ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ ඉතා තීරණාත්මක සාකච්ජා වටයක් පවත්වා ඇති බව දැනගන්නට තිබේ.
මෙම සාකච්ජා සදහා රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක සහ එම්. ඒ. සුමන්තතිරන් ඇතුළු එම පාර්ශ්වවල නියෝජිතයන් කිහිප දෙනකු සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.
මෙහිදී ආණ්ඩුව සුළු ජාතික සහ සුළු පක්ෂවලට එරෙහිව ක්‍රියාත්මක කොට ඇතිි මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව යම් ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීම මෙම සාකච්ජාවල අරමුණ වී ඇති බව පැවසේ.
එළඹෙන මහමැතිවරණයට පෙර මෙම පාර්ශවයන් සන්ධානගත වීමේ ඉඩකඩක්ද මේ වනවිට මතුව ඇති බව දැනගන්නට තිබේ.










