• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාල්ල අක්මීමන පැත්තේ පාසල් ළමුන් පැහැරගෙන යන කණ්ඩායමක්! කොල්ලො දෙන්නෙක්ගේ ෆොටෝ එකකුත් එළියට එයි! පොලිසියත් ආරක්ෂාව තර කරලා! කතාව ඇත්තද? I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive
Reading Time: 11 mins read
A A
ගාල්ල අක්මීමන පැත්තේ පාසල් ළමුන් පැහැරගෙන යන කණ්ඩායමක්! කොල්ලො දෙන්නෙක්ගේ ෆොටෝ එකකුත් එළියට එයි! පොලිසියත් ආරක්ෂාව තර කරලා! කතාව ඇත්තද? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සාහ කිරීම් යනුවෙන් පසුගිය දින කිහිපයේම සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් රැසක් විශේෂයෙන්ම උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයක් සම්බන්ධ කරමින් හුවමාරු වුණා. එසේම ගාල්ල , අක්මීමන ප්‍රදේශයේදී පාසල් සිසුන් පැහැර ගැනීමට උත්සාහ කිරීමක් සම්බන්ධයෙන් ද සටහන් පෙළක් වේගයෙන් හුවමාරු වුණා.

මෙම සටහන් නිසා බොහෝ ප්‍රදේශවල දෙමාපියන් බියට පත්ව සිටින අතර ඇතැම් ප්‍රදේශයන්හි තත්වයන් ද නිර්මාණය වී තිබුණා. මෙහි පවතින බැරෑරුම් බව නිසාම මේ පිලිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප කටයුතු කළා.

සමාජ ජාලා සටහන්

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ සිසුන් පැහැර ගැනීමට කිසියම් පිරිසක් උත්සාහ කළ බවත් ,රට පුරා සිටින සිසු දරු දැරියන් ,දෙමාපියන් සහ ගුරුවරුන් ,මෙම පිරිස් පිලිබදව විමසුමෙන් කටයුතු කල යුතු බව සදහන් කරමින් සමාජ ජාලා සටහන් පැතිරුණා. මෙම අනාවරණය සිදු කලේ අක්මීමන පොලිසිය මගින් බවද එහි සදහන් කරමින්වු හුවමාරු වූ ෆේස්බුක් සටහනක් පහතින්.

එම එක සමාජ ජාලා සටහනක අන්තර්ගතයයි මේ .

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් කිහිප දෙනෙක් අදහස් දක්වා තිබුණේ මෙලෙසයි

මෙම සටහන් වට්ස් ඇප් වලද පැතිර තිබෙන ආකාරයක් දැකගන්නට ලැබුණා.

මේ ආකාරයේ තවත් සමාජ ජාලා සටහනක් පැතිර ගියේ මේ අයුරින්.

මේ පිලිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීම පහතින්.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

අප මුලින්ම මේ පිලිබදව අක්මීමන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් කරුණු විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ අක්මීමන පොලිසිය මගින් මෙවැනි ළමුන් පැහැර ගන්නා කණ්ඩායමක් පිළිබඳව කිසිඳු අනතුරු හැගවීමක් සිදු නොකළ බවයි. එමෙන්ම තම බල ප්‍රදේශය තුළ මෙවන් කිසිදු ගැටලුවක් සිදුව නොමැති බව ද පැවසූ පොලිස් ස්ථානාධිපතිවරයා, මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය සහ ගොතන ලද ඒවා බව තහවුරු කළා.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගෙන්ද විමසීමක් කළ අතර ඔහු ද පැවසුවේ මෙම සමාජ ජාලා සටහන් සම්පුර්ණයෙන්ම අසත්‍ය බවයි. නිහාල් තල්දුව මහතා මාධ්‍ය හමුවක දී මේ දිනවල හුවමාරු වන ළමුන් පැහැරගැනීම් සම්බන්ධ පැමිණිලි සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ද පවසා සිටියේ මේ දක්වා සිදුකර තිබු විමර්ෂණවලදී ළමුන් පැහැරගැනීම් සිදුවූ බවට අනාවරණය වීමක් සිදුව නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ නිල නිවේදනය මෙතනින්.

දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ නිලධාරින් ද සමාජ මාධ්‍ය සටහන් අසත්‍ය බව තහවුරු කරයි

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු තහවුරු කරගැනීම සදහා අක්මීමන ප්‍රදේශයේ පාසල් පරිපාලන කටයුතු භාරව කටයුතු කරන ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යාපන අධ්‍යක්ෂ වරියගෙන්ද අප කරුණු විමසා සිටියා. ඇය පැහැදිලි කර සිටියේ අක්මීමන අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් සම්බන්ධව මෙවැනි සිදුවීමක් සිදුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍ය බවයි. අක්මීමන හෝ ගාල්ල අධ්‍යාපන කලාපයට අයත් කිසිදු විදුහල්පතිවරයෙක් විසින් හෝ දෙමාපියන් විසින් මෙවැන්නක් සම්බන්ධයෙන් තම කාර්යාලයට පැමිණිලි කර නොමැති බවත් ඇය පැවසුවා. වේගයෙන් පැතිරෙන සමාජ ජාලා සටහන් නිසා , තමන් ද මේ පිළිබඳව පොලිසියෙන් කරුණු විමසා සිටි බවත් එවන් සිදුවීමක් සිදුව නොමැති බවක් පොලිසියෙන් ද තහවුරු කර සිටි බවත් ඇය පැවසුවා.

මීට අමතරව අප දකුණු පළාතේ අධ්‍යාපන පරිපාලනයට සම්බන්ධ ඇතැම් නිලධාරීන්ගෙන් මෙන්ම ගාල්ල ප්‍රදේශයේ ඇතැම් පාසල් විදුහල්පතිවරුන්ගෙන් කරුණු විමසා සිටි අතර ඔවුන් පැවසුවේ සමාජ ජාලා සටහන්වල ඇති කරුණු හැරුණු කොට මෙවන් සත්‍ය සිදුවීමක් සිදුව ඇති බව ට වාර්තා නොවූ බවයි.

කෙසේ වෙතත් මෙම සමාජ ජාලා සටහන්වල ඇති සේයාරුව සම්බන්ධයෙන්ද අප විසින් අවධානය යොමුකළ අතර ,මෙය අක්මිමන, කොට්ටව දී ඇතිවූ සිදු වීමක බව පවසමින් සමාජ ජාලා ඔස්සේ පැතිර ගියත්, පසුගිය සමයේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල පාසල් සිසුන් පැහැර ගෙන යාම් සිදුවන බවට පවසමින් දෙමළ බසින් පලවූ බොහෝ සමාජ ජාලා සටහන් බොහොමයක ද මෙම සේයාරුව දක්නට ලැබුණා.

මන්නාරම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් පැහැර ගෙනයාමට උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට මීට සති කිහිපයකට පෙර පැමිණිලි ලැබී තිබු නමුත් ඒ සම්බන්ධයෙන්වූ නිසි ආකාර සාක්ෂි සාධක සොයා ගැනීමට මෙතෙක් හැකිව නැහැ. කෙසේ වෙතත් එහි පාසල් අවට ආරක්ෂාව මේ වන විට තහවුරු කර තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තාවක් කියවිය හැකියි මෙතනින්. Archived

මෙම සමාජ ජාලා සටහන් සමග හුවමාරුවන සේයාරුව සම්බන්ධයෙන් අප මේ වන විට කරුණු විමසා බලමින් සිටින අතර ඒ සම්බන්ධ කරුණු ඉදිරි කාලයේදී යාවත්කාලින කිරීමට බලාපොරොත්තු වෙමු .

Also Read : වවුනියාවේ පාසල් දරුවන් පැහැරගෙන ගොස් ඝාතනය කරන අයුරු බවට හුවමාරු වන වීඩියෝවේ ඇත්ත කතාව!

Conclusion ( අවසාන නිගමනය )

අප විසින් සිදු කරන ලද කරුණු විමසුමේදී තහවුරු වුයේ ගාල්ල අක්මීමන ප්‍රදේශයේ  පාසල් ළමුන් පැහැරගෙන යාමට උත්සාහ කිරීමක් සිදුව ඇති බවට පළවන සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. ඒ බව අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරු මෙන්ම පොලිසියද තහවුරු කළා. පාසල් දරුවන් පැහැර ගෙන යාමේ සිදුවීමේ සිද්ධි පිලිබඳ පැමිණිලි, විශේෂයෙන්ම උතුරු පළාතේ ප්‍රදේශ කිහිපයකින් ලැබී  ඇති නමුත්, ඒ හා සම්බන්ධ කිසිදු පිළිගත හැකි සාක්ෂියක් සොයාගැනීමට මෙතෙක් හැකිව නැහැ. කෙසේ නමුත් එම ප්‍රදේශවල පාසල් අවට ආරක්ෂාව තර කර තිබෙනවා.

FACT CRESCINDO

SendShareShare
Previous Post

ඉන්නේ 120යි! ඒකෙනුත් දැනට 10ක් රට! ආණ්ඩුවට 24 වැනිදා 113 පෙන්නගන්න පුලුවන් වෙයිද? බැරි වුණොත් ‌ආණ්ඩුව ලෝක අමාරුවක! ඡන්ද විමසීම අතිශය උණුසුම්! EXCLUSIVE I Sri Lanka Latest News

Next Post

‘ප්‍රතිව්‍යුහගත’ හැලෙයි! ‘ප්‍රශස්තකරණය’ එයි! ආණ්ඩුවේ අලුත්ම ඇන්දවීම මෙන්න! බැංකු පද්ධතියම අනතුරක! තමන් හමුවන්න ආ බැංකු ‌සේවකයන්ට සජිත් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!
Exclusive

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල් ජවිපෙ අතීතය මතක් කරයි! රටේ දේශීය විදේශීය ණය වගේ දෙගුණයක් ජේවීපී එකයි කොටියි විනාශ කරලා තියෙනවා!  I Sri Lanka Latest News

Load More
අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි අදත් කළුතර මාවල ගමේ ශාඛා සමිති පිහිටුවනවා! බිම් මට්ටමින් කාන්තා-තරුණ-දිස්ත්‍රික් බලමණ්ඩල පිහිටුවනවා! දිස්ත්‍රික්කයේම ඉන්න අය එක තැනකට ගෙනත් ෂෝ එකක් දැම්මට පක්ෂයේ බිම් මට්ටම ශක්තිමත් වෙන්නෙ නෑ! සජිත් ප්‍රමුඛ සජබයේ ආණ්ඩු බලය අල්ලන වැඩපිළිවෙළ අජිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මේ වනවිට බිම්මට්ටමින් පක්ෂය ප්‍රතිසංවිධාන කරමින් සජබය ආණ්ඩු බලය අත්පත් කරගැනීමේ වැඩපිළිවෙළ දියත් කොට ඇති බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා...

Read more
සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

සජබය ආසන මට්ටමෙන් සටන පටන් ගනී! හොරොව්පොතානේදී වාහනයෙන් බහිද්දීම ගමේ මිනිස්සුන්ගෙන් ලැබුණු පිළිගැනීමට මුජිබර් හොල්මන් වෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

මේ අයට කරන්න පුළුවන් තණකොළ කපන-වැසිකිළිවලට මුල්ගල් තියන වගේ පොඩි වැඩ! ඩොලර් හොයන්න-ආයෝජන ගේන්න-රට ඉස්සරහට ගෙනියන්න වගේ ලොකු වැඩ කරන්න මේ අයට බෑ! ඒ ලොකු වැඩ කරන්න නායකයෙක් එනවා සජිත් ප්‍රේමදාස කියලා! එතුමා හොඳ රටක් හදලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක් හදන්න වෙන් කරපු නුවරඑළිය මහනගර සභා ක්‍රීඩාංගණයේ දිට්වාවලින් අවතැන්වූවන්ට පුංචි පුංචි ගෙවල් පේළියක් ගහන්න පටන් අරන්! වහාම නවත්වන්නැයි ඉල්ලීම්! PHOTOS I Sri Lanka Latest News

තෙල් නෑ! ලයිට් නෑ! අමතර වියදම් වැඩිවෙලා! ඇනවුම් වෙන රටවල්වලට යනවා! ගාමන්ට් 200ක් වහන්න ඔන්න මෙන්න! ලක්ෂ ගාණකට රස්සා නැතිව ගෙදර ඉන්න වෙන ලකුණු!

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මේ අවුරුද්දේ 7.3%කින් කඩන් වැටෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.