කතානායකවරයා කටයුතු කළයුත්තේ සියලුදෙනාගේ කතානායකවරයා ලෙස වුවත් අද දිනයේ කතානායකවරයා ඉතා පක්ෂග්‍රාහී ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන ලෙසත් කටයුතු කළ බවත් ඔහුගේ එම පිලිවෙත පිලිබදව සිය විරෝධය පල කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔහු ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කළ බව පැවසූ විපක්ෂ නායකතුමා ඔහුගේ එම පිළිවෙතට එරෙහිව විපක්ෂයේ සියලු දෙනා එකතුකර ගනිමින් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද පැවසීය.










