අද (29) සහ හෙට (30) යන දෙදින තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. (Sri Lanka Latest News)
මෙම උණුසුම් සහිත කාලගුණයෙන් සිදුවන පීඩා අවම කරගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසයි අදාළ නිවේදනයෙන් එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.










