නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර මතුව තිබූ මතගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට දෙපාර්ශ්වය සමත්ව තිබේ.Sri Lanka Latest News
පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කොට සිටියේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් නැගෙනහිර වෛද්‍යවරු වැඩවර්ජනයකට පවා සූදානමින් සිටින බවකි.
පසුව ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා හා රජයේ වෛද්‍ය නිලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී මෙම මතගැටුම සමතයකට පත්කරගැනීමට දෙපාර්ශ්වය සමත්ව ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනයක සදහන් වන්නේ ඉදිරියේදී ආණ්ඩුකාරවරයාට සියලු සහාය ලබා දීමට තම සංගමය කටයුතු කරන බවකි.










