• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැතිවරණ කොල්ල කන්න හදපු ජනාධිපතිටයි, විරුද්ධවාදීන් මර්දනයට ගිය අගමැතිටයි, අධිකරණය උගන්වපු පාඩම I Sri Lanka Latest News

July 14, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලය තියෙන කොට මොළය නැති වුණාම ඒක තමයි වෙන්නෙ…

‘මේක නිකම් හරියට හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක්. ජනතාව මේ කොවිඩ් කියන ලෙඩේට බිය වෙන්න ඕනෙ නෑ. මේක ඉක්මනට නැතිවෙලා යනවා. මේක වසංගතයක් නෙවෙයි. නීතිරීති දාගෙන වහගෙන ඉන්න තරම් භයානක තත්ත්වයක් මේ රෝගයට නැහැ. අපි මේ කොවිඩ් රෝගය දැන් සම්පූර්ණයෙන්ම පාලනය කරලයි තියෙන්නේ. ඒ නිසා කවුරුවත් බිය වෙන්න අවශ්‍ය නෑ…’(Sri Lanka Latest News)

පසුගිය 2020 වසරේ මැදභාගයේදී කොවිඩ් මාරයා ගැන මෙම කතාව කියන්නේ කවුරුන් විසින්ද? ලොව මිනිසුන් මිලියන ගණනාවක් බිලිගත් යක්ෂාවේශ කොවිඩ් මාරයා ගැන මේ කතාව කිව්වේ එවක ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. මෙතරම් මාරක වසංගතයක් ගැන ඉතා සැහැල්ලුවෙන් අවතක්සේරු කරමින් සහ ක්‍රියාකරමින් ඔහු සිදුකළ ක්‍රියාවලිය නිසා අවසානයේදී ඇමෙරිකාවේ ජනතාව ලක්ෂ 11කට අධික පිරිසක් මරුවා විසින් ඩැහැගෙන ගියේය. ඇමෙරිකානු ජනාධිපතිවරයා මාරක කොවිඩ් වසංගතය නිකම් හෙම්බිරිස්සාවක් වගේ ලෙඩක් යැයි කියන විට ලෝකයේ තවත් තැනකින්ද ඒ හා සමානම වගතුගක් ඇසෙන්නට විය.

‘කොවිඩ් කියන්නේ ඔය කියන තරම් මාරක වසංගතයක් නෙවෙයි. අපි නිකන් රටවල් වහගෙන ලොක්ඩවුන් දාගෙන ඉන්න ඕනෙ නෑ. මම මේ ලොක්ඩවුන් සියල්ලම ඉවත් කරලා දානවා. ජනතාවට බියක් සැකක් නැතුව තමන්ගේ කටයුතු කරගෙන යන්න පුළුවන්….’

මේ කතාව කියමින් සහ ඒ අනුව හැසිරෙමින් කටයුතු කළේ කවුද? ඔහු නම් එකල බ්‍රසීලයේ ජනාධිපති ජායි බොල්සොනාරෝය. රාජ්‍ය නායකයකු ලෙස ඔහුද එම භයානක සමයේදී ගත් ප්‍රතිපත්ති නිසා අවසානයේදී බ්‍රසීලයේ අහිංසක ජනතාව ලක්ෂ 09ක් කොවිඩ් මාරයා විසින් වළපල්ලට ඇදගෙන ගියේය. මෙලෙස එකම වෙලාවකදී ලෝකයේ ප්‍රධාන පෙළේ බටහිර රටවල් දෙකක රාජ්‍ය නායකයන් දෙදෙනකු කටයුතු කළ ආකාරය එකල දැඩි ලෙස විවේචනයට ලක්විය.

ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රසීලයේ ජායි බොල්සොනාරෝ එකල ‘අයියා සහ මල්ලී’ වශයෙන් උපහාසාත්මකව විවිධ පාර්ශ්ව විසින් හඳුන්වා දුන්නේය. එනම් ඔවුන් දෙදෙනා මාරක කොවිඩ් වසංගතය අවතක්සේරු කිරීම එයට ප්‍රධානතම හේතුව විය. මෙලෙස එකල රාජ්‍ය නායකයන් දෙදෙනකුගේ අමනෝඥකම නිසා එම දෙරටෙහිම ජනතාව ලක්ෂ 20ක් අමු අමුවේ කොවිඩ් මාරයා විසින් බිලිගත්තේය. එකල බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායි බොල්සොනාරෝ යනු අතිශය ප්‍රබල ට්‍රම්ප්වාදියකුද විය. ඔහු ඩොනල්ඩ් ට්‍රම්ප් මතිමතාන්තරයෙහිම එල්බ සිටියේ ඒ හෙයිනි.

අද ඔබට මෙලෙස පසුගිය කොවිඩ් සමයට අදාළව යම් වගතුගක් ලියා තැබුවේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙර බටහිරින් අසන්නට ලැබුණු සුවිශේෂ පුවතක් හේතුවෙනි. මෙම කතාන්දරය අසන්නට වන්නේ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අදාළව නොව, බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජායි බොල්සොනාරෝට අදාළවය. මෙයට දින කිහිපයකට ඉහතදී ජාත්‍යන්තර මාධ්‍ය හරහා අසන්නට ලැබුණේ ජායි බොල්සොනාරෝට එරෙහිව පැනවූ අධිකරණ නියෝගයක් ගැනය.

එනම් ඉදිරියේදී ඔහුට තම දේශපාලන කටයුතු සිදුකිරීමට එරෙහිව අධිකරණය විසින් පනවනු ලැබූ වසර 08ක තහනමක් ගැනය. ඔහුට එරෙහිව මෙම තහනම එරට උත්තරීතර මැතිවරණ අධිකරණය විසින් පනවා ඇත්තේ පසුගිය අවසාන මැතිවරණයේදී ජායි බොල්සොනාරෝ විසින් මැතිවරණයට අදාළව බොහෝ කූට උපක්‍රමයන් භාවිත කළේ යැයි පැවසෙන චෝදනාව මතය.

එනම් මැතිවරණයන් පැවැත්වීම කල්දැමීම, මැතිවරණයක් නොපැවැත්වීමට විවිධ කූට උපක්‍රම යෙදීම සහ ඒවා ක්‍රියාත්මක කිරීම, විරුද්ධ පක්ෂවල මැතිවරණ කටයුතු මර්දනය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නිර්දය ලෙස කටයුතු කිරීම ආදී කරුණු මත හිටපු ජනාධිපතිවරයා එම චෝදනාවලට වැරැදිකරු විය. බ්‍රසීලයේ මැතිවරණ අධිකරණයේ විනිසුරුවන් 07කින් සමන්විත මණ්ඩලයක් මෙම තීරණය ගෙන තිබිණි. මේ අනුව ඔහුට ඉදිරියේදී වසර 08ක් යනතුරු එනම් 2030 වනතුරු කිසිදු මැතිවරණ සහ දේශපාලනික කටයුත්තකට සම්බන්ධ වීම තහනම්ය.

2022 වසරේ පැවැති මහ මැතිවරණයේදී මෙලෙස ඔහුගේ ජනාධිපති බලතල අනිසි අයුරින් භාවිත කළේ යැයි ඔහුට චෝදනා නැගී තිබිණි. මෙම තත්ත්වය අතිශයින්ම සදාචාර විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවලියක් යැයි අධිකණය තීන්දු කර තිබිණි. මෙම අධිකරණ නියෝගය මත ජායි බොල්සොනාරෝට නැවත දේශපාලනයට පිවිසීමට හැකි වන්නේ ඔහුට වසය අවුරුදු 75ක් වන මහලු වයසේදීය. මෙලෙස ඔහු සිය ජනාධිපති බලතල අවභාවිත කරමින් මැතිවරණයට පෙර විවිධ මර්දනකාරී කටයුතු සිදුකළේ යැයි චෝදනා එල්ල වී තිබිණි.

බ්‍රසීලයේ ජනතාව ඉදිරියේ බ්‍රසීලයේ ප්‍රජාතන්ත්‍රවාදය හෑල්ලු කරමින් ජායි බොල්සොනාරෝ කටයුතු කර තිබුණේ යැයි මැතිවරණ අධිකරණය තීන්දු කර තිබිණි. අධිකරණයේ විනිසුරු මඬුල්ලේ සභාපති වන ඇලෙක්සෙන්ඩ්‍රෝ මොරායස් තම අවසන් තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ ජායි බොල්සොනාරෝට පනවනු ලබන තහනම මගින් පෙනී යන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි අධිකරණයේ ඇති ඉහළ විශ්වාසය බවයි.

වෛරී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලට එරෙහිව අධිකරණය ගත් නිර්භීත තීන්දුවක් ලෙසටද එය හඳුන්වා දී ඇත. වංචනික ඒකපුද්ගල චර්යාවන් සහ භයානක අයුරින් අසත්‍ය පතුරුවමින් මැතිවරණයේදී ඡන්දදායකයන් අතර ‘සාමූහික ව්‍යාකූල තත්ත්වයක්’ ඇතිකිරීමට හිටපු ජනාධිපතිවරයා එකල ජනාධිපතිවරයාව සිටියදී කටයුතු කළේ යැයි චෝදනා නැගිණි. පසුගිය 2022 මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ වත්මන් බ්‍රසීලයේ ජනාධිපති ලූලා ද සිල්වාගේ ජයග්‍රහණය ආපසු හැරවීම සඳහා ජායි බොල්සොනාරෝ මහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ යැයිද චෝදනා නැගිණි.

ඒ සඳහා සකස් කරන ලද කුමන්ත්‍රණ සැලැස්මක්ද අනාවරණ කරගෙන ඇත. මෙහිදී ශ්‍රේෂ්ඨාධිකණය තුළ කටයුතු කරන තමන්ට සතුරු යැයි සැලකෙන සියලු විනිසුරුවරුන් එම තනතුරුවලින් ඉවත් කිරීමටද කටයුතු කෙරෙන කුමන්ත්‍රණකාරී සැලැස්මක්ද අන්තර්ගතය. කුමන්ත්‍රණය සඳහා වූ මාර්ග සිතියමක් ලෙස පැවසෙන රහසිගත සැලැස්මක් ජායි බොල්සොනාරෝගේ ජංගම දුරකතනයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙලෙස අධිකරණය විසින් ලබාදී ඇති තීන්දුව යනු බ්‍රසීල දේශපාලනයේ නව සහ අනපේක්ෂිත අවධියක ආරම්භය සනිටුහන් කිරීමකි. කූට දේශපාලකයන් හට ලබාදුන් විශිෂ්ටතම අධිකරණ තීන්දුවක් ලෙසටද එය හඳුන්වා දී ඇත.

මේ අතර හිටපු ජනාධිපතිවරයාට එරෙහිව තවත් දූෂණ වංචා චෝදනා කිහිපයක්ද නැගී ඇත. පසුගිය සමයේදී කොරෝනා වසංගතයට අවිධිමත්, අමනෝඥ අයුරින් මුහුණ දීම, කොරෝනා වෛරස් එන්නත් සහතික ව්‍යාජ ලෙස සකස් කිරීම, සෞදි අරාබි රජය විසින් පරිත්‍යාග කරන ලද රත්‍රන් තොගය තමන් සන්තකයේ තබාගැනීම සහ තවත් විවිධ චෝදනා කිහිපයක්ද ඔහුට එරෙහිව නැගී ඇත. ජායි බොල්සොනාරෝ මෙම විෂමාචාර ක්‍රියා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු පවසා ඇත්තේ තම විරුද්ධවාදීන් තමන් පිටුපසින් පැමිණ තමාට පිහියෙන් ඇන ඇති බවයි.

දැනට 68 වැනි වියෙහි පසුවන ජායි බොල්සොනාරෝ 2019 ජනවාරි 01 දා සිට 2022 දෙසැම්බර් 31 දක්වා බ්‍රසීලයේ ජනාධිපති ධුරය දැරීය. ඔහු කලක් බ්‍රසීලියානු යුද හමුදාවේ සේවය කළ උසස් හමුදා නිලධාරියෙකි. තෙවරක් විවාහ ජීවිතයට පත්වී ඇති ඔහු, 2007 වසරේ තෙවැනි වතාවට විවාහ වූයේ ඔහුට වඩා වයස අවුරුදු 27කින් බාල වූ තරුණ කාන්තාවක් සමගය. ඇය දැනට 41 වැනි වියෙහි පසුවන මිෂෙල් බොල්සොනාරෝය.

ඒ යුවලට දියණියන් දෙදෙනකු සිටියි. 1988 වසරේදී බ්‍රසීලයේ දේශපාලනයට පිවිසෙන ජායි බොල්සොනාරෝ දැනට වසර 35ක් පුරා අඛණ්ඩව දේශපාලනයෙහි නිරතව සිටියි. බ්‍රසීල රජයේ අමාත්‍ය ධුර කිහිපයක් දැරූ ඔහු, ජනාධිපතිවරණයට පිවිසෙන්නේ 2018 වසරේදීය. එවිට ඔහු ජනතාව අතරෙහි දැඩි ජනප්‍රියත්වයකට පත්ව සිටි දේශපාලකයකු විය. මෙලෙස ඔහු 2018 ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරක කටයුතුවල නිරතව සිටින විටදී යම් සතුරු පුද්ගලයකු විසින් ඔහුට පිහි ප්‍රහාරයක්ද එල්ල කළේය.

ඔහුගේ උදරයට එල්ල කරන ලද එම ප්‍රහාරය හේතුවෙන් ඔහු ඉතා අසාධ්‍ය තත්ත්වයට පත්විය. එහෙත් මාසයක පමණ ප්‍රතිකාරවලින් පසුව ඔහු සුවය ලැබීය. ජායි බොල්සොනාරෝ 56%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර බ්‍රසීලයේ 38 වැනි ජනාධිපතිවරයා ලෙසට පත්විය. එහෙත් පසුගිය 2022 ජනාධිපතිවරණයෙන් ඔහු අන්ත පරාජයකට පත්ව ඇමෙරිකාවට පලාගොස් නැවත මෙම වසරේදී මවු රටට පැමිණියේය.

පසුගියදා බ්‍රසීලයේ අධිකරණය ලබාදුන් තීන්දුවට අනුව මෙතෙක් වසර 35ක් දේශපාලනයේ නිරතව සිටි ජායි බොල්සොනාරෝ හට දේශපාලනයෙන් සමුගැනීමට සිදුව ඇත. අධිකරණ නියෝගයට අනුව වසර 08ක් දේශපාලනයෙහි නිරත වීම තහනම් අතර, ඒ අනුව දෙස් විදෙස් දේශපාලනික විචාරකයන් ප්‍රකාශ කරන්නේ ඔහු මෙම තත්ත්වය යටතේ දේශපාලනයෙන් සමුගනු ඇති බවයි. බ්‍රසීලයේ වත්මන් මෙම තත්ත්වය අවධානයට ගැනීමේදී පැහැදිලිවම පෙනී යන්නේ වර්තමානයේදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන් පවා ජනතාවගේ ඡන්ද අයිතිය සොරාගනිමින් සහ කොල්ලකමින් කටයුතු කරන ආකාරයයි.

මෙරට ප්‍රධාන රාජ්‍ය පාලකයා පවා දැනට වසරකට ආසන්න කාලයක් පුරා මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවෙහි ඉතා තදබල ලෙස නිරතව සිටියි. ශ්‍රේෂ්ඨාධිකරණය දෙවරක් ලබාදුන් නියෝග පවා ඔහු ක්‍රියාත්මක නොකරන ආකාරය පැහැදිලිවම දක්නට හැකි විය. මෙම මර්දනකාරී ක්‍රියා පිළිවෙත මේ වන විට දෙස් විදෙස් මානව හිමිකම් සංවිධාන විසින් ඉතා දැඩි විමර්ශනයකට ලක්කර ඇත. එසේම විදෙස් මානව හිමිකම් සංවිධාන විසින් මෙරට රාජ්‍ය පාලකයාට දැඩි ලෙස අවවාද කිරීම් පවා සිදුකර ඇත. තත්ත්වය එසේ වුවද මෙරට පසුගිය කාලයේදී පැවැත්වෙන්නට තිබුණු පළාත් මැතිවරණය මේ දක්වා ඉතා සූක්ෂ්ම ලෙස අවලංගු කර දමා ඇත.

මේ අතර මේ තත්ත්වය පිළිබඳ මහජනතාව නගන පොදු හඬ පවා මර්දනය කිරීමට රාජ්‍ය පාලනය ඉතා දුෂ්ට අයුරින් කටයුතු කර ඇත. ‘ළිප ගිනි මොළවන තෙක් දිය සැළියේ – සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ’ යන පැරැණි කියමන මතක් වන්නේ මෙවැනි වටපිටාවකදීය. අද තවමත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලකයන්ට ඇත්තේ එවැනි තත්ත්වයකි. එහෙත් ගිනි ජාලාව ඇතිවන මොහොත ඔවුහු නොදකිති. අද බ්‍රසීලයේ සිදුව අති තත්ත්වය මෙයට කදිම නිදසුනකි. එසේම එය අපගේ රටේ පාලකයන්ටද පාඩමක් වනු ඇතිය.

මෙම වගතුග සිදුවෙමින් තිබියදී විදේශයකින් ආරංචි වූයේ තවත් අපූරු පුවතකි. එනම් ආසියාතික රටක් වන කාම්බෝජයේ වත්මන් අගමැති හුන් සෙන් පිළිබඳ එම පුවත ආරංචි විය. කාම්බෝජයේ දැනට වසර 38ක් පුරා අගමැති ධුරය දරමින් සිටින පාලකයකු වන හුන් සෙන් හට පසුගියදා ලොව ප්‍රකට සමාජ මාධ්‍ය ජාල දෙකක් වන ‘ෆේස්බුක්’ සහ ’ඉන්ස්ටර්ග්‍රෑම්’ වෙතින් දැඩි තහංචියක් පැනවීය.

එනම් කාම්බෝජයේ අගමැතිවරයා යනු ඉතා දැඩි ලෙස සමාජ මාධ්‍ය ජාල භාවිත කරන පුද්ගලයකු ලෙස ප්‍රකටය. ඒ අනුව ඔහු පසුගිය කාලය පුරා ඉහත සමාජ මාධ්‍ය දෙක හරහා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් වෙත යම් විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබිණි. ඔහු මෙම ක්‍රියාව කාලයක් පුරා ඉතා සාර්ථකව සිදුකළ අතර, පසුගියදා ඔහු මෙම ජාල හරහා ප්‍රකාශ කර තිබුණේ තම විරුද්ධවාදීන්ට එරෙහිව තදබල ප්‍රචණ්ඩත්වයක් දියත් කරන ලෙසය. ඔහුගේ මෙම නව ක්‍රියාවලිය ඉතා ඉක්මනින් ඉහත සමාජ ජාල හිමි ජාත්‍යන්තර සමාගම වෙන ‘මෙටා’ සංවිධානය විසින් අවබෝධයට ගන්නා ලදී.

එහිදී එම සංවිධානයේ ඉහළ පාලනාධිකාරිය විසින් මෙම තත්ත්වය ඉතා සුපරීක්ෂාකාරීව නිරීක්ෂණය කර දැඩි තීරණයකට එළඹියේය. එනම් පසුගියදා එම පාලනය වහා තීරණය කළේ අගමැති සෙන්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වහා තහනම් කිරීමටය. එසේම එම තහනම මාස 06ක් පුරා පවත්වා ගැනීමටත් තීරණය විය. අගමැති හුන් සෙන් යනු බොහෝ මානව හිමිකම් උල්ලංඝනය කළ ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකටය.

මේ හෙයින් ඔහු තම විරුද්ධවාදීන්ට එරෙහිව පසුගිය කාලයේ ආරම්භ කළ මර්දනය අවධානයට ගැනිණි. ලොව බලයෙහි සිටින ප්‍රධාන රාජ්‍ය පාලකයකුගේ සමාජ මාධ්‍ය ගිණුම් තහනමට ලක්කළ ප්‍රථම වතාව මෙය වශයෙන් සැලකෙයි. මේ නිසා ඔහු ඉතා දැඩි ලෙස අසරණ වී දැනට වෙනත් සමාජ ජාලවල පිහිට පතමින් සිටින බව වාර්තා වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සුපර්ස්ටාර් රජිනි කාන්ත් දිවයිනට! Sri Lanka Latest News

Next Post

ඇමෙරිකාවේදී අතුරුදන්ව සිටි හසිත්ගේ මළ සිරුර මෝටර් රථයකින් හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.