විපක්ෂයේ පක්ෂ එකමුතුවේ විධායක කමිටු රැස්වීම අදත් (22) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාට එරෙහිව ආණ්ඩුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඊට විපක්ෂයේ එකමුතුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් මූලික වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.
විපක්ෂයේ එකමුතුව මෙතෙක් ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී පුළුල් වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, විකාශන අධිකාරි පනත පිළිබඳව ද සාකච්ඡාවට ලක්කෙරුණි.












