ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) දිනයේද තවත් අවප්‍රමාණය වී ඇත.Sri Lanka Latest News
ශ්‍රී ලංකා මහ බැංකුව අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල ශ්‍රී ලංකා රුපියල් 313.29 ක් ලෙස සටහන් වූ අතර ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 327.16 ක් ලෙස සටහන් විය.
ඒ අනුව 2023.06 23 සිට 2023.07.17 (අද) දක්වා දින 24ක් තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 12.79 ක් හෙවත් 4.1% අවප්‍රමාණය වී ඇත.











