• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුහුදේ ගිය අපේ කොල්ලෙක්ට එංගලන්තෙ කරපු මිල කළ නොහැකි දේ I Sri Lanka Latest News

July 20, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ රටේ ධීවරයන්ගේ එක්තරා ක්‍රමවේදයක් තමයි බහුදින ධීවර යාත්‍රා කියලා කියන්නේ. මේ යාත්‍රාවේ බඩුමුට්ටු ටික පටවාගෙන කොහෙ හරි ධීවර වරායකින් පිටත් වෙලා මේ අය මුහුද දිගේ ඈත දියඹට යනවා. ඒක සමහර විට මාස ගණනාවක ගමනක්. මේ මුහුදු ගමනෙදී ඔවුන්ට අවශ්‍ය කරන සියලු පහසුකම් ඔවුන්ම සපයා ගන්න ඕනේ.(Sri Lanka Latest News)

ඒකට හේතුව මහ මුහුදේ යන එන අතරතුරේ කන්න බොන්න නතරවෙන්න බේත්හේත් ටිකක් ගන්න විඩා නිවාගන්න තැන් මුණගැහෙන්නේ නෑ. ඒක ඔවුන් දන්නවා. ඔවුන්ට ඒක පුරුදුයි. ඒ නිසා සාමාන්‍ය අසනීපයකට අවශ්‍ය කරන බේත්හේත් ටිකක් ඔවුන් ගාව තියෙනවා. ඒ වගේම මේ මුහුදු රස්සාව කරන්නේ යකඩයෝ වගේ මිනිස්සු. ලෙඩක් දුකක් අසනීපයක් දැනෙනවා නම් ඒ මිනිස්සු නොගිහින් ඉන්නවා වගේම, කරදිය හුළඟට මහ මුහුදේ හීතලට බඩගින්නට වේදනාවට කඩා වැටෙන මිනිස්සු නෙවෙයි මේ මිනිස්සු. ඒගොල්ලෝ හරි ශක්තිමත්.

එංගලන්තෙට අයිතිවෙලා තියෙන දියෝගාර්සියා කියන දූපත මේ විදියට යන ධීවරයෝ මසුන් අල්ලන්නට යොදාගන්න වඩාත් ප්‍රසිද්ධ ස්ථානයක්. මේ කතාව සිදුවෙන්නේ දියෝගාර්සියා දූපත ආසන්නයේ. මේක කවදාවත් මේ යාත්‍රාවේ ගිය බලාපොරොත්තු වෙච්ච සිදුවීමක් නෙවෙයි. යාත්‍රාවේ හිටපු එක්තරා තරුණයෙක් හදිසියේම අසනීප වෙනවා. මේ සිද්ධියට මුහුණ දෙන්නේ අශේන් පුතා කියන ධීවර යාත්‍රාව.

මේ විදියට අසනීප වෙන්නේ රමේෂ් තරුෂ කියලා තමයි අපට දැනගන්න ලැබුණේ. අශේන් පුතා යන්නේ ධීවරයෝ හයදෙනෙක් එක්ක. ඒ හයදෙනා එක්ක යනකොට තමයි හදිසියේම තරුෂගේ අසනීප තත්ත්වය මතුවෙන්න පටන් අරගන්නේ. තරුෂ කියන විදියට ඔහුගේ බඩ ඉදිමිලා, ඔහු වේදනාවෙන් කෑගහනකොට ඒ සහෝදර ධීවරයන්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා. හදිසියේ රෝගියා අරගෙන යන්න රෝහලක් නෑ.

ගොඩබිමට එනවා නම් දවස් දහයක විතර ගමනක් තියෙන්නේ. මේක පහසු වැඩක් නෙවෙයි. රෝගියෙක්ව දවස් දහයක් තිස්සේ කිසිම ප්‍රතිකාරයක් නොකර තියාගන්න පුළුවන්ද? මේ යාත්‍රාවේ හිටපු අය බුද්ධිමත්. ඔවුන් ඉක්මනින්ම ගොඩබිමට මේක දැනුම් දෙනවා. මේ අය උත්සාහ කරන්නේ මාලදිවයින් මුහුදු සීමාව ඔස්සේ ඉක්මනින් ශ්‍රී ලංකාවට එන්න අවසර ලබාගන්න.

ඔවුන් මේ බව දැනුම් දෙන්නේ ශ්‍රී ලංකාවේ ධීවර දෙපාර්තමේන්තුවට. තමන්ට අමාරු වෙනකොට, අසනීපෙ දැනෙනකොට තරුෂ ගිහින් කියනවා ස්කිපර්ට. ස්කිපර් ටක් ගාලා ලංකාවට දැනුම් දෙනවා. දැනුම් දීමේ වැඩකටයුතු ටික හරි සාර්ථකව සිදුවෙනවා. ලංකාවේ නිලධාරීනුත් ඉතා ගෞරවනීය සේවයක් කරනවා. ඔවුන් හැකි ඉක්මනට දෙන්න පුළුවන් තැන් ටිකට ටක් ගාලා දැනුම් දෙනවා.

මේ දැනුම් දීමත් එක්කම මේ ප්‍රවෘත්තිය සැලවුණාම එංගලන්ත රජය විසින් ඔවුන්ගේ මැදිහත්වීමෙන් දියෝගාසියා දූපත ආසන්නයේ තිබුණු නැවකට තරුෂව අරගෙන ගිහිල්ලා එහිදී ඔහුට ප්‍රතිකාර කරලා වහාම තරුෂව රෝහල්ගත කරලා අවශ්‍ය සියලු ආකාරයේ ප්‍රතිකාර ටික ලබාදුන් බව තමයි තරුෂ කියන්නේ. දැනගන්න ලැබෙන විදියට ඔහුට යම් සැත්කමක් සිදුකළ බවත් වාර්තා වෙනවා. ඒක ඒ තරම්ම පැහැදිලි නෑ. කොහොම නමුත් අවශ්‍ය කරන ප්‍රතිකාර සියල්ල සිදුකරලා එහෙමයි කියලා නිකන් ඉන්නේ නෑ. මේ අය විසින් විශේෂ ගුවන් යානයකින් තරුෂව ශ්‍රී ලංකාවට එවන්න කටයුතු කරනවා.

එහෙම කළා විතරක් නෙවෙයි. කටුනායක ගුවන් තොටුපළේ ඉඳලා මීගමුව රෝහලට තරුෂව රැගෙන යන ගිලන් රථයට පවා ගෙවන්නේ තරුෂව ලංකාවට අරගෙන එන්න කටයුතු කළ දියෝගාසියා දූපතේදී ඊට මැදිහත් වූ එංගලන්ත රජයට අයත් කණ්ඩායම විසින්. ඒ නිසා අපි හිස නමා ආචාර කරනවා. අපි සැලියුට් කරනවා එංගලන්ත රජයට. ඔබ ඉතා ගෞරවනීය සේවයක් කළේ.

මොහු රාජ්‍යතාන්ත්‍රිකයෙක් නෙවෙයි. ඇමැතිවරයෙක් නෙවෙයි, ඇමැතිවරයෙක් නෙවෙයි. මුළු රටම දන්න කෙනෙක් නෙවෙයි. මේ අපේ රටේ ධීවර ගම්මානයක හිටපු අහිංසක කොල්ලෙක්. පන්නෙ අල්ල අල්ලා ඉද්දී ලෙඩ වෙලා කෑගහපු තරුෂව ලංකාවට අරගෙන එන්න කිසිම විදියක් නැතිව ඉද්දී ලෝකයෙන් ගෞරවය දිනාගන්න, ලෝකෙ ඉස්සරහා ප්‍රසිද්ධ වෙන්න, ලෝකෙ හොඳම රට වෙන්න, එහෙම නැත්නම් දේශපාලන සබඳතා ශක්තිමත් කරගන්න, යුද උපකාර ගන්න ඒ කිසි දේකට නෙවෙයි.

මේ තමයි මානුෂීය රාජ්‍යතාන්ත්‍රිකයාගේ ලක්ෂණ. තරුෂව සනීප කරලා ලංකාවට එව්වා කියලා, තරුෂගේ ඉඩම්කඩම්වලින් භාගයක් එංගලන්ත රජයට ලියාගන්න බෑ. තරුෂට උදව් කළා කියලා තරුෂගෙන් ඊට අදාළ වියදම ගන්න බෑ. තරුෂව සතුටු කළා කියලා තරුෂගෙන් මොකක් හරි උදව්වක් ගන්න එංගලන්ත රජයට බෑ. හැබැයි ඒ වුණාට ඔවුන් හැබෑ මිනිහෙක් ළඟදී හැබෑ මනුස්සකම ප්‍රදර්ශනය කරපු බව අපි ලෝකෙට කියන්න ඕනේ. මේක සිංහලෙන් ලිව්වට ඔබට පුළුවන් නම් මේ ප්‍රවෘත්තිය ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ලෝකෙට යවන්න. අපේ රටේ අහිංසක මිනිස්සු එංගලන්ත රජයට ගරු කරනවා කියන එක, ආදරේ කරනවා කියන එක, ඔවුන් කරපු සේවය යළි යළිත් සිහිපත් කරනවා කියන එක ඒ අයට කියන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නියඟය දරුණු වෙයි! අනුරපුර වැව් බිංදුවටම හිඳෙයි! මහවැලි වතුර නොදුන්නොත් ‌‌බොන්න වෙන්නේ දවසක් ඇර දවසක්! අටමස්ථානයටත් වතුර නෑ! Sri Lanka Latest News

Next Post

අරගලය පරාදයි? I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.