ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (10) සවස් වරුවේ වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරතව ඇත.
මෙහිදී බන්ධනාගාරගතව සිටින සිරකරුවන්ගේ තත්ත්වය සොයා බැලීමට පියවර ගෙන ඇති ජනාධිපතිවරයා ඔවුන්ට ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ජා කිරීමටද පියවර ගෙන තිබේ.
එම ගැටලු පිළිබදව සොයා බැලීම සදහා කමිටුවක් පත්කිරීමටද ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.










