ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීමට කටයුතු කොට ඇත.
ඒ අනුව අද (25) දින සජිත් ප්‍රේමදාස මහතාගේ සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මාධ්‍ය හමුවකටද චම්පික රණවක මහතා එක්ව සිටියේය.
මෙම නව සන්ධානය මාර්තු 02 වැනි දින නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත්, එදින අනෙකුත් සාමාජික පක්ෂ සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීමට නියමිත බවත් දැනගන්නට තිබේ.










