හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීම සඳහා ප්‍රධාන සැලසුමක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.Sri Lanka Latest News
ප්‍රධාන වර්ධන කේන්ද්‍රයන් සඳහා ‘විසල් හම්බන්තොට’ ප්‍රාදේශීය ආකෘති සැලැසුමක් සහ සවිස්තරාත්මක ප්‍රධාන සැලසුමක් පිළියෙල කිරීම සඳහා උපදේශක සේවා ලබාගැනීමේ කාර්ය සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙත පැවරීමට 2018.06.26 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
නමුත් එම තීරණය මෙතෙක් ක්‍රියාත්මක වී නොමැත.
හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය කිරීමේ කටයුතු සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට රජය මේ වනවිට තීරණය කර තිබේ.
ඒ අනුව කොළඹ නගරය හා බස්නාහිර පළාත සංවර්ධනය කිරීමට සහ නැගෙනහිර පළාත් උපායමාර්ගික සංචාරක කලාපීය සංවර්ධනය කිරීම සඳහා වන ප්‍රධාන සැලසුම සකස් කිරීමේ වගකීම ද දරනු ලබන සර්බානා ජුරොංග් පෞද්ගලික සමාගම වෙතම හම්බන්තොට දිස්ත්‍රික්කය සංවර්ධනය සඳහා ප්‍රධාන සැලසුම සකස් කිරීමට ඉඩදීම යෝග්‍ය බව හඳුනාගෙන ඇත.
ඒ අනුව එම සමාගමට මෙම කටයුත්ත පවරාදීමේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.










