විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීවීමේදී කැබිනට් අනුමැතිය ලැබී තිබේ. Sri Lanka Latest News
යටත් විජිතයක් ලෙස පැවති රටවලින් රැගෙන විත් නෙදර්ලන්තයේ රාජ්‍ය කෞතුකාගාරවල තැන්පත් කර ඇති කෞතුක භාණ්ඩ ඒවා හිමි රටවල් වලට නැවත ලබාදීමට නෙදර්ලන්ත රජය තීරණය කර ඇතැයි ද ලංකාවෙන් ගෙන ගොස් එරට ඇති කෞතුක භාණ්ඩ හයක් මෙරටට ලබා ගැනීමට ඉල්ලීම් කර ඇති බවද කැබිනට් මණ්ඩලයේදී කියැවිණි.










