• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වචන දෙකෙන් හමුදා දණගස්වන මහා සංඝරත්නය I Sri Lanka Latest News

June 13, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජූලියස් සීසර්, නැපෝලියන් බොනපාට් සහ මුසෝලිනී සහ ධර්මාශෝක වීමට පෙර (චණ්ඩ) අශෝක යන පිරිස් රණවිරුවන් ලෙස ඇතැමුන් හඳුන්වනු ලැබූවත් ඇත්ත වශයෙන්ම මිනිස් ඝාතකයන්ගේ ගණයට අයත් මේ සත්ව කොට්ඨායට ඒ සඳහා (මිනිසුන් මැරීමට) හමුදාව නමින් හඳුන්වනු ලබන මස්වැද්දන් කණ්ඩායමක්ද ගාල්කරගෙන සිටියෝය.(Sri Lanka Latest News)

මොවුන් සන්තකයේ නිරන්තරයෙන්ම කඩු, කිණිසි, තෝමර, හෙලි, යගදා සහ පසු කලෙක ගිනි අවිද තිබිණි. මේ මනීමරුවන් සමග හැප්පෙන්නට හැකි වූයේ මේ අන්දමේම හැතිකරයකට පමණක්ය යන මතයක් ද පැවතිණි.

එහෙත් ඔය මොන අන්දමේ දළකාරයකුගේ නායකත්වයෙන් පැවැති ලක්‍ෂ ගණනාවක හමුදාවක් වුවත් නිරායුධ එක සෙබළකුට “වචන දෙකකින්” පමණක් එක මොහොතකින් දණගැස්සිය හැකි නැතහොත් නිහඬ කළ හැකි බලගතු මන්ත්‍රයක් දත් හමුදාවක්ද උන්හ.

කිසි දිනෙක අවියක් අත නොදැරූ, එමෙන් නොදරන, එසේම නොදරන බවට දිවුරා පොරොන්දු වූ මේ හමුදාව සතු මහා බලගතු මන්ත්‍ර රාජයා වනාහි “නමස්කාරය කියන්න” යන්නය.

එහෙත් තුන්ලෝකයටම අණ දුන් මේ හමුදා නායකයා “ෆීල්ඩ් මාර්ෂල්” තනතුරට වඩා දසදහස් ගුණයකින් ඉහළ තනතුරක් දැරූවෙකි. “යුනිෆෝම්” එක කසාවත පමණි.

නම ගෞතම බුද්ධය.

අද පවා ලොව සොලවන මේ හමුදාවේ බලය නොදත් කෙළතොල්ලන් උන්නකල් ඇති වී (මරණයට ළංවී) කෙළින අවකෙළි දකින කල්හි එකක් කිව යුතුය.

“තෙපි සෙල්ලං කරන්නේ මාරයා සමග බව දැනගනියව්.”

මිහින්තලේ රාජමහා විහාරාධිපති වලවාහැංගුණු වැවේ ආචාර්ය ධම්මරතන නායක හාමුදුරුවන් වහන්සේ පොසොන් උත්සවය අවසන සමස්ත ජාතිය අමතා අනුශාසනා කරන කල්හි සලිත චලිත කම්පිත නොවූ එක පපුකැනැත්තක් හෝ නොවූ තරම්ය.

උන්වහන්සේ සතු අධිෂ්ඨාන ශක්තිය මහමෙර පවා සොලවාලීමට හැකි බව රටට ජාතියට ලෝකයට පසක් කෙළේය. එසේ නම් උන්වහන්සේගේ ඒ ශක්තිය බලය ඉදිරියේ මේ “පුබ්බඩයන්” කවුරුන්ද?කෝඳුරුවෝය.

ආණ්ඩුවෙන් දුන් “පාක්කුඩය” ආපසු දීම වනාහි මූණට දමාගැසීමකට දෙවැනි නැත. උන්වහන්සේ මේ පුණ්‍යෝත්සවයට ආණ්ඩුවේ කිසිවකුට ආරාධනා නොකිරීමම තෙපි නොවූවාට මේ රටේ මහජනතාව සිටිත් යැයි යන්න හොම්බට ඇන පැවසීමකි.

උන්වහන්සේ පාත්තරය රටටම දිගු කළේ මහජනතාව කවරදාත් මහා සංඝරත්නය සමගය යන්න නරුමයන්ට පෙන්නා දීමට විය හැකිය. එය එසේම ලෝකයම ප්‍රත්‍යක්‍ෂ කරගත්හ.

උන්වහන්සේ අවසාන පින් අනුමෝදනාවේදී මහා සිංහ නාදයක්ද කළහ. ඒ, රටේ පාලක පක්‍ෂය අරබයා ‘පත්ත නික්කුජ්ජේයිය’ කර්මය පනවන බවටය.

මෙහි අර්ථය පාත්තරය යටිකුරු කිරීම බව සාමාන්‍ය අර්ථයය. තමන් වහන්සේ අකැමැති ගිහි කෙනෙකුන් දානය පිළිගන්වන කල්හි පාත්තරයේ මුවවිට (කට) දකුණතින් ආවරණය කිරීම (වැසීම) එහි පිළිවෙත වේ. ඉන් මහා අලි ඇතුන් (බලවත් පුරුෂයන්) දණ ගැස්ස විය හැකි දැවැන්ත ක්‍රියාවක් බව දහමේ පැහැදිලි කර ඇත. ඇත්ත වශයෙන් එය අධ්‍යාත්මික (මානසික) වැට්ටවීමකි.

බුදුන් විසින් පනවන ලද දණ්ඩනයක් (දඬුවමක්) වුවත් බුදුන් ධරමාන (ජීවමාන) කාලයේ කවරකු අරබයා පැනවූයේද? යන්න ගැන තොරතුරු සොයා ගැනීම නම් උගහටය. අසන්න ලැබුණු අන්දමට ලංකාද්වීපයේ මේ දඬුවම දී ඇත්තේ සීගිරි කාශ්‍යප රජතුමාට බව කියැවේ. ඒ, ඔහු මහා සංඝරත්නය බිඳවූ බව කියන කරුණක් හේතු කොටගෙන බව පැවසේ.

පත්ත නික්කුජ්ජේය්ය කර්මය කළ යුතු බව එක් හාමුදුරුවන් වහන්සේ කෙනකුට පමණක් ගතහැකි තීන්දු තීරණයක් නොවේ. සමස්ත සංඝ සමාජයම එක්ව තීරණය කළ යුත්තකි.

මේ විනෙය්ය ජනයකු (හික්මවිය යුත්තකු) හික්මවීම සඳහා පනවනු ලබන්නකි. හික්මවිය යුත්තකු හික්මවීම උදෙසා පැනවූ තවත් දණ්ඩනයකි “බ්‍රහ්ම දණ්ඩය”. චන්න තෙරුන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩය පැනවිය යුතු බවට බුදුන් වහන්සේ අනුදත්තේ තමන් වහන්සේ පිරිනීවීමට ආසන්න කාලයේය.

ඒ, බුදුන් වහන්සේ ගිහි කල චන්න ඇමැතිවරයා වශයෙන් සිටි තැනැත්තා චන්න තෙරුන් ලෙස පැවිදිව සිටියදීය. චන්න ඇමැති තෙමේ ද බුදුන් උපන් දවසේම උපන්නෙකි. ධර්මයේ (බෞද්ධ සාහිත්‍යයේ) සඳහන් අන්දමට යශෝධරා දේවියද, කන්තක අශ්වයාද බුදුන් සිද්ධාර්ථව උපන් දිනයේම උපන්නෝය. බ්‍රහ්ම දණ්ඩය එසේ පනවන ලද්දේ චන්න තෙරුන්ගේ අභිමානය (අහංකාරකම) සිඳ බිඳ දැමීම සඳහාය.

“දැංනං කවුරුත් එයි අපේ බුදුහාමුදුරුවො, අපේ බුදුහාමුදුරුවො කියල. ඒ දවස්වල කවුරුත් හිටියෙ නෑ. මමයි එතුමා බුදුවෙන්න එක්ක ගියේ. මම නැත්තං එයාට බුදුවෙන්ඩත් බෑ” චන්න තෙරුන්ගේ කතාව එසේ විය. උන්වහන්සේට කොතෙක් අවවාද අනුශාසනා කළත් ඒ අභිමානය හෙතෙම අත් නොහළේය. චන්න තෙරුන්ට රහත්වීමේ හේතුප්‍රත්‍ය ඇති නියාව දැන සිටි බුදුන්වහන්සේ තමන් වහන්සේ පිරිනිවීමෙන් පසුව උන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩය පනවන ලෙසට අනුදත්හ.

වත්මනේ මහා වංසෙන් සිටින මහ ලොකු රාළලා චූලවංශිකයන් කිරීමට ඔය බුද්ධ නියමයන් හොඳටම සෑහේ. පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නයයි.

බුදුන්වහන්සේ ද “චරිත භික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය, ලෝකානුකම්පාය” ලෙසින් දෙසූ සේක.

“දළ දිග ඇතුන් බය කවදත් කටුස්සටයි” යන්න ගැමි වහරේ එන්නකි. එසේම “ඕනෑම දළකාරයකු (දළ ඇතෙකු) හෙණ්ඩුවට බය බවද එවන් කියමනකි. පොල්ලට ලොකු වළං නැති බව ද ඊට සමානය.

“දිවවෙන මිහිර පවතී කැත කොවුළු තුඩේ
මුතු කැට සැදෙයි දිය යට බෙල්ලකුගෙ බඩේ”

මහා බලවන්ත දේශපාලනඥයන් බිහිකෙරෙන බලය තියෙන්නේ පඩංගුවකට යටවුණු කුටියකදී ගහන කතිරයකය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ෂාෆ්ටර්ගේ දුරකතන අංකය දිගටම පාවිච්චි කරන්න බිරිය උසාවියෙන් අවසර ඉල්ලලා! රහස් පොලිසිය විරුද්ධ වෙලා! මහේස්ත්‍රාත්වරිය දීපු තීන්දුව! I Sri Lanka Latest News

Next Post

පොහොට්ටුවේ විරෝධයෙන් පසු හෙට හවස 5ට ආණ්ඩුවෙන් යළිත් රැස්වීමක් කැඳවයි! මේ පාර සියලුම පක්ෂවලට එන්න කියයි! I Sri Lanka Latest News

MORE NEWS

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

Load More
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

කොටගල ප්‍රා.සභා මන්ත්‍රීට මාලිමාවේ පිරිසක් පහරදී ඇති බවට චෝදනා. Sri Lanka Latest News

Read more
ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.