එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධයෙන් අද සහ හෙට දින පාර්ලිමේන්තු විවාදය යොදාගෙන තිබුණද ආරම්භයේදී අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මතු කළ රීති ප්‍රශ්නයක් හේතුවෙන් සභාව ආරම්භයේදීම උණුසුම් මුහුණුවරක් ගත්තේය.
එහිදී විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේ සිංගප්පූරුවේ මේ සම්බන්ධ නඩු කටයුත්තක් ආරම්භ වී ඇති බැවින් නඩුවට හානියක් වීම හේතුකොටගෙන මෙම විවාදය පැවැත්විය නොහැකි බවත්, එසේ කරන්නේ දේශද්‍රෝහීන් බවත්, තමන්ට ඊට සම්බන්ධ විය නොහැකි බවත්ය.
විජයදාස රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශයත් සමග විපක්ෂය ඊට දැඩි විරෝධය පළ කළ අතර ගයන්ත කරුණාතිලක මහතා රීති ප්‍රශ්නයක් මතු කරමින් කියා සිටියේ කතානායකවරයාගේ අභිමතය අනුව මෙම විවාදය පැවැත්විය හැකි බවකි.
ඒ අනුව අවසානයේදී කතානායක මහිනිද් යාපා අබේවර්ධන මහතා සභාව කල්තබමින් හදිසි පක්ෂ නායක රැස්වීමක් කැදවීමට පියවර ගත්තේය.
මේ අවස්ථාව වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිටියේ වෙනත් කරුණක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තුවේ වෙනත් කමිටු කාමරයකට ගමන් කරමිනි. එහිදී මන්ත්‍රීවරු විපක්ෂනායකවරයාට මෙම අර්බූදය දැනුම් දීමත් සමග යාමට පැමිණි ගමන අතරමග නතරකළ විපක්ෂනායකවරයා හදිසි පක්ෂ නායක රැස්වීමට සහභාගී වීමට කතානායකවරයාගේ නිල මැදිරිය වෙත පැමිණියේය.
ඒ අනුව සාකච්ඡාව ආරම්භ වීමත් සමග විජයදාස නැවත වතාවක් කියා සිටියේ මෙම විවාදය පැවැත්වීමෙන් නඩුවට හානියක් විය හැකි බවත්, එම නිසා විවාදය සිදු කළ නොහැකි බවත්ය.
ඒ සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් සිදු කිරීමට ඒ මොහොතේම නීතිපති සංජය රාජරත්නම් මහතාද පක්ෂ නායක රැස්වීමට ගෙන්වීමට පියවර ගෙන තිබූ අතර නීතිපතිවරයාද නඩුව පැවරීම පිළිබදව යම් කරුණු පැහැදිලි කිරීමක් කොට තිබිණ.
කෙසේවෙතත් අනතුරුව කතා කළ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සියලු තර්ක බිදහෙළමින් දීර්ඝ පැහැදිලි කිරීමක් පක්ෂ නායකවරුන්ට සිදු කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
මෙහිදී විපක්ෂනායකවරයා නීතිමය තත්ත්වය සහ ස්ථාවර නියෝග පැහැදිලි කරමින් උදාහරණද සහිතව සිය කතාව සිදුකිරීමට පියවර ගත්තේය.
එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියෙන් පරිසරයට සිදුව ඇති දැවැන්ත හානිය පිළිබදවත්, ලංකාව පාර්ශ්වයෙන් සිදුව ඇති යම් යම් අඩුපාඩු පිළිබදවත්, අවම වශයෙන් ආණ්ඩුව නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සිදුවූ හානිය හෝ පාඩමකට ගෙන නොමැතිව පර්ල් නෞකාව සම්බන්ධයෙන් කටයුතු කොට ඇති ආකාරය පිළිබදවත් විපක්ෂනායකවරයා මෙහිදී පිරිසට පෙන්වා දුන්නේය.
විපක්ෂනායකවරයාගේ මෙම පැහැදිලි කිරීමෙන් අනතුරුව කතානායකවරයාද පෙන්වා දුන්නේ නඩුවට හානි නොවන පරිදි පරිසරයට සිදුව ඇති හානිය පෙන්වමින් මෙම විවාදය සිදුකළ යුතු බවය.
ඒ අනුව අධිකරණ ඇමැතිවරයාගේ විරෝධය නොතකා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දෙදින විවාදය සිදු කිරීමට කාතානායකවරයා එකගතාව පළකොට තිබිණ.










