පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ.
මියගිය තරුණයා පිළිස්සුම් තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් ඊයේ (25) ඥාතීන් විසින් යාපනයේ පිහිටි පෞද්ගලික රෝහලකට ඔහුව ඇතුළත් කර තිබෙන අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
newscenter










