ලොව ප්‍රකට ප්‍රහසනවේදියෙකු වන රිකී ජර්වේස්, ලංකාවේ මේ මොහොතේ කරළියට පැමිණ තිබෙන විහිළු, භාෂණයේ නිදහස සහ අපහාස පිළිබද සංවාදයට මැදිහත් වී තිබේ.
එය ඉතා මනරම් මැදිහත් වීමකි…!
භාෂණයේ නිදහස යන්නෙන් තවකෙකුට අවමන් කිරීමට හෝ තවෙකෙකුගේ හිත රිදවීමට ඔබට හැකි යැයි අදහස් නොවන බව නවීන් දිසානායක මහතා ට්වීටර් පණිවිඩයකින් පවසා තිබුණු අතර, රිකී ජර්වේස් මැදිහත් වෙන්නේ නවීන්ගේ එම අදහසටයි…!
නවීන්ගේ අදහසට මැදිහත් වන රිකී ජර්වේස්, නවීන්ගේ අදහස තුළ පවතින ප්‍රතිවිරෝධය නවීන් තුළින්ම එළියට ගනී.
එය එසේ මෙසේ පුතෙකුට කළ හැකි දෙයක් නොවේ. එය කළ හැක්කේ දාර්ශනිකයෙක් විහිලුකරන්නට ගත් විට යැයි අපට නම් සිතේ.
නවීන් : භාෂණයේ නිදහස යන්නෙන්, ඔබේ ක්‍රියාවන්ගෙන් හෝ ඔබ කියන දෙයින්, අනෙකාට අවමන් කිරීමට, ඔහුගේ හෝ ඇයගේ කීර්ති නාමයට හානි කිරීමට හෝ රිද්දීමට ඔබට හැකි බව අදහස් නොවේ..!
රිකී : ඔබේ මේ අදහස මගේ මගේ හිත පාරනවා..!
ඇත්තෙන්ම එය මහත් වේදනාවක්..
කරුණාකරලා ඔබේ ඔය ට්වීට් එක ඩිලීට් කරන්න..!
නවීන් : ඔබේ හිත රිදවීම ගැන කණගාටුයි මිත්‍රයා..
නමුත් මට මගේ ට්වීට් එක ඩිලීට් කරන්න බෑ.
මගේ ට්වීට් එක මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය..!
රිකී : හං හං හා . . .ඔබ අහු වුනා…!
(මෙහිදී රිකී ජර්වේස් පෙන්වා දී ඇත්තේ නවීන්ට අදහස් දැරීමේ අයිතිය හා සමානම අයිතියක් අනෙක් අයටද ඇති බවය.?

ricky gervais Naveen Dissanayaka










