සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් බවට පත්කිරීමේ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
රටේම එවැනි පාලන ව්‍යුහ වෙනස් කිරීමේ අවශ්‍යතා සළකා බලා සියල්ල එකවර සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මීට අමතරව ආණ්ඩුවේ මෙම තීරණයට පසුගිය දින කිහිපය තුළ ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන්ම විවිධ විරෝධතා පැන නැගී තිබිණ.










