අද (18) පස්වරුවේ දළදා මාලිගාවට අයත් ආරක්ෂිත කලාපයේ පිහිටි රජ වීදිය ඔස්සේ දළදා මාළිගා පරිශ්‍රයට ඇතුළු වන්නට ගිය මහනුවර මහනගර සභාවට අයත් කසල ප්‍රවාහන ලොරි රථයක තිබී ටී 56 ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ කොපු 32ක් සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)
කසල ප්‍රවාහන රථයේ රියදුරු සහ රිය සහායක දෙදෙනා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
රජ වීදිය පොලිස් මුරපොලේ නිලධාරීන් මෙම ලොරි රථය ඇතුළුවීමට පෙර කළ පරීක්ෂාවක දී ලොරි රථයේ තිබූ කුඩා ප්‍රමාණයේ පොහොර උරයක මෙම පතොරොම් කොපු තිබී හමුවී තිබේ.
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායකගේ අධීක්ෂණය යටතේ දළදා මාලිගා පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. සේනාධීර ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
lankasara











