මහමැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් සිය ස්ථාවරය ලබන බ්‍රහස්පතින්දා (27) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව වාර්තා වේ.
සිය ඉන්දීය සංචාරයට ප්‍රථම තමන්ට හිතවත් මන්ත්‍රීවරුන් කැදවා ඇති වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් ඇති ගැටලු විසදාගන්නා ලෙසත්, එසේ නොවුණහොත් තමන්ගේ ස්ථාවරය බ්‍රහස්පතින්දා දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
සිය ඉන්දීය සංචාරය නිමා කොට වික්‍රමසිංහ මහතා යළිි දිවයිනට පැමිණ ඇත්තේ ඊයේ (24) දිනයේදීය.










