• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉතාලියේ පීසා කුලුන හමු වුනා… හරිම ලස්සනයිනේ මම පුදුම උනා I Sri Lanka Latest News

July 20, 2023
in Exclusive, Holiday, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකේ කාර්මික රටවල් අතරට අයිති ධනවත් රාජ්‍යයක් වුණත් ඉතාලිය කියන්නේ සංචාරක පුරවරයක්. ඒ හේතුවෙන් වසර පුරා ඉතාලියට එන සංචාරකයන්ගෙන් ඉතාලිය ලබන ආදායමත් සුළුපටු නැහැ. එක් අතකින් ඉතාලිය ලොව පුරා සංචාරකයන්ගේ සිහින ගමනාන්තයක් කිව්වත් වැරැදි නැහැ.(Sri Lanka Latest News)

ඉතාලියේ සංචාරය කරන ඕනෑම කෙනක් අනිවාර්යයෙන්ම යන තැනක් තමයි පීසා ඇලවෙන කුලුන. පීසා කියන්නේ ලොව පුරා බොහෝ දෙනෙක් නම ඇසූ පමණින්ම දන්න තැනක්. මධ්‍යකාලීන ලෝකයේ පුදුම හතෙන් එකක් ලෙස පීසා කුලුන නම්කර තිබීමත් එයට හේතුවෙලා තියෙනවා.

පීසා කුලුනේ දක්නට ලැබෙන අසාමාන්‍ය ඇලවීමේ ස්වභාවය තමයි එය පුදුම හතෙන් එකක් ලෙස නම් කරන්න හේතු වෙලා තියෙන්නේ. මේ ඔක්කොම හින්දා ඉතාලි කොලමේ මුල්ම සංචාරක සටහනත් ලෝක පුදුමයකින්ම පටන් ගන්න හිතුවා.

ඉතාලියේ බටහිර කෙළවරට වෙන්න පිහිටලා තියෙන පීසා නගරය අදටත් බොහොම නිස්කලංක නගරයක්. රෝම නුවර සිට ගොඩබිමින් ඒ වෙත යෑමට පැය තුනකට ආසන්න කාලයක් ගතවෙනවා. ෆ්ලොරන්සේ තමයි පීසාවලට ළඟම ප්‍රධාන නගරය. දුම්රියෙන් ගමන් කරන්නේ නම් ෆ්ලොරන්සේ සිට පීසාවලට යෑමට ගතවෙන කාලය පැයක්. පැරැණි යුරෝපය සිහිපත් කරවන නවීකරණය නොවූ එහෙත් සිත්ගන්නාසුලු දුම්රිය ස්ථානයක් පීසාහි පිහිටා තියෙනවා.

දුම්රිය ස්ථානයේ ඉඳන් ආර්නෝ ගංගාව පසුකරමින් පාගමනින් වුණත් පීසා කුලුන වෙත ගමන් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පීසා කුලුන වසර පුරාම සෑම සති අන්තයකම සංචාරකයන්ගෙන් පිරී ඉතිරී යන තැනක්. සංචාරකයන් මැදින් ඈතින් දිස්වෙන පීසා කුලුන නෙතට එක් කරන්නේ අමුතුම චමත්කාරයක්. පීසා කුලුන සමග විවිධාකාරයේ ඡායාරූප ගැනීමට තමයි ඒ බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ.

එය ඇත්තටම පුදුමයක්. එක් පසෙකින් පොළොවට ගිලාබැස ඇති එය මොහොතකින් කඩාවැටේ දැයි කියන චකිතය පවා සිතට නැඟෙනවා. ඒ පුදුමය තවත් වැඩිවන්නේ පීසා කුලුන මතට නැගීමේදී. එක් පැත්තකට ඇලවූ පියගැටපෙළ මතින් ඉහළට නැගීමේදී ශරීරයේ සමබර බව සම්පූර්ණයෙන්ම ගිලිහෙනවා. එය වචනයෙන් විස්තර කළ නොහැකි අත්දැකීමක්. ඇතැමකු කෙටි දුරක් ඉහළට ගමන් කොට නැවත හැරී එන්නේ ඒ අපහසු බව දරාගත නොහැකි බැවින්.

පීසා කුලුන ඉහළදීත් ඒ තත්ත්වය එසේමයි. එක්වරම පසෙකට විසිවී යන ස්වභාවයක් තමයි එහි තියෙන්නේ. නමුත් කුලුන මතට දිස්වන පීසා නගරයේ සුන්දරත්වය තව වේලාවක් ඉහළ මහලේ රැඳී සිටීමට හිතට බල කරනවා.

අතීතයේදී භාවිත කළ ගණ්ඨාර අදටත් එහි ඉහළ මහලේදී දැකගන්න පුළුවන්. කුලුනේ සිට පහළට බහිද්දී ඒ දැනෙන අසමබර බව තවත් වැඩි වෙනවා. එය සාමාන්‍ය තත්ත්වයට පත්වන්නේ කුලුනෙන් බිමට බැස තවත් ටික වේලාවක් ගතවූ පසුවයි.

පීසා කුලුනේ ඉතිහාසය 12 වැනි සියවස තරම් ඈතකට දිවයනවා. පීසා ආසන දෙව් මැඳුරේ ගණ්ඨාර කුලුන ලෙසින් ක්‍රි.ව. 1173 වසරේදී මෙහි වැඩ කටයුතු ආරම්භ වූ බව තමයි සඳහන් වෙන්නේ. මෙහි ආරම්භක නිර්මාණකරු පිළිබඳවත්, එය ඉදිකිරීමට ගතවූ කාලය පිළිබඳවත් විවිධ මතවාද පවතිනවා. ෆිසීනෝ නම් නිර්මාණකරුවකු විසින් මෙහි භූමිය පිළිබඳ අවධානය යොමු නොකරමින් ඉදිකිරීම් ආරම්භ කළ බවත්, ඉදිකිරීම් ආරම්භ කර ටික කලකින්ම කුලුන ගිලී යාම හේතුවෙන් ඔහුව නගරයෙන් පන්නා දැමීමට නගරවාසීන් කටයුතු කළ බවටත් එක් මතයක් පවතිනවා.

නමුත් මෙහි මුල් නිර්මාණකරු නොදන්නා බවටත් තවත් මතයක් පවතිනවා. පීසා ආසන දෙව් මැඳුරට අයත් අනෙක් ගොඩනැගිලි ඒ ආකාරයෙන්ම අදත් දැකගන්න පුළුවන්. කොහොම වුණත් මෙහි භූමිය පිළිබඳ නොසලකා ඉදිකිරීම් ආරම්භ කළ පීසා කුලුනේ වැඩකටයුතු අවසන් කිරීමට සියවස් දෙකකට අධික කාලයක් ගතවූ බව පැවසෙනවා. ඒ නිර්මාණකරුවන් කිහිප දෙනකුගේ අධීක්ෂණය මැද.

පීසා කුලුන මේ ආකාරයෙන් පවත්වා ගැනීම සඳහා විවිධ තාක්ෂණික ක්‍රම යොදාගෙන තියෙනවා. ඒ වගේම කුලුන කඩාවැටීමේ අවදානම හේතුවෙන් ඇතැම් කාලවල කුලුන අසලට ගමන් කිරීම පවා තහනම් කර තිබූ බවත් පැවැසෙනවා. නමුත් වර්තමානයේ එවැනි තහනමක් නැහැ. ලොව පුරා සංචාරකයන්ට මේ විස්මයජනක නිර්මාණය අසලට ගොස් පුදුමයෙන් පුදුමයට පත්වීමේ අවස්ථාව කිසිදු බාධාවකින් තොරව හිමිවෙලා තියෙනවා.

ඒ වගේම එක් කාලයක මේ කුලුන කෙළින් සිටුවීම සඳහාත් ඉතාලි රජය උත්සාහ දරා තියෙනවා. නමුත් පීසා නගරවාසීන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මත එම තීරණය ක්‍රියාත්මක කිරීමට හැකි වෙලා නෑ.

ගුරුත්වාකර්ෂණය සම්බන්ධ තම මතය තහවුරු කිරීම සඳහා ගැලීලියෝ ගැලිලි පීසා කුලුන මත සිට විවිධ ප්‍රමාණයේ භාණ්ඩ පොළොවට අත්හැරිය බවට පීසා කුලුන හා සම්බන්ධ රසවත් කතාවක් පවතිනවා.

සැබැවින්ම පීසා කුලුන කියන්නේ තාක්ෂණික දෝෂ සහිත ඉදිකිරීමක්. නමුත් ඒ දෝෂයම එය ලෝ ප්‍රචලිත කිරීමට හේතු වී තිබෙනවා. ඉතින් එයම පුදුමයක් නොවෙයිද?

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

බටහිරට අනතුරු ඇඟවීමක්!

Next Post

ජයශංකර් ඇවිත් රනිල්ව පිළිගනී! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.