• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හාරලක්ෂයෙ මංකොල්ලෙන් පස්සෙ මෙන්න හාරකෝටියෙ මංකොල්ලය I Sri Lanka Latest News

July 4, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අලුත්ම චිත්‍රපටිය මෙන්න…

දන්න අයගෙ නොදන්න රඟපෑම්…

ලෝකෙම පුදුම කරන වැඩක්…

ශ්‍රී ලංකාව කාර්මික රටක්ද? කෘෂිකාර්මික රටක්ද? නැත්නම් සේවා ආර්ථිකයක් පවතින රටක්ද? එහෙමත් නැත්නම් 100%ක් සංචාරක කර්මාන්තය මතම යැපෙන රටක්ද කියන එක දැන් අපට හය හත් වතාවක් හිතන්න සිද්ධ වෙලයි තියෙන්නේ.(Sri Lanka Latest News)

ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාව කෘෂිකර්මයට පහුගිය වසර කිහිපය ඇතුළේ ඉතා අඩු බරක් යෙදවූ බව පේන්න තියෙන නිසා. ඒ නිසා කෘෂිකර්ම ව්‍යාපෘති ලංකාවේ දියත් වෙන්නේ ඉතා අකාර්යක්ෂම විදියට. කෘෂිකර්ම සම්බන්ධව මැති ඇමැතිවරු නම් කිහිප දෙනෙක් පත්වෙනවා. ඒ වගේම කෘෂිකර්මය සම්බන්ධව ආයතන සිය ගණනක් තියෙනවා.

සෑම ග්‍රාමසේවා කොට්ඨාසයකටම කෘෂිකර්ම පර්යේෂණ නිලධාරියෙක්ව පත්කරලා ඉවරයි. හැබැයි මේ සියල්ල අතරතුරේ ලංකාවේ කෘෂිකාර්මිකව කොච්චර දියුණු වෙලා තියෙනවද? අපි දන්නවා ලෝකෙ බොහෝ රටවල් කෘෂිකාර්මිකව දියුණු වෙලා තියෙනවා. ඉතියෝපියාව වගේ රටවල් අද වෙද්දී තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න කෘෂිකර්මය පාවිච්චි කළා.

ඒකට හේතුව විදියට ඔවුන් කියන්නේ කෘෂිකාර්මික වශයෙන් තමන්ගේ ප්‍රදේශවල වගා කළ හැකි බෝග හඳුන්වා දෙමින්, ඒ සඳහා ක්‍රමවේද සකස් කරමින් ඔවුන් තමන්ගේ කෘෂිකර්මය නගාසිටුවලා තියෙනවා. ලෝකෙ වතුර බින්දුවක්වත් නැති, මහපොළොවෙන් වතුර එන්නේ නැති රටවල් පවා අද කෘෂිකර්මික වශයෙන් දියුණු වෙලා තියෙනවා.

නමුත් අද වෙද්දී ලංකාව මොන මට්ටමකද කෘෂිකාර්මික අංශයෙන් ඉන්නේ? මේ ගැන කතාකරද්දී අපට එක පාරටම මතක් වෙන්නේ වෙන මොනවත් නෙවෙයි, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිතිතුමා පොහොර සම්බන්ධයෙන් ගත්ත තීරණය.

මේ තීරණය ඉතා ආන්දෝලනාත්මක එකක්. මේ සඳහා බොහෝ දෙනෙක් වගකිව යුතුයි. මේ තීරණය මේ දක්වා වැඩිදියුණු කරගන්න බොහෝ දෙනෙක් කටයුතු සිද්ධ කළා. ඒ වගේම පොහොර නිසා මහපොළොව විනාශ වීම නවත්වන්න විශාල ව්‍යාපෘති දියත් කරපු සමහර භික්ෂුන්වහන්සේලා අද ඉන්නවද නැද්ද කියලවත් හොයාගන්න නෑ. හැබැයි ලංකාවේ කෘෂිකර්මය තිබුණු තැනිනුත් පහළට වැටුණා.

ඒ අස්සේ පොහොර නැව් ගෙනාවා, ඒවාට සල්ලි ගෙව්වා. ඒ හරහා අපේ ආර්ථිකය තව තවත් වල්මත් වුණා. එතකොට අපේ නිෂ්පාදනයනුත් ඉතා අඩු වෙන්න පටන් ගත්තා. නිෂ්පාදනයන් නිසා අපි ලබාගත්ත ආදායමත් අපට නැති වුණා.

ඒ අස්සේ තවත් ප්‍රවෘත්තියක් එළියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි රජය නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයේදී සැපයුම්කරුට රුපියල් හාරකෝටි අනූඅට ලක්ෂයක මුදලක් ගෙවලාය කියන එක. මේක ගණන් බලලා හරියටම කිව්වොත්, රුපියල් හාරකෝටි අනූඅට ලක්ෂ හතළිස් හයදහස් හාරසිය හයක මුදලක් මේ විදියට ගෙවලා, මේ වර්ෂයේ ජනවාරි මස 30 වැනිදා වන විටත් අය කරගෙන නොතිබූ බව විගණන කාර්යාලය ප්‍රකාශ කරනවා.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224ක් 2021 ඔක්තෝබර් මස 18 වැනි දින ආනයනය කිරීම සඳහා සැපයුම්කරු වෙත බෝතලයකට ඇ.ඩො. 12.45 බැගින් රුපියල් විසිපන් කෝටි තිස්තුන් ලක්ෂ එක්දහස් එකසිය විසි හයක මුදලක් ගෙවා තිබුණු බව කියනවා. පසුව බෝතලයක මිල ඇ.ඩො. 10 දක්වා අඩුකරගැනීමට කටයුතු කරලා තියෙනවා.

ඒ කියන්නේ ඇ.ඩො. 2.45ක් අඩුකර ගැනීමක් සිදුකරන්න මේගොල්ලෝ සමත් වෙලා තියෙනවා. ඒ අනුව සැපයුම්කරුට වැඩිපුර ගෙවා ඇති මුදල් අයකර ගෙන නොතිබුණු අතර, සී/ස. කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ අවසන් ගිණුම් තුළ එම වටිනාකම් ලැබිය යුතු මුදලක් ලෙස ගිණුම්ගත කර නොතිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වෙනවා.

කෝප් කමිටු, කෝපා කමිටු පත්කර ගනිමින් අපි මොකක්ද කළේ කියන එක දැන් අපට ආයෙත් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා. මේකෙ තියෙන ඉතා කනගාටුදායකම සිද්ධිය වෙන්නේ 2021 – 2023 කාලය ඇතුළත අපි අතිශය අවාසනාවන්ත ලෙස අපේ ආර්ථිකය බිඳවැටුණේ ඩොලර් හිඟවීම නිසා. එක වෙලාවක් තිබුණා අපේ මහ බැංකුවට ඩොලර් සතයක්වත් නැතිව ගිය.

ඩොලර්වලින් ගෙවාගන්න බැරි නිසා අපට තෙල් නැතිවුණා. එන තෙල් නැවට ඩොලර් හොයලා ගෙවන ගානට අපි පත්වුණා. එහෙම තත්ත්වයක් යටතෙත් මේ විදියට අපට ඇයි මුදල් අයකර ගන්න බැරිවුණේ? ඇ.ඩො. 12.45ක මුදලකට නැනෝ නයිට්‍රජන් මිලිලීටර් 500 බෝතලයක් මිලදී ගැනීමට තීරණය කරලා තිබුණේ කවුද? මේ පිළිබඳ අදාළ පොහොර සමාගමේ කළමනාකාරීත්වය විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත රටේ හදිසි අවශ්‍යතාව හේතුකොටගෙන නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළ බව සඳහන් කරලා තියෙනවා.

රටේ හදිසි අවශ්‍යතාවක් නිර්මාණය වුණේ ඇත්තටම ඔබට මතක ඇති මේ පොහොර සම්බන්ධව රටේ ඇතිවෙච්ච ප්‍රශ්නය නිසා. කාබනික පොහොර ව්‍යාපෘති දියත් කරන්න පටන් ගත්තා. කාබනික පොහොර අවශ්‍යයි කියලා කිව්වා. ලංකාවට එතෙක් ගෙන්වපු රසායනික පොහොර නතර කළා.

රසායනික පොහොර නැවැත්වීමට දැඩි තීරණයක් ගත්තා, කරන්න බැරි නම් බලහත්කාරයෙන් හරි කරවන්න කියලා අපේ හිටපු ජනාධිපතිතුමා කිව්වා. එතුමා කරන්න බැරි නම් බලහත්කාරයෙන් හරි කරවන්න කියලා කරගත්ත හරියද මේ කියලා අපට මේ මොහොතේ ප්‍රශ්න කරන්න හිතෙනවා.

කොහොම නමුත් මේ වෙනකොට වැඩිපුර ගෙවලා තියෙන මුදල මහා භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු මුදලක් ලෙස ගණන් හදලා තියෙනවා. මෙහි වාණිජමය ගනුදෙනුවක් සිදු නොවූ බව සමාගම විසින් විගණනයට සඳහන් කරලත් තියෙනවා.

මේ ගනුදෙනුව සිදුවන සමයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහතාත්, රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාත් කටයුතු කළ බවත් විවිධ වෙබ් අඩවිවල සඳහන්ව ඇති බව දකින්න ලැබුණා.

එතුමන්ලා තවමත් මේ ආණ්ඩුවේත් ලොකු පුටුවල ඉන්නා නිසාත්, තනතුරු තාන්නමාන්න තියෙනා නිසාත් උන්දැලාගේ ඇස් පේනවා යැයි, කන් ඇහෙනවා යැයි අපි විශ්වාස කරන නිසාත් මේ මොහොතේදී අපි අහන්නේ රටට ලැබෙන්න තියෙන සල්ලි ටික දැන් කෝ? මේවා ගෙව්වේ ගෙදරින් ගෙනල්ලද? සාක්කුවෙන් අරගෙනද? තමන්ගේ ආර්ථිකයෙන්, තමන් හරිහම්බ කරපු එකෙන් ගෙවලා, එකතු කරගන්න බැරිව ගියානම් කමක් නෑ මහත්වරුනි, අපට දුකක් නෑ.

හැබැයි ඔබතුමාලා මේ ගෙවලා තියෙන්නේ කන්න බොන්න නැතුව ඉතුරුකරලා තියෙන සොච්චම් මුදල්වලින් යන්තම් ගැටගහගන්න රටක මිනිස්සුන්ගේ සල්ලි ටික කියන එක අමතක කරන්න එපා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් EPF එකෙන් ට්‍රිලියන 12ක් (කෝටි ලක්ෂ 12ක්) කැපෙනවා! ආචාර්ය නිෂාන් ද මෙල් බය හිතෙන හෙළිදරව්වක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

නියෝජ්‍ය කතානායකට අයත් කුලී ඉඩමක ගංජා වගා කිරීමේ ප්‍රවෘත්තිය! චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවයි! I Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.