මින් ඉදිරියට මුදල් ඉල්ලා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, මුදල් ඇමැතිවරයා ලෙස තමන්ට ඒ බව දැනුම් දීම ප්‍රමාණවත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.
අමාත්‍යංශ ලේකම්වරුන් සහ පළාත් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සදහන් කර සිටියේය.
කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමෙන් කාලය නාස්ති වන බව කී ජනාධිපතිවරයා මින් ඉදිරියට මේ අයුරින් එකට වාඩිවී තීන්දු තීරණ ගත යුතු බවත්, ඒවා ක්‍රීයාත්මක කළ යුතු බවත් කියා සිටියේය.










