බලන්ගොඩ ඕනායක උඩවෙල ප්‍රදේශයේදී යුද හමුදා ගිලන් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අද (20) සිදු වූ අනතුරකින් පාසල් ළමුන් තිදෙනෙකු ඇතුළු හයදෙනෙකු තුවාල ලබා ඇත. (Sri Lanka Latest News)
තුවාලකරුවන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.
දියතලාව යුද හමුදා කදවුරට අයත් ගිලන් රථයක් සහ වෑන් රථයක් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක උඩවෙල ප්‍රදේශයේදි මෙලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවැසීය.
අනතුරින් යුද හමුදා ගිලන් රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර වෑන් රථයේ රියදුරුගේ තත්ත්වය බරපතළ බැවින් රත්නපුර මහා රෝහල වෙත මාරුකර යවා ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පැවැසීය.
අනතුර සම්බන්ධයෙන් ඔිපනායක පොලිසියේ රථවාහන අංශය පරික්ෂණ සිදු කරයි.
lankadeepa










