පැන්තේරා පර්ඩූස් කොටියා හෙවත් ශ්‍රී ලන්කන් කොටියා යන සත්ත්වයා වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින ප්‍රබල සතකුගේ සිට ඊට වඩා අඩු මට්ටමකට නම් කර ඇති බවත් එවැනි නම් කිරීමක් සිදු කර ඇත්තේ කුමන දත්ත මතද? ඒ සම්බන්ධයෙන් රටම ආවරණය වන ජාතික සංගනනයක් සිදු කර තිබේද සහ රතු දත්ත පොතේ එවැනි කොටස් කිරිම් සිදු කරන්නේ කුමන නිර්ණායක මත ද? කියා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය 5 වැනිදා පැවැති COPA කමිටු රැස්වීමේ දී විමසා සිටියේය.Sri Lanka Latest News
ජාතික සංගනනයක් නොමැතිව වන උද්‍යාන කිහිපයක සිදු කළ සංගනනයක් මත මෙවැනි කොටස් කිරීම් සිදු නොකර පූර්ණ සමික්ෂණයක් ශ්‍රී ලංකා කොටියා සම්බන්ධයෙන් සිදු කරන ලෙසත් එසේ නොමැති වුවහොත් එම සත්ත්වයාගේ ජීවිතය සම්බන්ධයෙන් අනාරක්ෂිත බවක් ඇති වන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේ ය.










