පොසොන් සතියේ ඇරඹී ගත වූ දින තුනක් තුළ රට පුරා ගෙවල් බිඳුම්, වාහන සොරකම්, කොල්ලකෑම් හා දේපළ සොරකම් කිරීමේ සිද්ධින් හැත්තෑ එකක් වාර්තා වී ඇත.
පොලිසිවලට ලද පැමිණිලිවලට අනුව රුපියල් හාරකෝටි දහසය ලක්ෂ හත්දහස් හතළිස් නවයක (41607049) දේපළ මෙහිදී සොරකම් කර තිබේ.
මෙම දින තුන තුළ ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජනවලට ලක්වීම සම්බන්ධව පොලිසියවලට ලද පැමිණිලි සංඛ්‍යාව දහතුනක් වන අතර මින් දොළොස් දෙනෙකුම වයස අවුරුදු 16ට අඩු බාලවයස්කරුවන්ය.
මෙම කාල සීමාවේ ගෙවල් බිඳුම් 32ක්, වාහන සොරකම් 19ක්, දේපළ සොරකම් 15ක් ද ඇතුළුව පැමිණිලි 71ක් ලැබී තිබේ. කොල්ලකෑම් ගණන පහකි.
මෙයින් ගත වූ පැය 48ට ලද පැමිණිලි ගණන 44ක් වූ අතර එහිදී දේපළවල වටිනාකම දෙකෝටි හැටහය ලක්ෂ හැට එක්දහසකි.
සියදිවි නසාගැනීම් 8ක්, අතුරුදන්වීම් 13ක් මේ දින තුනට වාර්තා වී ඇත. නාදුනන මළසිරුරු තුනක්ද හමු වී ඇත.
කොල්ලුපිටිය, ස්කොපිඩ්ල් පෙසෙද පිහිටි පැෆරල් සංවිධානයේ සභාපති එන්. නව්සාඩ්ගේ නිවසේ දොරක් කඩා එහි අල්මාරියක තිබූ අත් ඔරලෝසු තුනක් හා රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ. මෙහිදී සොරකම් කළ දේපළවල වටිනාකම රුපියල් හත්ලක්ෂ පහළොස්දහසකි.
Poson stole










