හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබාදුන් සභාපතිකම පියන්කමක් බවත්, ඇතැම් අවස්ථාවල අස්වනු රැකගන්න කුඹුරුවල පඹයන් සිටුවන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
ප්රශ්නය – ඔබතුමාලා හදපු සන්ධානයේ සභාපතිවරයා විදියට
මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා පත්කළාට විරෝධයක් තියෙනවද?
පිළිතුර – ඔව් මම විරුද්ධයි. පැහැදිලිවම මෛත්‍රීපාල සිරිසේන
ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ ලොකු විරෝධයක්
තියෙනවා. මම පහුගිය කාලෙම සටන් කලේ අපි පොහොට්ටුවෙන්
ඉල්ලන්න ඕන, මොන සන්ධාන හැදුවත් සම නායකයෝ ඉන්න බෑ,
අසමසම නායකයා මහින්ද විතරයි කියලයි. ඒ දෙකම හරි ගියා.
අද රටේ මතයක් හැදීලා තියෙනවා මෛත්‍රීට සන්ධානයේ
සභාපතිකම දුන්නට මේ සභාපතිකම නිකං පියන්කමක් වගේ. මේ
සන්ධානයේ නායකයා මහින්ද මහත්තයා. අස්වනු රැක ගන්න
කුඹුරක පඹයෙක් හිටවන්න ඕන. අපේ ජන්ද ප්‍රමාණය
රැකගන්නනම් සමහර විට පඹයෙක්ව හිටවන්නත් වෙයි. මේ
උනෙත් ඒක වෙන්න පුලුවන්. කොහොම වුනත් අපිට ශ්රීලනිපය
එක්ක ප්‍රශ්යනක් නෑ. අපිට සන්ධාන ගහන්න පුලුවන්. හැබැයි
2015 රටම පාවා දුන්න නායකයෙක් අද සුදන වගේ මේකට එන්න
හදන කොට ඒකට විරෝධයක් තියෙනවා. මේකෙදි අපට සාධාරණ
සැකයක් තියෙනවා සන්ධානයට ඇවිල්ලා ආණ්ඩුව පිහිටෙව්වාම
කඩාගෙන යයිද කියලා. ඒ නිසා ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.










