• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පූජිත් සහ හේමසිරි නිදොස් කරන්න දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලන පෙත්සම අද තුන්වැනි දිනටත් විභාගයට ගනී ! Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
පූජිත් සහ හේමසිරි නිදොස් කරන්න දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලන පෙත්සම අද තුන්වැනි දිනටත් විභාගයට ගනී ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම ඇතුළු සාපරාධී චෝදනාවලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අභියාචනා පෙත්සම අද (06) තුන් වැනි දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත්තා. (Sri Lanka Latest News)

ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, කුමුදුනි වික්‍රමසිංහ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේදී යි මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන්නේ.

මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ශ්‍රී ලංකාව තුළ බෝම්බ ප්‍රහාර 600කට ආසන්න සංඛ්‍යාවක් සිදුවී තිබෙන බවයි.

දළදා මාළිගා ප්‍රහාරය, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය ඇතුළු ප්‍රහාර ගණනාවක්ම ඒ අතර තිබෙන බවත්, එම ප්‍රහාර බොහෝමයක් සම්බන්ධයෙන් ඊට පෙර බුද්ධි තොරතුරු ලැබී තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

එහෙත් එම ප්‍රහාරවලින් පසුව මෙරට කිසිදු ආරක්ෂක ලේකම්වරයෙකුට එරෙහිව අදාළ ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් නඩු නොපැවරූ බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගත් බවට එල්ල කර තිබෙන චෝදනා ඔප්පු කිරීමට කොළඹ මහාධිකරණය හමුවේ පැවැති නඩු විභාගයේදී තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොවූ බව ද ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් සඳහන් කළා.

නඩු විභාගයෙන් අනතුරුව සිය සේවාදායකයන් නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළේ සියලූ සාක්ෂි පුළුල් ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව බවයි ඔහු පෙන්වා දුන්නේ.

බැලූ බැල්මට තම සේවාදායකයාට එරෙහිව නඩු නිමිත්තක් අනාවරණය නොවීම නිසා විත්ති වාචිකය කැඳවීමකින් තොරව ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල තීන්දු කළ බවත් එම තීන්දුව ඉතාම නිවැරදි බවත් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට ලැබුණු සියලු තොරතුරු අදාළ අංශ වෙත යොමු කිරීමට තම සේවාදායකයා කටයුතු කර ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා වශයෙන් තම සේවාදායකයාට ඉන් ඔබ්බට ගොස් කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා රටේ නොමැති අවස්ථාවක හදිසි නීතිය පැනවීම වැනි බරපතල තීන්දු ගැනීමට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිය සේවාදායකයාට බලයක් නොතිබූ බවයි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

ඉන් අනතුරුව හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා නිදොස් කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම ආරම්භ වුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ ඔහුගේ අනුගාමිකයින් ශ්‍රී ලංකාව තුල ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන බවට 2019 වසරේ අප්‍රේල් මස 4 වනදා තමන්ට ලැබුණු තොරතුරු සහ ඒ ඔස්සේ වැඩිදියුණු කරන ලද තොරතුරු එවක රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා විසින් එම මස 09 වනදා ලිපියකින් එවක පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත දැනුම් දී තිබූ බවයි.

ඒ අනුව ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිතව තිබෙන බව සඳහන් තොරතුරු ගැන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හොඳින් දැනුවත්ව සිටි බවයි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේ.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන 11 වනදා දක්වා කල් තැබුණා.

dasathalankanews

SendShareShare
Previous Post

දූෂණ විරෝධී පනත සම්මත කිරීම කල් දමන බව සුසිල් කියයි! විපක්ෂය විරුද්ධ වෙයි! විජයදාස සම්මත කරන්න එකඟ ‌වෙයි! සංශෝධන ඉදිරිපත් කිරීම 19ට කල් තියයි! Sri Lanka Latest News

Next Post

2015 ආපු ආණ්ඩුවෙ කැබිනට් පත්‍රිකාවක් පාර්ලිමේන්තුවෙදි එළියට එයි! අනුර ගැන බඩු වගයක් එළියට දානකොට ජේ.වී.පී. එකේ එක මන්ත්‍රී කෙනෙක්වත් නෑ! ෆොන්සේකා නැගිටලා මහින්දානන්දට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.