• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඕඩර් නෑ! 18%කින් වැටෙයි! ඇඟලුම් ක්ෂේත්‍රය හාන්සියි! I Sri Lanka Latest News

May 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇඟලුම් ක්ෂේත්‍රයත් හාන්සියි! අපනයනය ඩොලර් බිලියනයකින් පහත වැටිලා!
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකාව සහ යුරෝපා රටවලින් මෙරටට ලැබෙන ඇඟලුම් ඇණවුම් අඩු වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදය පවසයි. 

ගෝලීය වශයෙන් ඇති වී තිබෙන උද්ධමනය හේතුවෙන් මෙරටට ලැබෙන ඇඟලුම් ඇණවුම් 18%කින් අඩු වී ඇතැයි ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම පැවැසීය.

මෙම තත්ත්වය ඇඟලුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට බරපතළ ගැටලුවක් වී ඇතැයි පවසන ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ගේ සංසදයේ සභාපති යොහාන් ලෙවරන්ස්, දැනට ලැබී ඇති ඇණවුම් මාස දෙකකට පමණක් ප්‍රමාණවත් බවද පැවැසීය.

සැප්තැම්බර් මාසයෙන් පසු යළි ඇණවුම් ලැබෙනු ඇතැයි සඳහන් කළ සභාපතිවරයා මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව බංග්ලාදේශය, වියට්නාමය, කාම්බෝජය, චීනය වැනි රටවල ඇඟලුම් කර්මාන්ත ශාලාවලටද බලපා ඇතැයි ද සඳහන් කළේය.

පවතින ගෝලීය ආර්ථික අර්බුදය හා දේශීය වශයෙන් පැවැති දේශපාලන හා ආර්ථික අස්ථාවර භාවය මත වුවද 2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී සෘජු විදේශ ආයෝජන පැමිණීම 38%කින් වර්ධනයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමත් වී ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් සඳහන් කළාය.

‘‘මෙම වසරේ මේ වන විට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 604ක ව්‍යාපෘති 30ක් සඳහා අනුමැතිය දී තිබෙනවා. මෙම වසරේ ඉලක්කය ඇමෙරිකානු ඩොලර් බිලියන 02ක ආයෝජන ගැනීමයි. ඇණවුම් අඩු වූ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන්ට අවශ්‍ය සහයෝගය සහ සහන උපරිම වශයෙන් දෙනවා.’’ යැයි ඇමැති දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවැසීය.

මේ අතර ගෙවුණු මාස කිහිපය තුළ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක කර්මාන්ත ශාලා තුනක්, එවැනිම ආයතන දෙකක කර්මාන්ත ශාලා දෙක බැගින් හා තවත් ආයතන තුනක කර්මාන්ත ශාලා ද තාවකාලිකව වසා දමා තිබේ. එලෙස කර්මාන්තශාලා දහයකට ආසන්න ගණනක් තාවකාලිකව වසා දැමීම නිසා එහි සේවය කළ පන්දහසකට ආසන්න සේවකයන් හා ඒ ආශ්‍රිතව වක්‍ර රැකියාවන්වල නිරත වූ විශාල පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වී තිබේ.

කොග්ගල, මීපේ, මාතලේ, වතුරගම, අනුරාධපුර ආදී ප්‍රදේශවල එලෙස තාවකාලිකව වසා දැමුණු කර්මාන්තශාලාවල සේවය කළ ඇතැමුන්ට ඔවුන් සේවය කළ කාලයට අනුව වන්දියක් ලබා දීමටත්, තවත් සමහර ආයතන කර්මාන්ත ශාලාවේ වැඩ තාවකාලිකව වසා දමා සේවකයන්ට නිවාඩු දී මූලික වැටුප ගෙවීමටද කටයුතු කරන බව වාර්තාවේ.

SendShareShare
Previous Post

1993-2002-2015-2024? රනිල් ෆේල් කරන දෙවැනි වසර! උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! EXCLUSIVE Sri Lanka Latest News

Next Post

දුප්පත් දකුණු කොරියාව දියුණු කළ කණ්ඩායම ලංකාවට පැමිණෙයි! සජිත්ව මුණගැහෙයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News
Heart

වැඩේ කරන්න පුළුවන් නම් අනිවා කරනවා…! ඒක මගේ ඇඟටම කාවැදුණා…! සීයට පන්සීයක් මහන්සි වුණා…! හිමාලි සයුරංගි I Sri Lanka Latest News

රඟපානවා නම් මෙන්න රඟපෑම්… කාලෙකට පස්සේ ලංකාවේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයෝ එක හුස්මට බලන, සුපිරිම රංගනයක් පුංචි තිරයෙන් දැකගන්න ලැබෙනවා. ඒ වෙන...

Read more
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.