අප හිටගන්නේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව සමග ද, රට විනාශ කරන පොහොට්ටු සෙවණැලි ආණ්ඩුව සමඟ ද යන්න තීන්දු කළ යුතු බවත්, බොරුව වංචාව පිරි ආණ්ඩුව සමග හිට ගන්නට හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට සහ එම පවුලට පාර්ලිමේන්තුවට පැමිණීමට නොහැකි වුවත්, ඊයේ අනීතිකව හැසිරුණු මහජන නියෝජිතයෙක්ට පාර්ලිමේන්තු පැමිණ ඡන්දය දීමේ හැකියාව උදා කොට ඇතැයි ද ඇතැයිද විපක්ෂ නායක පැවසීය.
ජනතාවට දරාගත නොහැකි ලෙස විදුලි බිල වැඩි කොට ඇති ආකාරය පිළිබඳව පැහැදිලි කළ විපක්ෂ නායකතුමා විදුලි බිල වැඩි කොට ඇති ආකාරය සහමුලින්ම වැරදි යැයිද පැවැසීය.
කොමිෂන් සභාවේ නියෝග මඟහැර අමාත්‍ය මණ්ඩලය මෙලෙස මිල වැඩි කලේ කෙසේදැයි පැහැදිලි කළ යුතු යැයි පැවසූ විපක්ෂ නායකතුමා මේවාට එරෙහිව මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවද පැවසීය.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධ වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස පැවසීය.










