ඩෙංගු මර්දන සහායකයන් ස්ථිර කිරීම සම්බන්ධයෙන් මීට පෙර තමා පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අවස්ථාවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඔවුන් ස්ථීර කරන ලෙස පැවසුවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.Sri Lanka Latest News
ජුනි 20 වැනිදාත් තමා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ බවත් මෙම සේවයේ නිරත 1105ක පිරිසට දෛනිකව හිමිවන්නේ රුපියල් 733ක් වැනි සුළු වැටුපක් බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ බහුකාර්ය සේවයේ නිරත සේවකයන් 31000ක් ස්ථිර කිරීමට හැකියාව තිබිය දි මොවුන් ස්ථීර කිරීමට හැකියාවක් නැත්තේ ඇයි ද? යන්න ප්‍රශ්නකාරි බවත් ය.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිව සිටින කාලයේ අනියම් පත්වීම් රාශියක් ලබා දී තිබුණත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් යටතේ ඔවුන්ව රැකියාවෙන් පහ කළ බවත් දැන් සිදු වන්නේත් එවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් ද? කියා ප්‍රශ්න කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










