වර්තමාන ආණ්ඩුව විසින් අලුත් ආයුර්වේද සංශෝධන පනතක් හරහා මේ රටේ පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයේ සහමුලින්ම විනාශ කිරීමේ ප්‍රයත්නයකට සූදානම්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට නීති රාමුවක් අවශ්‍ය බව තමන් පිළිගන්නා නමුත්,ඒ නීති රාමුව සකස් කළ යුත්තේ ආයුර්වේද වෛද්‍ය සහ පාරම්පරික වෛද්‍ය අනු ක්ෂේත්‍ර දෙකටම ගැලපෙන පරිදි බව ද විපක්ෂ නායකතුමා පැවසීය. Sri Lanka Latest News
මෙවැනි පනත් කඩිමුඩියේ ගෙන එනවාට වඩා කළ යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා සහ දේශීය වෛද්‍ය අමාත්‍ය වරයා ඇතුලු පාර්ශ්ව එක්ව මේ පිළිබඳව විධිමත් සාකච්ඡාවක් පැවැත්වීම සහ නිසියාකාරව තත්ත්වය තේරුම් ගැනීම බව පැවසූ විපක්ෂ නායකතුමා ,දැනට ඉදිරිපත් කරන්නට සූදානම්ව තියන පනත ද ඒ පාර්ශ්වයන් වහාම වහාම කියවා අවබෝධ කරගත යුතු යැයි ද පැවසීය.
ආයුර්වේද සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ගැටළු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමට අද පෙරවරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පාරම්පරික දේශීය වෛද්‍යවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.















