• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීවරය දමාගත් ඇතැමුන් ශාසනය විනාශ කරද්දී බුදු දහමෙහි සැබෑ අරුත ලොවට කියා දුන් පොප් රැජින ටීනා I Sri Lanka Latest News

June 10, 2023
in Exclusive, Heart, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොප් සංගීත කලාවේ කවදාවත්ම අමතක නොවෙන මනරම් මතක සටහන් තැබූ පොප් රැජින ටීනා ටර්නර් පසුගිය මැයි 24 වැනිදාවේ සිය ජීවිත වේදිකාවට සමුදී මළවුන් අතරට පියමැන ගියාය.(Sri Lanka Latest News)

අවසන් හුස්ම පොද විශ්වය මත පාකර හරින කොට ටීනා හිටියේ වයස අවුරුදු අසූ හතරේය.

එක්දහස් නවසිය තිස්නවයේ නොවැම්බර් 26 වැනිදා ඉපදුණු ටීනාට කතෝලික පල්ලියේ බෞතීස්ම යේදී ලැබුණේ ඇනා මේයි කියන නමයි. තාත්තාගේ පෙළපත් නාමයට අනුව ඇය ‘ඇනා මේයි බුලොක්’ (Anna Mae Bullock) වුණාය.

ඇනාට තිබුණේ හරිම අමුතු කටහඬක්. එය ඔපෙරා සංගීත කලාවට නෑකම් කීව අමුතුම ආකාරයේ ගැඹුරු මිහිරක් තිබුණු හඬක්. ඒ සුවිශේෂ හඬ බොහෝ දෙනකු හඳුනාගත්තේ ඇය පල්ලියේ ගීතිකා කණ්ඩායමට එකතු වුණාට පස්සෙයි. ගීතිකා මෙහෙයවපු ප්‍රධාන පාදිලිතුමා බාලිකාවක වයසේ සිටි ඇනාට මයික් එක ළඟම තැන හැමදාමත් දුන්නෙ ඇගේ ගාම්භීර හඬට පල්ලියේ බැතිමතුන් ප්‍රිය කළ නිසයි.

පල්ලියේදී ගීතිකා කියපු ඇනා පාසලේදීත් ජනප්‍රිය ගායිකාවක් වුණා. දක්ෂ ගායිකාවක වීමේ හැකියාව තමාට තියෙන බව හොඳින්ම පැහැදිලි කරගත්ත ඇනා, එය දියුණු කරගැනීමට අවශ්‍ය මාර්ගය යොදාගන්න උත්සුක වුණේ තමාට තදින්ම පිහිටා තිබුණු ඉදිරිපත් වීමේ හැකියාවද අවියක් කරගන්නා අතරමයි. හෙමින් ගමනක් අවධානයෙන් යන මඟකදී තමයි ඇනාට ලුයිස්වල ‘ද කිංග්ස් ඔෆ් රිදම්’ (The Kings of Rhythm) සංගීත කණ්ඩායමට බැඳෙන්න වාසනාව පෑදෙන්නේ.
‘ඇනා කියන නම නම් හරියන්නේ නැහැ. මම ඔයාට ‘ටීනා’ කියන නම දෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්…’

අවුරුදු 21ක් වයසැති තරුණ ඇනාට එහෙම යෝජනාවක් කරන්නෙ සංගීත කණ්ඩායමේ හිමිකරු ‘අයික් ටර්නර්’ විසිනුයි. ‘ද කිංග්ස් ඔෆ් රිදම්’හි යාවජීව සාමාජිකාවක වූ ඇනා, ටීනා වන්නේ ඒ විදියටයි. ලෝකය පුරා අදටත් ජනප්‍රිය අයික් සහ ටීනා විසාන් එදා ගායනා කළ ආදරය පිරුණු යුග ගීතයක් වූ ‘Fool in Love’ ගීතය මහා විශාල ජනප්‍රියත්වයක් ලබාගනිමින් ‘බිල්බෝඩ්’ දර්ශකවල සැලකිය යුතු ස්ථානයක් හිමිකර ගනිද්දී ඔවුන් දෙදෙනාට ග්‍රැමී සම්මානයද හිමිවූයේ නොසිතූ ලෙසිනි. මේ සියල්ල තමාට ලැබෙන්නේ ඇනා ලෙසින් තමා වෙත පැමිණ සිටින ටීනාගේ වාසනා මහිමය නිසා යැයි සිතූ ඇය පස් වතාවක් විවාහ වී පසුව දික්කසාද වී හිටපු අයික් ටර්නර් තමාට වඩා වසර ගණනාවකින්ම බාල ටීනාව විවාහ කරගත්තේය. ටීනා ටර්නර් ලෙස ඈ පොප් සංගීත කලාව තුළ ජනප්‍රිය වූයේ එලෙසින්ය.

Sri Lanka Latest News

රළු ගති ඇති කෲර සැමියකු වූ අයික් වෙතින් පසු කලෙක වෙන් වුවද, ජනප්‍රිය සුවිශේෂ තරුවක ලෙස තනි ගමනක යෙදුණද, තවත් වතාවක් වෙනත් අයකු සමග විවාහ වුවද ටීනා නම් මේ සුප්‍රසිද්ධ සම්මානනීය ගායිකාව ‘ටර්නර්’ යන තම වාසගම වෙනස් නොකළාය.

‘ටීනා ටර්නර්’ ලංකාවේ රසිකයන් අතර නම රඳවන්නේ ලංකාවේ රසිකයන් හරියටම ඇයව හඳුනාගන්නේ රූපවාහිනිය ලංකාවේ ප්‍රසිද්ධ වූ අසූව දශකයේය. ඒ, Pop in Germany සංගීත වැඩසටහන හරහාය. අමුතුම තාලේ ඇඳුම් පැලඳුම් සහ කේශ විලාසිතාවන් සමග ටීනා ටර්නර්ගේ ගැඹුරු හඬ සුවිශේෂව පිරිමි සිත් උන්මාදනීය කොට තිබිණි.

වයස අවුරුදු පනහ පසුකොට යෑමේදීත් ටීනා ටර්නර් ස්ටේජ් එක පුරා තරුණ වාදකයන් සහ ගායකයන් සමග රඟන්නට ගත්තේ වයස දහඅටේ විස්සේ දඟකාර කෙල්ලක සේ, ‘මම වයසට යන්නේ මගේ කය නිසයි. හිතින් මම තවමත් බොහොම තරුණයි. මම අවුරුදු අසූවක වයසට ගියාය කියන්න… ඒ කොයිතරමට මහලුව ගියත් කවදාවත් ඒ මැහැල්ලට මට මගේ ජීවිතය යටත් කරගන්න හෝ මම සිතන පතන විදිය මහලු කරන්න ඉඩ දෙන්නේ නැහැ…’

ටීනා ටර්නර් මෑතක් වනතුරුම ප්‍රසිද්ධියේ කියපු කතාවක් විය. සතුටින් හිනාවෙලා හිටියට ග්‍රැමී සම්මාන 8ක් දිනාගත්ත මේ පොප් රැජිනගේ ජීවිතයේ බොහෝ දුක්මුසු අවස්ථා තිබුණා. ටීනාගේ ළමා කාලය කටුකයි. පළමු විවාහය හමුවේ ඇයට දිවි ගෙවන්නට වුණේ පෙම්වතා ලෙස ඇයට ආලය කළ අයික් සමග නෙවෙයි. කසාද ජීවිතය තුළ අයික් ටීනාට සැලකුවේ සතෙකුට වගෙයි. එයට පසු දෙවැනි විවාහයද ඇයට අවැසි සැනසීම ගෙන ආවේ නැති ගානටයි ඇය කල් ගෙවූයේ.

ඒ වාගෙම ටීනා සිය කුසින් වැදූ පුතුන් දෙදෙනා අවස්ථා දෙකකදී ගැටවර වයසේදීම රිය අනතුරුවලින් තුවාල ලැබ මරණයට පත්වෙනවා.

‘ජීවිතයේ බොහෝ දුක්මුසු තැන් ඔබ මෙතරම් උපේක්ෂාවෙන් දරාගත්තේ කොහොමද…?’

මාධ්‍යවේදියකු ප්‍රසිද්ධ සම්මුඛ සාකච්ඡාවකදී ටීනා ටර්නර්ගෙන් දවසක් එහමෙ අහනවා.

‘ඔබ බුදු දහම අදහනවද? බුදු දහම වැලඳගන්න, එය අදහන විට ඔබ මගෙන් ඇසූ ප්‍රශ්නයට ඔබට උත්තර ලැබේවි…’

ටීනා තමා ඉදිරියේ සිටින මාධ්‍යවේදියාට එහෙම කියන්නේ හරිම ප්‍රසන්න පෙනුමක් මුහුණට නගාගෙනයි.

‘ඔබ බුදු දහම වැලඳගත්තේ දුකෙන් මිදෙන්නද…?’

මාධ්‍යවේදියා ආයෙම අහනවා.

Sri Lanka Latest News

’ඔබ සම්පූර්ණයෙන්ම වැරැදියි. මම බුදු දහම වැලඳගත්තේ එහි දර්ශනය මගේ හිතට ප්‍රසන්න වූ නිසයි. දුක කියන්නෙ මොකක්ද? සතුට අත්විඳින ආකාරය කුමක්ද? අතහැරීම යන්නෙහි පැහැදිලි තේරුම කොයිකද? දරාගැනීම වෙනුවෙන් සිත දමනය කරගන්නෙ කොහොමද කියන සිතුවිලි තුළ මම සිත දියුණු කරගත්තේ බුදුදහම ඇදහීම තුළිනුයි. බුදුන් වහන්සේගේ චරිතය හරහා මම ඒ සියල්ල පසක් කොට ගත්තා…’

බටහිර පන්නයට ඇඳලා හිටියත් ටීනා ටර්නර් තම අදහස් එලෙස ප්‍රකාශ කෙරුවේ බෞද්ධ මෙහෙණියකටත් වඩා අපූරුවටයි.

‘හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්’ කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන ගමේ කියමන මෙතැනදී මතක් වෙනවා. එහෙම කියන්නේ සමහර ප්‍රසිද්ධ මිනිසුන් හිතෙයි බඩෙයි පපුවෙයි එක එක ජාතියෙ අහුකොන් තියාගෙන බොරු බණ පද දෙසන නිසයි. සුද්දියක් වුණත් ටීනා ටර්නර් මාධ්‍යවේදියා හමුවේ බණ දෙසුවේ එහෙම බොරු පුරාජේරුවට නෙවෙයි. ඇය බුදු දහම වැලඳගෙන තිබුණේ හදවතින්මයි. බුදු දහම ඈ වැලඳගත්තේ 1980 අවුරුද්දෙදීයි. ඉතා ධනාත්මකව බුදු දහම කෙරෙහි යොමුවීම සිය ජීවිතයෙහි කේන්ද්‍රස්ථානයක් වූ බව ඇය කිහිප විටක්ම පවසා තිබුණා. හික්මවීම සහ මනා සංයමය තුළ ටීනා තම ජීවිතය විශාල වෙනසකට බුදු දහම හරහා බඳුන් කොට තිබූ බව ඇගේ මාධ්‍ය ප්‍රකාශිකා ‘බර්නාඩ් ඩොහර්ට්’ මාධ්‍ය වෙත පවසා සිටියාය.

වකුගඩු ආබාධ, පිළිකා රෝගය සහ තවත් අසනීපයන් සමග වසර ගණනාවක් රෝගීව සිටියත් ටීනා ඒ පිළිබඳ එකම එක අඳෝනාවක් හෝ විලාපයක් නගා තිබුණේ නැත.

‘රෝගීව දුකට පත්ව සිටින්නේ මගේ කය පමණයි. මගේ සිත සහ ආත්මය හරිම නිරෝගීයි. සතුට සහ අස්වැසිල්ල තුළ මම මගේ මනස ඉතා දියුණු තැනකට ගෙන ආවා. මරණය කවදා හෝ මා වෙත එනතුරු මම ඇඟිලි ගනින්නේ නැහැ. හැබැයි මම මරණයට සූදානම්…’

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවේ ටීනා ටර්නර් ඒ විදියට කිව්වේ බොහොම මෑතකදී.

‘සත්තකින් ඇය මියගියේ හරිම සාමකාමීව. පුදුම සැහැල්ලුවකින් තමයි ඈ මරණයට පෙර පැය කිහිපය ගෙවූයේ….’

බර්නාඩ් ඩෝනර්ට් මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් එලෙස කීවේ සිහින් කඳුළක්ද සමගය.

මරණය වැලඳගන්නා තුරුම ටීනා වර්නර් නම් වූ මේ පොප් රැජින නිතරම පාහේ බෞද්ධ ගාථා කියමින් වන්දනාවෙහි නියැළී සිටියාය. ප්‍රසිද්ධ කලාකරුවන්ය කියන බොහෝ පිරිස් පිළිකා වැනි රෝගාබාධ පැමිණි කල ප්‍රසිද්ධ සමාජයෙන් වසං වුවද ටීනා ටර්නර් එහෙම කළේ නැත. ඇය ඉතා සැහැල්ලුවෙන් තම ලෙඩ රෝගවලට වාගෙම මාධ්‍යයටද ලෝකයාටද අවසානය තෙක්ම සුහදව මුහුණ දුන්නාය.

මියෙන තුරුම පොප් රැජින ලෙස සිය කීර්ති නාමය රඳවාගත් ටීනා ටර්නර් සුදු ජාතික කාන්තාවක ලෙස බෞද්ධාගම වැලඳගනිමින් එලෙස එය නිවැරැදිව අදහමින් තම ආධ්‍යාත්මය දියුණු කරගත් අසිරිමත් ආකාරය බෞද්ධයන්ට හරි අපූරු ආදර්ශයක් නොවේද?

ඇත්තෙන්ම කියනවා නම් පුංචිම පුංචි සිත් තැවුලකටත් දිවි නසාගන්නා මිනිසුන්ටද, පෝයකටවත් පන්සලකට නොයන බුදු දහමෙහි නියම වටිනාකම හරිහැටි වටහා නොගන්නා බෞද්ධයන්ටද ලොවට පෙනෙන සේ මේ ලෝක ප්‍රකට කාන්තාව දුන් ආදර්ශය මිල කළ නොහැකිය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් සජිත් හමුවන්න විපක්ෂනායක කාර්යාලට එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‘රාජ්කුමාරී පාට් ii’ ආවා! පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සමන්ත කුමාරගේ සිද්ධියට CID එකෙන් පොලිසියේ 7ක් අත්අඩංගුවට ගනී! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.