පොලිස් සේවයෙන් තමන්ට ලැබෙන වැටුප රාජකාරි කිරීමට තරම්වත් පමාණවත් නොවන බවට සටහනක් තබා ආධුනික පොලිස් කොස්තාපල්වරයකු සේවය හැරදා ඊයේ (21) පිටව ගොස් ඇති බව වේයන්ගොඩ නුංගමුව පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ සේවය හැරදා පිටව ගොස් ඇත්තේ පොලිස් සේවයේ වසරක කාලයක් සේවය කළ පොල්ගම්පල ප්‍රදේශයේ තරුණයෙකි.
මෙම ආධුනික කොස්තාපල්වරයා පුහුණුවෙන් පසු පත්වීම ලබා නුංගමුව පොලිසියට අනුයුක්තව සේවය කර ඇති අතර, රාජකාරි කිරීමේදී ලැබෙන වැටුප සේවය කිරීමට තරම්වත් නොවන බවත්, රාජකාරියේ ඇතිවූ විවිධ අපහසුතාවලට මුහුණ දීමෙන් තමන් දැඩි ලෙස මානසික පීඩනයට ලක්වූ බවත් ඔහු සේවය හැරදා පොලිස් ස්ථානයෙන් පිටව යන අස්ථාවේ තොරතුරු සරහන් පොතේ ලියා තබා ඇති බවද වාර්තා වේ.
Lankadeepa










