දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම, සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනාව ලබන සතියේදී හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට යොමු කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
ඒ අනුව ඊට මුදල් කමිටුවේ අනුමැතිය ලබා ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් ඊයේ පැවැති විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටුවේ රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබූ අතර එහිදී ඊට විරෝධය පළ කිරීමට පොදු විපක්ෂය තීරණය කර තිබිණ.
එමෙන්ම අද පැවැති සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මෙම යෝජනා දෙක ඇතුලු අහිතකර කොන්දේසිවලට විරෝධය පළ කිරීමට තීරණය කොට තිබිණ.










