• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලය පරාදයි? I Sri Lanka Latest News

July 20, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ සමාජ, දේශපාලනික පරිවර්තනයක් කිරීමට අරගලයට හැකිවිය. ඒ හැටනව ලක්ෂයක් වැනි අතිවිශාල ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් ඉතා බලගතුසේ සැලකූ ජනපති ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකිරීම, විශාල ජනප්‍රසාදයක් හිමිව තිබූ මහින්ද රාජපක්ෂ අගමැතිකමින් නෙරපීම ඇතුළුව සමස්ත ආණ්ඩු පෙරළියක් ඇතිකිරීමට සමත් වීමයි.(Sri Lanka Latest News)

ගල් කැටයක් හෝ අතින් නොගෙන පින්සලක් සහ පුවරුවක් පමණක් යොදාගෙන නිර්මාණශීලීත්වයේ අරගල කලාව ලොවට පෙන්වමින් මීට වසරකට පෙර අපූර්වතම අරගලයක් අපේ රටේ සිදුවිය.

ඉන්ධන මිල ඉහළ යෑම, ඉන්ධන පෝලිම්, දෛනික විදුලි කප්පාදුව, ඉහළ යන ජීවන වියදම සහ කෘෂි කර්මාන්තය විනාශ මුඛයට ඇද දැමීම ඇතුළුව ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක ආර්ථික කළමනාකරණය මුල් කර ගනිමින් දැවැන්ත ජන සහභාගීත්වයකින් ජන අරගලය ආරම්භ වූයේ ඔහුගේ මිරිහානේ පෞද්ගලික නිවෙස අසළ පැවති ජන විරෝධතාවෙන් අනතුරුවය.

ඊට පෙර රට පුරා තැනින් තැන හුදෙකළා කුඩා කුඩා කණ්ඩායම් එක්රැස් වී පැවති තත්ත්වයට තම විරෝධය පාමින් තිබිණි. ගාලුමුවදොර කේන්ද්‍ර කොටගෙන ඇරඹි ජන අරගලයේ විශේෂත්වය වූයේ පාට පක්ෂ හෝ ආගමික භේදයකින් තොරව පොදු මහජනතාව ඊට සහභාගි වීමයි. එහි සාර්ථකත්වය වූයේද නිර්පාක්ෂිකව ස්වේච්ඡාවෙන් ජනතාව ඊට සහභාගි වීමයි. ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ පැවැත්වෙන අරගලයට සහාය දීම සඳහා නිලූෂා පැමිණියේ බේරුවල සිටය.

ඇය වැනි තවත් ශ්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් අනුරාධපුර, කුරුණෑගල, ගම්පහ, නුවර, මාතර හා වැල්ලවත්ත ආදී ලංකාව පුරා නොයෙක් ප්‍රදේශවලින් එයට එකතු වූයේ කිසිවකුගේ පෙළඹවීමකින් තොරව ස්වේච්ඡාවෙනි.

අරගලයේ අවසාන දිනය වන විට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් අදහාගත නොහැකි තරමේ අතිවිශාල පිරිසක් පැමිණෙන්නට පටන් ගත්හ.

‘නුවර ඉඳලා ආබාධිත රණවිරුවෙක් අරගල බිමට පයින් යනවා.’

මේ පුවත අරගලය උණුසුම් වන දිනවල අසන්නට ලැබුණු පුවතක් විය.

මහනුවර සිට තරුණියන් දෙදෙනකු සහ තරුණයකු ගෝල්ෆේස් පිහිටි ‘ගෝඨා ගෝගම’ට පාගමනින් යන ගමනක් ආරම්භ කළේ ඔය අතරය. අවසන් දින වන විට අරගලයට සහභාගි වී සිටිය නොහැකි වූයේ කාටද? අරගලයේ අනුරාගය මුළු රට පුරා සෑම මිනිසකුගේම සිත් සතන් තුළට ආරෝපණය වී තිබිණි. අපි මහනුවරින් අරගලයට සම්බන්ධ වීමට ගමනාරම්භ කළේ නව වැනිදා පෙරවරුවේය. ඊට පැමිණෙන්නට දුම්රියට නැගීමට දහස් ගණන් පොරකමින් සිටි අතර, දුම්රියේ එල්ලීම අරගලයකට වඩා විශාල අරගලයක තරම් විය.

දැඩි අරගලයක් කොට දුම්රියට රිංගා ගැනීමෙන් අනතුරුව දුම්රිය තුළ සිටි සියලු දෙනා අතර වූයේ ඉක්මනින්ම කොළඹ බලා පිටත් වීමේ දැඩි වුවමනාවය. පෙරවරු නවය වන විට සියලු දෙනාට ගෝල්ෆේස් අරගල භූමියට පැමිණීමට හැකි විය.

ආදරයේ අරගලය එදින තීරණාත්මක හෝරා කිහිපය ගත කරමින් තිබිණි. විවිධ ක්ෂේත්‍රවල විවිධාකාර මිනිසුන්ගෙන් අරගල බිම පිරී ඉතිරී ගොස් තිබිණි. අතිශයින්ම සංවේදී දසුන් අරගල භූමිය පුරාම තිබිණි.

තිස් වසරක යුද්ධයට මුහුණ දුන් ආබාධිත රණවිරුවන් විශාල පිරිසක් අරගල භූමියේ සිටිනු දැකිය හැකි විය. ඔවුන්ට තිබුණේ මේ රට දුර්දාන්ත පාලනයෙන් නිදහස් කරගැනීමේ වුවමනාවය. දහස් ගණන් විවිධාකාර තරුණ තරුණියන්ගෙන් අරගල භූමිය පිරී තිබිණි. ඔවුන්ට තිබුණේ දුර්දාන්ත පාලනයෙන් රට නිදහස් කරගැනීමේ වුවමනාවය. සිය ගණන් කලාකරුවන්ගෙන් අරගල භූමිය පිරී තිබිණි. ඔවුන්ට වුවමනා වූයේත් මේ රට දුර්දාන්ත පාලනයෙන් නිදහස් කරගැනීමටය. සිය ගණනක් භික්ෂුන් වහන්සේලාගෙන් අරගල භූමිය පිරී තිබිණි. උන්වහන්සේලාට අවශ්‍ය වූයේ ද මේ රට දුර්දාන්ත පාලනයෙන් නිදහස් කරගැනීමටය.

එහිදී මා දුටු අතිශය සංවේදී සිදුවීමක් මෙහිලා සටහන් කළ යුතුමය.

ගොළු බස හදබස කරගෙන මිනිසුන් සමග සම්බන්ධතා ගොඩනගා ගත් 400ක පමණ කතා කළ නොහැකි තරුණ තරුණියන් පිරිසක් මේ අරගලයට සම්බන්ධ වී සිටිනු දැකිය හැකි විය.
ෆේස්බුක් සටහන් දෙකකට ප්‍රතිචාර ලෙස දුම්රියෙන් හා බස් රථ කුලියට ගෙන ඔවුහු පැමිණ තිබිණි. එම කණ්ඩායම සංවිධානය කළේ නිලූෂා නැමැති තරුණියකි.

නිලූෂා පවසන එක වචනයකුදු හෝ කිසිදු හඬක් පිට නොකරන මුත් මේ බලා සිටින සියල්ලෝ ඇය කියන දෙයට නෙත් යොමා සිටියහ. ඔවුන්ගේ සවනට කිසිවක් නෑසේ.
නිලූෂා ඇතුළු මේ සියල්ලෝම කතා කරන්නේ සංඥා භාෂාවෙනි. අරගල භූමිය කොතෙක් ඝෝෂාකාරී වුවත් ඔවුනට එය බාධාවක් නොවේ. කැලුම් සමරවික්‍රම ඔවුන්ගේ සංඥා භාෂාව සෙසු අයට පරිවර්තනය කරමින් සිටී.

‘සාමාන්‍යයෙන් කථන හා ශ්‍රව්‍යාබාධ සහිත අපට සමාජයේ අනෙක් අයට වඩා බොහෝ හිරිහැර හා දුෂ්කරතා විඳින්න සිද්ධවෙලා තියෙනවා. ඒවා අප අත්විඳින්නේ බොහෝ කාලයක සිටයි. ඒත් අපි කල්පනා කළා හැමෝම වෙනුවෙන් කෙරෙන අරගලයකට අපේ සහයෝගය ලබා දෙන්න. ආබාධ සහිත පුද්ගලයො කියලා අපි සමාජයට බරක් වෙමින් ජීවත්වෙලා නැහැ. අපේ දෑතෙ වීරියෙන් හම්බ කරලා, කාලා බීලා හිටියා. ඒත් දැන් මාස කීපයක ඉඳන් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.’

‘අපි කියන්නෙ ආණ්ඩුව ඉවත්වෙලා වෙනත් කරන්න පුළුවන් කණ්ඩායමකට ඒකට ඉඩදෙන්න කියලා. ඒ වගේම අපේ රටෙන් ගත්තු ධනය ආපහු අපේ රටට දෙන්න….’

ඔහු ඔවුන්ගේ සංඥා භාෂාව සාමාන්‍ය බසට පරිවර්තනය කළේ එහෙමය.

අරගල භූමිය විවිධාකාර වෛවර්ණ මිනිස්සුන්ගේ තෝතැන්නක් බවට පත්විය. කම්කරුවන්, වෘත්තිකයන්, ගුරුවරුන්, නීතිඥයන්, වෛද්‍යවරුන්, ආගමික නායකයන්, තරුණ තරුණියන්, කලාකරුවන්, සාහිත්‍යවේදීන් ඇතුළු රටේ සියලු ක්ෂේත්‍ර නියෝජනය කරන දසදහස් ගණන් වූ පිරිස් අරගල භූමියේ පොදි කකා සිටියේ දුර්දාන්ත පාලනය ගෙදර යවන්නටය.

අවසානයේ ඒ තීරණාත්මක පණිවුඩය ලැබිණි.

ඒ, ගෝඨාභය රාජපක්ෂ නමැති අදූරදර්ශී පාලකයා සිය ධුරයෙන් නික්ම යන්නට තීන්දු කිරීමේ පණිවුඩයයි.

දහස් ගණනක් අරගලකරුවෝ තමන් අසල සිටින ඕනෑම අයකු ආදරයෙන් වැලඳගෙන ඒ මහා සතුට සමරන්නට වූහ. රටක් අරාජිකත්වයට තල්ලු කරමින් සිටි පාලනයක් නිමා කිරීමේ ප්‍රීතිය බෙදාගන්නට අසල සිටියේ කවුදැයි කිසිවකුට සොයා බලන්නට අවශ්‍ය වූයේ නැත.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වන ජන අරගලයක් වන්නේ සියලු බලතලවලින් සමන්විත විධායක ජනාධිපතිවරයකු ගෙදර යැවූ පළමු අවස්ථාව නිසාවෙනි.

විධායක ජනාධිපතිවරයකු මෙන්ම සේනාධිනායකයා වූ ගෝඨාභය රාජපක්ෂට කොටුව ජනපති මන්දිරයේ පස්ස දොරෙන් පලාගොස් රටින් පිටව යෑමට තරම් ජනතා අරගලය බලගතු විය. ඒ, තවත් වසර දෙකක් ඔහුට ධුරය දැරීමට හැකියාව තිබියදීය. තුනෙන් දෙකකට වැඩි බහුතර බලයක් සහිත පොදුජන පෙරමුණු ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමටත්, එක් මන්ත්‍රී ධුරයක් ඇති එක්සත් ජාතික පක්ෂයේ නායකයාට අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමටත්, එතැනින් ජනාධිපති ධුරය දක්වා පැමිණීමටත් ඉඩහසර වෙන්වූයේ ද අරගලය හේතුවෙනි.

මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පවුලේ කිසිදු රාජපක්ෂවරයකුට කැබිනට් මණ්ඩලයේ ඉඩක් වෙන් නොවන තරමටම අරගලය බලගතු විය. ඒ, සියලු බලයන් අභිබවා ජනතාවගේ බලය ඉහළින්ම ඇති බවට යළි යළිත් සාක්ෂි සපයමිනි. ජූලි 09 වැනිදා දහවල් වන විට ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති මන්දිරයෙන් ඉවත්ව නාවික හමුදා රැකවරණය යටතේ නාවික හමුදා යුද නෞකාවක දින ගණනක් මුහුදේ ගතකිරීමට සිදුවිය. ජුලි 13 වැනිදා අලුයම ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ සිය බිරිය හා ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු සමගය. ඉන් පසු මාලදිවයිනෙන් සිංගප්පූරුවට ගිය ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා දැන් තායිලන්තය බලා යෑමට සූදානම් වෙයි. අරගලයත් සමග ඇතිවූ ආණ්ඩු පෙරළියේ සිදුවූ තවත් සුවිශේෂ වෙනසක් වූයේ ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ සිවිල් තනතුරු සඳහා යොදවා සිටි නිලධාරීන් කිහිප දෙනකු හැරෙන්නට හිටපු හමුදා නිලධාරීන් රැසකට එම ධුර අහිමි වීමය.

මේ සිදුවීමට දැන් වසරක් ඉක්ම ගොස් අවසන්ය. ඇතැමුන් විමසා සිටින්නේ ‘අරගලය කරලා මොනවද ලැබුණේ’ කියන එකය. අපට නම් සිතෙන්නේ අරගලය නොවන්නට කිසිවක් ලැබෙන්නට රටක්වත් ඉතිරි නොවන බවය.

අරගලයෙන් මොකද්ද වුණේ කියලා මොකද්ද වුණේ කියලා කවුරු හරි අහනව නම් ඔහු එක්කෝ මිනිසකු නොවේ.

අරගලය සම්බන්ධයෙන් පසුගියදා අපූරු facebook සටහනක් දැකිය හැකි විය.

‘අරගලය පරාදද කියලා අහන අයට

ලංකා ඉතිහාසයේ එදා මෙදාතුර සිහිකළ හැකි ජයග්‍රාහී එකම මිනිස් අරගලයක් තුළින්,
තක්කඩි මහබැංකු අධිපති කෙනෙක්ව පැන්නුවා…

තක්කඩි මුදල් ඇමැති කෙනෙක්ව පැන්නුවා…

තක්කඩි කැබිනට් අමාත්‍ය මණ්ඩල දෙකක් පැන්නුවා…

තක්කඩි අග්‍රාමාත්‍යවරයෙක්ව පන්නලා හැංගෙන්න සිද්ධ කළා…

තක්කඩි විධායක බලතල හිමි තුනෙන් දෙකේ බලයක් සහිත ජනාධිපති කෙනෙක්ව ලෝකෙ වටේ ඉන්න හිටින්න තැනක් නැතුව පන්නලා දැම්මා…

තක්කඩි හිටපු ඇමැතිවරුන්ට මහපොළොවෙ ඇවිදින්න, ගමට යන්න බැරි තැනට පත් කළා….

දැන් අරගලය පරාදද…? මේ තරම් ජයග්‍රහණ ගත් අවිහිංසාවාදී මානුෂික අරගලයක් ලෝක ඉතිහාසයේ නැත.

දැන් අරගලය පරාදද?
නැත.
අරගලය ඉවරද?
ඒත් නැත.

අරගලය මානුෂිකයි. ජනතාවාදී ජයග්‍රහණ දිනනකං අරගලය අවසන් නැත. කිසිදු ජනමතයක් නැති අටවපු ජනාධිපති රනිල්ව එළවන තෙක්ද අරගලය අවසන් නැත. එයිනුත් පසුව පාර්ලිමේන්තු ගුබ්බෑයම අවසන් කර මැතිවරණයක් දක්වා යන තෙක් අවසන් නැත. එනයින් දිනාගත් ජයග්‍රහණ බොහෝය.

දැන් ඔබ, ඔබ සමග අරගල කරන්න. දැන් ඇත්තේ ඔබට ඔබ සමග බුද්ධිවාදී අරගලයකි. රටක් බංකොලොත් කළ රාජපක්ෂ තක්කඩි හොර නඩය මේ රටේ මිනිසුන් පන්නා දමා අවසන්.

ඔබට ඊළඟට දම්පාට සුළැඟිල්ලක් ලැබෙන දවසෙදි ඔබ කළ යුතු දේ ගැන මනා ලෙසින් අධ්‍යාපනයක් ලබන්න මේ ටික කාලයේදී. ඒක ඔබේ වගකීමයි.

ඉතින් අරගලය අවසන් නැත. දැන් අරගලය ඔබට ඔබ සමගමයි….’

පුබුදු උදයංග

SendShareShare
Previous Post

මුහුදේ ගිය අපේ කොල්ලෙක්ට එංගලන්තෙ කරපු මිල කළ නොහැකි දේ I Sri Lanka Latest News

Next Post

බටහිරට අනතුරු ඇඟවීමක්!

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.