යම් හෙයකින් නව සන්ධානයට හංසයා ලකුණ ලබා ගත නොහැකි වුවහොත් ‘හදවත’ ලකුණින් හෝ ‘දුරකතනය’ ලකුණින් මහමැතිවරණයේදී තරග කිරීමට සජිත් පිල තීන්දු කර ඇත.
ප‌්‍රේමදාස මහතාගේ පාර්ශ්වයේ ප්‍රධානීන් අතර ඊයේ (25) පැවැති සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට තිබේ.
හංසයා ලකුණ ලබා දීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් වන බවට ලැබුණු තොරතුරු මත මෙම සාකච්ජාව පැවැත්වී ඇති බවද දැනගන්නට ඇත.








