යාපනය අච්චුවේලී පොලිසිය ඉදිරියට පැමිණි පුද්ගලයකු පොලිසියට විරෝධය දක්වමින් සිය සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිණි තබාගැනීමට උත්සාහ කොට තිබේ.
යාපනයේ ආවරංගල් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ දියණියට පුද්ගලයෙකු උසුලු විසුලු කරමින් බොරු කතා ප්‍රචාරය කරමින් ගිය සිද්ධියක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට අච්චුවේලී පොලිසිය අපොහොසත් වීම නිසා ඊට විරෝධය පළකරමින් මොහු ඊයේ (17) සිය සිරුරට ගිණි තබාගැනීමට උත්සාහ කොට තිබේ.
යාපනය අධිකරණය විසින් ඉහත කී සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කොට තිබුණද, පොලිසිය ඔවුන්ව අත්අඩංගුවට නොගෙන ඔවුන්ට නිදැල්ලේ විසීමට ඉඩකඩ සපයා දුන් බවටද ගිණි තබාගැනීමට ගිය පුද්ගලයා චෝදනා කොට ඇත.
කෙසේ වෙතත් සිරුරට භූමිතෙල් බෝතලයක්ම වත්කරගත් පුද්ගලයා සිය සිරුරට ගිණි තබාගැනීමට සූදනම් වූ අවස්ථාවේදී අච්චුවේලී පොලිසියේ නිලධාරීන් පිරිසක් වහා දිවගොස් ඔහුව ඔසවාගෙන රැගෙන විත් තිබේ.
lankasara










