අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින සංචාරයක් සඳහා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය. Sri Lanka Latest News
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරීම නිමිත්තෙන් ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය සමඟද ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ අන්‍යෝන්‍ය අවශ්‍යතා සොයා බැලීම පිළිබඳව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු අනෙකුත් නිලධාරීන් සමඟද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.








